February 16, 2015

Tagged Under: ,

A story of true love (Short Story)

By: Blog Poster On: 9:06 AM

සැබෑ පෙම්වත්තු කිසිදාක අති'නත නොගනිති (කෙටිකතාව) 

සර්පයා ෆේස්බුක් හි පිංතූරයක් බෙදාගෙන තිබිණි. උදයෙහි අටත් නවයත් අතර. තනිරූල් කොළයක කළු අත් අකුරින් ලියූ.
ෆුඩ් සිටි බිලක් රුක්ෂාන් ගේ අතෙහි විය. ඒ පිංතූරයෙහි වූ අකුරු පිටපත් කල, නිල් පෑනකින්. නිය ආලේපන ලූ ඇඟිලි අගින් අල්ලා, ඉලක්කම් නැති පැත්තෙහි.

රුක්ෂාන් කඩදාසිය දිග හැර බැලුවේ ය. අනතුරුව ඇය දෙස බැලුවේය. දෙවුර නැටෙව්වේය.

"පිස්සුවක්..!!"

ඇය දෙතොල උල් කලාය, ඇස් පියමින්.

"අපි දෙන්න ගැන නෙවේ අනේ..!!"

ඔහු වම් අත මිට මෙලෙව්වේ ය. ඇගේ දකුණත මැදි කරගෙන. පියවර තැබුවේ ය. සුපුරුදු මඟ දිගේ.

ඔවුහු සිමෙන්ති බංකුවක් උඩ හිඳගෙන සිටියෝ ය. වැව රවුමේ වට තුනක් ගොස්, ආදරණිය මාතෘකා සියල්ල අවසන්ව.

"ඔයා දන්නව ද ? අපෙ නගරාධිපතිත් සෑහෙන්න හොරකම් කරලා! අපෙ පාර කොන්ක්‍රීට් කරල විතරක් ලක්ෂ දෙසිය අසූවක් හම්බකරලා...!! අපේ සල්ලිනෙ නේද ?"

ඔහු හිස වැනුවේ ය. ඇය දිගටම කියෙව්වා ය.

"අපෙන් හොරකම් කරල තියෙන තරම!! ඒකෙන් දහයෙන් පංගුවක් තිබ්බ නම් මට හොඳ වෙඩින් එකක් ගන්න තිබුණා..!! බලන්නකො ඔයාගෙ ගෙදරිනුත් කැමති නැත්තෙ අපිට සල්ලි මඳි කියලනෙ..!!"

ඔහු ඇගේ හිස ඇඟිලි ගෑවේ ය. කඩදාසිය නැති අතින්. පශ්චාත්තාප වෙමින්.

ඇය ඔහු අත වූ කොලය ගත්තා ය. දිග හැරියා ය. කඳ කෙලින් කර ගත්තා ය. කොළය ඔහු වෙත පෑවා ය.

"සැබෑ පෙම්වතුන්
කිසිදා එක් නොවෙයි
එක්වූ පෙම්වතුන්
සැබෑ පෙම්වතුන් ලෙස
ජීවත් නොවෙයි
වෙන්වී ගියවුන්
සදාකල් පෙම්වතුන් ලෙසට
ජීවත් වෙයි."

ඔහු සිනාසුනේ ය. සුපුරුදු ලෙස ම. ආඩම්බරයෙන්. දෙතොල් තදකරගෙන ම.

"ඉතිං..? අපි දෙන්න ගැන නෙවෙයි කිව්වෙ?"

ඇය බැරෑරුම් මුහුණක් හදා ගත්තා ය. ඔහුගේ අත දෝතින් ගත්තා ය.

"මං හැමදාමත් ඔයාට ආදරේ..!"

දිගු හුස්මක් ගත්තා ය. පහලට හෙළුවා ය.

"නගරාධිපතිගෙ ගෙදරින් මට යෝජනාවක් එවල. එයාගෙ පුතාව! මං කිව්ව වෙඩින් එකට ලක්ෂ තිහක්වත් වියදම් කරනව නම් මං එයාව බඳින්න කැමතියි කියල.!"

අනතුරුව රුක්ෂාන්ගේ ගෙලෙහි එල්ලුණා ය. ඔහුට කිසිවක් කීමට ඉඩ නොතබා වම් කම්මුල ඉම්බා ය.

"අපේ සල්ලි අපි ගන්න එපා යැ..!"

පොලිස් නිලධරයා. ඔවුන් වෙත එමින් සිටියේ ය. සිය විසිලය අතෝරක් නැතිව පිඹිමින්.
වැව රවුම ප්‍රසිද්ධ ස්ථානයකි.

© අනිල් හේරත්

(colomboweek.com)

 

Description: True lovers never get marry
Loading...