Amazone

March 18, 2015

Tagged Under: , , ,

Gossip Chat With Lalkantha & Dilhani

By: Blog Poster On: 6:25 PM

මම කවදාවත් බිරියට ආදරේ කළේ නෑ - ලාල්කාන්ත


දිල්හානි : එතකොට විවාහ වුණේ?
ලාල්කාන්ත : විවාහ වෙන්න ආදරේ කරන්නම ඕනද?

අරු‚ :දෙන්නා මීට කලින් හොඳින් අඳුරන මිත්‍රයෝද?

ලාල්කාන්ත:පෞද්ගලිකවත් ටිකක් යාළුවෝ, හම්බවෙලත් තියෙනවා

දිල්හානි  : ඔව්, හම්බවෙලා තියෙනවා.



අරු‚ : කොහොමද දෙන්නට දෙන්නව දැනෙන්නේ?

දිල්හානි : මම ලාල්ගේ කෙළින් කතාවට පෞරුෂයට කැමැතියි. මම කැමැති දේශපාලන චරිතයක්. මම ඉතින් කැමැතියි ඒ කතා අහන්න.

ලාල්කාන්ත :  නිළියක් විදියට මාත් දිල්හානිට කැමැතියි. ඒත් මට ඔයා ගැන පැහැදීමක් ඇති වුණේ මේ ජනාධිපතිවරණයට සම්බන්ධව දීපු වොයිස් කට් එකක් අහලා.

දිල්හානි : මොනවද හිතුණේ?

ලාල්කාන්ත : මට හිතුණා ඔයාට යම් දේශපාලන දැනුමකුත් තියෙනවා කියලා. කලින් නම් එහෙම හිතුණේ නැහැ.

අරු‚: දිල්හානි රඟපාපු ෆිල්ම් බලලා තියෙනවාද?

ලාල්කාන්ත : බලලා තියෙනවා.

දිල්හානි : මොනවද බලලා තියෙන්නේ?

ලාල්කාන්ත : දැන් නම් මතක නෑ. ළඟදි නම් බැලූ‍වේ නෑ. ඒත් රංජන් එක්ක ඉන්න එකක්.

දිල්හානි : ආහ්... නිලම්බරේ

ලාල්කාන්ත : ඔව්. පරණ ඒවානේ මෙයාගේ තියෙන්නේ. හොඳම නිළියටත් තුන් හතර පාරක් තේරුණා මට මතකයි. වැඩිපුරම මෙයාගේ තියෙන්නේ මල් ගස් වටේ දුවන චිත්රාපටනේ. මම දිල්හානිගේ එහෙම හරවත් චරිත අවංකව දැකලා නැහැ.

දිල්හානි : අනේ... මෙයා... එහෙනම් ඔයා බලලා නැහැ.

ලාල්කාන්ත : ඔව්. මම බලලා නැතිව ඇති. වැඩිපුරම දැක්කේ ඒවා හරි හරි ඒකත් හරි සුන්දරයි ඉතින් හැමෝටම මල්ගස් වටේ නටන්න බෑ. ඒත් ඔයාට නම් ඒක හොඳට පුළුවන්

දිල්හානි : මල් ගස් වටේ, පාරවල් දිගේ නටනවා කියන එකත් ලේසි නෑ හැමෝටම කරන්නත් බැහැ. මට වැඩිපුර වා‚ජ චිත්රටපටවල ලැබුණේ එවැනි චරිත. ඒක අමාරු වැඩක්.

ලාල්කාන්ත : ඒක තමයි මම කිව්වේ. ඒක හරි සුන්දරයි. මම ඉතින් බලන්නේ ටිකක් විතර වෙනස් සම්භාව්යත මට්ටමේ චිත්රිපට. ස්වර්ණාගේ චිත්රඅපට බලනවා. දිල්හානිව රූපයක් විදියට මතක තියෙනවා. ඒත් රංගනය පැත්තෙන් හැදෑරීමක් වෙලා නෑ කියලා හිතුණා... චරිත ගැන නම් ම්ම්ම්...

දිල්හානි : ඇයි?

ලාල්කාන්ත : වයසේ විදියද මං දන්නෙ නෑ. මට මතකයි ඛමං ්ා එකේ හිටියා. ඒ කාලේ ලේසියෙන් නිළියකට ඛමං ්ා එකට යන්න බෑ. නිළියක් විදියට මට දිල්හානිව ඒ තරම් දැනිලා නෑ. නමුත් සුන්දරයි, ලස්සනයි, කොහොම හරි අල්ලලා ගියා ඉතින්.

