February 18, 2015

Tagged Under: , , ,

Sri Lankan cricket team fun with wives

By: Blog Poster On: 10:44 AM

ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයෝ බිරින්දෑවරුන් සමඟ විනෝද චාරිකාවක!- (ඡායාරූප)


ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දී කෙසේ තරග වදීදැයි බොහෝ දෙනා දැඩි විමසිල්ලෙන් බලා සිටිනවා. ඒ නවසීලන්තය සමඟ පැවති පළමු තරගයේදී ශ්‍රී ලංකාව දරුණු පරාජයකට ලක් වීමත් සමගයි.

ඒ අතරතුර අප මේ ගෙන එන්නේ ශ්‍රී ලාංකීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තරගාවලියට පෙර සිය පවුලේ සමීපතමයින් සමඟ නවසීලන්තයේ විනෝද චාරිකාවක නිරත වූ අයුරුය.

ඒත් සමඟින් අප තවත් පුවතක් සටහන් කරන්නෙමු. එනම්, මේ දිනවල පැවැත්‍‍වෙ‍වෙන ‍ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ ‍වේග පන්දු යැවී‍මේ පුහුණු උප‍දේශක තනතුරට පත්කළ රුමේෂ් රත්නායක‍ගේ ‍සේවය ‍ලෝක කුසලාන තරගාවලි‍යේදී ශ්‍රී ලංකා පි‍ලේ තරග අවසන් වන ‍තෙක් දීර්ඝ කර තිබෙනවා.


ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ගත් ‍මෙම නව තීරණයට අනුව ‍පෙබරවාරි 04දා සිට 20දා දක්වා මින් ‍පෙර එම තනතුරට පත් කළ රු‍මේෂ් රත්නායකගේ ‍සේවා කාලය ශ්‍රී ලංකා කණ්ඩාය‍මේ ‍ලෝක කුසලාන‍යේදී ක්‍රිඩා කරන අවසන් දිනය දක්වා දීර්ඝ වනු ඇත. තවද රු‍මේෂ් රත්නායක මහතාට දිනකට ඇමරිකානු ‍ඩොලර් 400ක දීමනාවක් ‍දෙන බවද පැව‍සේ ඔහු මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සිල‍යේ ක්‍රිකට් සංවර්ධන නිලධාරි‍යෙකු ‍ලෙසද කටයුතු කරයි. ‍

මාලිංග, සංගා, තිරිමාන්න, තිසර පෙරේරා වැනි ක්‍රීඩයින් කිහිප දෙ‍නෙකු සිය පවුල් සමඟ නවසීලන්ත‍යේ වි‍නෝද චාරිකාවක නිරිත වූ අයුරු පහතින් බලන්න.














Description: Sri Lankan cricket team fun with wives in New Zealand
Loading...