දිල්හානි : මං හිතන්නේ මගේ චිත්රිපට එකසිය ගාණෙන් ඔයා තුන හතරක්වත් බලලා නැහැ. ඒකනේ ඉතින්.

ලාල්කාන්ත : දැන් නම් ඉතින් මම මෙයාගේ ඒවා බලන්න ටිකක් උනන්දු වෙනවා. මොකද දැන් යාළුකමක් තියෙනවානේ මෙතැනදි තමයි මට පෞද්ගලිකව ඔයාගේ චිත්ර්පට බලන්න හිතුණේ. අර වොයිස් කට් එකත් එක්ක.

දිල්හානි : ඒ ඇයි?

ලාල්කාන්ත : ඒ දේශපාලනමය කතාව මං හිතං හිටපු දිල්හානි කියයි කියලා මම හිතුවේ නෑ.

දිල්හානි : ඇයි කලින් හිතන් හිටියේ මොන විදියටද?

ලාල්කාන්ත : ඔයාව කලින් එහෙම දේශපාලනයත් එක්ක නාමකරණය වුණේ නැහැ. සමහර අය ඉතින් වෙන වෙන දේවල් ලබා ගන්න ඡන්දේ කාලෙට එක එක ඒවා කියනවානේ. ඒත් දිල්හානි එදා එහෙම කිව්වට අද එහෙම පස්සෙන් යනවා කියලා පේන්නෙත් නැහැ. ඉතින් මට හැඟීමක් ආවා ඒ ප්රෙකාශය සමඟ.

අරු‚  : ලාංකේය ගැහැනිය ගැන මොකද හිතන්නේ?

ලාල්කාන්ත : ගෙදරටම හිරවෙලා වැඩ ගොඩයිනේ.

දිල්හානි : අපෝ... පීඩාවට හසුවෙලා මට මං ගැනම එහෙම හිතුණා.

ලාල්කාන්ත : ඇයි?

දිල්හානි : එකම පිළිවෙළක්. උයනවා, කනවා, රෙදි සෝදනවා, ළමයි ගැන හොයනවා, මුළු ඛසෙැ එකම ඒකාකාරී වෙලා දෙවියනේ ජීවිතේටම අපි කරන්න ඕන මේ ටික විතරද? මට මේ දේවල් එපාම වෙලා.

ලාල්කාන්ත : මෙහෙමනේ දිල්හානි. ගෙදර ‍දොර වැඩපළ කරන කාන්තාව හරි හොඳයි කියලානේ මේ සමාජය හිතන්නේ. අපි පුරුදු වෙලා ඉන්නෙත් එහෙම හිතන්නෙ.

මම කියන්නේ කාන්තාව ගෙදර උයන පිහන සෝදන මේ මැෂින් ටික ගලවලා එළියට දාන්න ඕනෑ. නැත්නම් ඒ අයට වෙන මොනවත් කරන්න ඉඩක් නෑ. කොහොමද මේ ටික එක්ක හුස්මක්වත් ගන්නේ.

දිල්හානි : මම නිතරම ඉව්වේ නැතත් මට මොකක්දෝ හිරවීමක් දැනෙනවා ජීවිතය ඇතුළේ. බැරිවෙලාවත් අපිට ඒ දේවල් කඩාගෙන යන්න බෑ. එහෙම වුණොත් මගේ ගෙදර අම්මා, සහෝදරයෝ, සැමියා, සමාජය මං දිහා අමුතු සතෙක් දිහා බලනවා වගේ බලයි.

ලාල්කාන්ත : ඇත්තටම පිරිමි ඔයා දිහා බලන්නේ මොන විදියටද? අපි හිතමු ඔයා හන්දියට ගියා කියලා.

දිල්හානි : එයාලා මාව නිළියක් විදියට බලන්නේ නෑ. මොකද නිතරම හන්දිගාණේ මාව දැකලාම සාමාන්යි වෙලා. මාළු ලෑලි එළවළු ගන්න ගියාම මම ඒතැන්වල සුහදව ඉන්නවා.

ලාල්කාන්ත : ඒ තැන්වලත් රඟපානවා?

දිල්හානි : නෑ. නෑ. රඟපානවා නම් ඒ කැමරාව ඉස්සරහා. අනෙක් වේලාවට මම මංමයි.

ලාල්කාන්ත : දැන් මම දේශපාලනය කරනවා කියලා මිනිසුන් දන්නවානේ භෑඋීවලින් පත්තරවලින් දැකලා. ඉතින් මමත් එළියට බැස්සම මිනිස්සු දිහාත් බලනවා, ළංවෙන්න කතා කරන්න බලනවා, මට පිරිමියෙක් වෙලත් එහෙම නම් ඔයාට ඒ තත්ත්වේ වැඩි ඇතිනේ?

දිල්හානි : එහෙම බලනවා, කතා කරනවා තමයි. ඒත් මමත් ඉතින් ගෙදර ඉන්න විදියටම කඩේ, පොළේ යනවා. මාව ඒ අයට සාමාන්යා වෙලා. හරි ඒක වැඩක් නෑ. මේ පාර ඡන්දේ ඉල්ලනවද?

ලාල්කාන්ත : පක්ෂයෙන් කිව්වොත් අනිවාර්යයෙන් ඉල්ලනවා. හරි ඉල්ලූ‍වොත් ඡන්දෙ දෙනවද කියන්නකෝ?

දිල්හානි : ඔයා ඉල්ලූ‍වොත් අපි දෙනවා.

ලාල්කාන්ත : අපි?

දිල්හානි : නෑ. නෑ. මම. මම ඇයි ගිය පාරත් දුන්නනේ.

අරු‚  : ආදරේ ගැන මොකද හිතන්නේ.

ලාල්කාන්ත : ආදරේ ඇතුළේ අන්තර්ගත වෙලා තියෙන්නේ පෞද්ගලික ලිංගික ආලයනේ ඒක ඛෙදන්න බෑ. ˜‍සඟවාගනු මැන ඔබ රුව සොඳුරිය˜‍ වගේ තමයි ඉතින් ඕක පටන්ගත්තට පස්සේ. මට විතරයි, මගේ විතරයි.

දිල්හානි : ඔව්. මාත් එකඟයි. ආදරේදී මාත් හරිම ඊර්ෂ්යටයි. මම හරි සංවේදියි. මගේ ආදරය වෙන කෙනෙක් එක්ක කතා කරනවා ඇති, හිනාවෙනවා ඇති, ඔය වගේ සියුම් ඉරිසියානම් ඇති වෙනවා. මම ඒක කියලත් නෑ. කියන්නෙත් නෑ. හිතේ තියන් ඉන්නවා. මම හිතන්නෙත් ඒක පෞද්ගලික තණ්හාව.

ලාල්කාන්ත : ඒක ඉවර වුණොත් ආදරය කියන සංකල්පයම ඉවරයි.

අරු‚  : ඉතින් පෙමින් නොබැඳී පෙම් කළා නම් හරිනේ.

ලාල්කාන්ත : ඒ කිව්වේ. අයිතියෙන් තොරව භුක්ති විඳීමද? මෙහෙමයි මට මෙහෙම පුරුද්දක් තියෙනවා. දැන් මට වාහනයක් තියෙනවා. ඒක අයිති මට නෙවෙයි. ගෙයක් තියෙනවා. අයිති මට නෙවෙයි. නමුත් මම භුක්ති විඳිනවා. අයිතිය කියද්දීම ඒක පෞද්ගලික වෙනවා.

අරු‚  : හරි ඒ වාහනේ, ගේ, අයිති කෙනාට පවරන්න වෙනවානේ කවදාහරි.

ලාල්කාන්ත : ආදරේ කියන්නේ පොතේ ලියන එකම නෙවෙයිනේ. ආධ්යාවත්මිකව තමන්ගේ කරගන්නත් පුළුවන්. ලිංගික සබඳතා සඳහා කීදෙනකු ඇසුරු කරන්න පුළුවන්ද බැරිද මම දන්නේ නෑ. නමුත් ආදරේ කරනවා නම් එක් අයකුට විතරයි. වැඩි තීව්රෙතාවය යොමුවෙන්නේ.

දිල්හානි : ඔව්. ඒක ඇත්ත. ඒක එක් අයකුට ත‍දජමි වෙනවා.

දිල්හානි : ඇත්තටම මාත් ඊයේ දවස පුරාම හිතුවා ආදරේ කියන්නේ මොකක්ද කියලා. මගේ අතීතයේදී මට පෙම් සබඳතා කිහිපයක් තිබුණා. නමුත් මට හිතෙනවා ඒවා ඇත්තම ආදරේද කියලා. ආදරේ කියනදේ ගැඹුරටම දැනෙන විදිය මම තවම හොයනවා. ඒක ටිකක් විතර හිත රිද්දවන දෙයක්.

ලාල්කාන්ත : මම මුලින්ම ආදරේ කළේ 11 වසරේදී 9 වසරේ නංගියෙක්ට. එතකොට මාත් පොඩි මල්ලි කෙනෙක්නේ. ඒත් ඒක වුණේ නෑ. නොවුණු එක හොඳයි. මම හිතන්නේ අත්පත් වුණා නම් ඒ ආදරේ අද ඇත්තෙන් නෑ.

දිල්හානි : ඒ කියන්නේ එයාට තාම ආදරේද?

ලාල්කාන්ත : නෑ නෑ. මම කියන්නේ එතැන තියෙන්නේ මනසින් ගොඩනඟපු දේ විතරනේ, ඊගාවට එකතු වුණාමනේ ජීවිතේ එතැනට එන්නේ. එතකොට තමයි එකට ගමනක් යන්න පුළුවන්ද බැරිද තේරෙන්නේ.

අරු‚  : බිරියට තවම ආදරෙයිද?

ලාල්කාන්ත : එයා දන්නවා මම කවදාවත් ඇයට ආදරේ කළේ නෑ කියලා.

දිල්හානි : එතකොට විවාහ වුණේ?

ලාල්කාන්ත : විවාහ වෙන්න ආදරේ කරන්නම ඕනද? ඇය කවදාවත් මගෙන් ආදරේ ඉල්ලනෙ නෑ. ආදරේ කරන්න කියලත් නෑ. ඇය ඒ ගැන මැසිවිලි නඟලත් නෑ. අපි විවාහ වුණා. දරුවෝ හැදුවා දැන් ඇය දරුවෝ හදාගෙන ඉන්නවා. මමත් ඔවුන් සමඟ ජීවත් වෙනවා. මම දැන් ඇයට කියන්නේ දුවගේ අම්මා කියලා.

මගේ බිරිය නෙවෙයි. මේක ඇතුළේ මට බිරියක් නැහැ. ඇත්ත කතාව එයත් දන්නවා. ඒකනේ මම මේක ප්ර සිද්ධියේ කියන්නේ. නැත්නම් පසුවදාට ෘසඩදජැ නේ. සමහර විට අපි දරුවෝ නිසා එකට ජීවත් වෙනවා ඇති.

අරු‚  : දිල්හානිට ප්රිකයංකර එවැනි දෙයක් කළොත්

දිල්හානි : අනේ මෙන්න යන්න කියලා යන්න දෙනවා. ඇයි අල්ලගන්නේ මට. ඕන වේලාවක එහෙම කරන්න පුළුවන්.

දිල්හානි : ඒක තමයි හොඳම දේ. ආධ්යාවත්මිකව බිඳුණාට පස්සේ ඒක ආයේ ගොඩගන්න බෑ.

ලාල්කාන්ත : ඒක තමයි පදනම. ඕනනම් එක ගෙදරක රණ්ඩු වෙවී, මරාගෙන, එයා උඩ මම යට කියලා ජීවත් වෙන්න පුළුවන් එල්ලිලා.

අරු‚  : ඉතිං ඇයි ලෝකෙට පේන්න බොරු කරන්නේ?

ලාල්කාන්ත : බොරු නෙවෙයි. ඒක තමයි ජීවන ආකෘතිය ඒ අයත් ප්රෙට්මයේ ආධ්යා,ත්මිකව බැඳුණු තැන් ඇති. හොරෙන් ඒ ප්රෙන්මය භුක්ති විඳිනවා ඇති. චලිතය නැති නම් වෙනස්වීමනේ ඔතැන තියෙන්නේ. බුදුන් වහන්සේ, මාක්ස් එංගල්ස් තම තමන්ගේ දර්ශනවලත් ඕක කිව්වානේ. ඉතිං ඒක මේ ආදරේට බලනොපායිද?

දිල්හානි : අමාරුවෙන් වුණත් ඒක තේරුම් ගන්න වෙනවා.

ලාල්කාන්ත : ඔව්. නැති වෙනවා, ඇති වෙනවා.

˜‍කලාවැව පිරෙනවා, ආයෙමත් හැදෙනවා

මගේ හිත කැඩෙනවා, ආයෙමත් හැදෙනවා

ඒ සින්දුවේ වගේම මිනිස් සිත සැනසිලා තියෙන්නේ බිදෙන්න නැවත නැවත සැනසෙන්න. සමහර බිරින්දෑවරු හදිසියේ සැමියා මැරුණොත් අ~නවා වැලපෙනවා, එතැන ඉඳන් ජීවිතයක් නෑ කියල හිතනවා. ඒත් වසර කිහිපයක් ගියාම සමහරු විවාහත් වෙනවා. ඉතිං ඕක තමා හිතේ සැකැස්ම. ඒක තේරුම් ගැනීම තමයි වටින්නේ.

අරු‚ මල්ලවාරච්චි

ඵ්අඉසප් ක‍ය්එ අසඑය Aරමබස
Description: Politics, Gossip, Actress, Life,
Loading...