Amazone

December 29, 2015

Tagged Under: ,

What You Must Know About Viagra Pill

By: Blog Poster On: 8:23 AM

ව්‍යාඝ්‍රා ලිංගික උත්තේජකය ගැන ඔබ දැනගත යුතු දේවල්

අද වන විට මෙරට ඖෂධ අලෙවි ජාලය තුළ වැඩියෙන්ම අලෙවි වන ඖෂධය බවට පත්ව ඇත්තේ ලිංගික උත්තේජනය වැඩි කරවන ඖෂධ වර්ගයන්ය.

"ව්‍යාඝ්‍රා" එහි එක් වෙළෙඳ නාමයක් පමණකි. කාමෝද්දීපනය වැඩි කරන තවත් ඛෙහෙත් වර්ග රාශියක් විවිධ නම්වලින් වෙළෙඳපොළ තුළ මිලදී ගත හැකිය.
මෑත කාලීනව ව්‍යාඝ්‍රා පිළිබඳ අසන්නට ලැබුණේ, හරි අපූරු සිද්ධීන් දාමයක එකිනෙක පැටලූ‍ණු සිදුවීම් ලිහා ගන්නා අතරතුරදීය. හැට පැන්නත් වඳුරා බිම නොයන්නා සේ තරුණ වියේ නැටූ සෙල්ලම් මහලූ‍ වියේදීත් නවතාලන්නට සමහර දෙනා කැමැති වන්නේ නැත. එය එසේ කළ යුතු යැයි කිසිවකුටත් බලකළ නොහැක්කේ ආහාර ගැනීම, නිදාගැනීම, හුස්ම ගැනීම ආදී වූ අපේ නිරන්තර 

ක්‍රියා අතරට ලිංගික එක්වීමද අයිති වන නිසාය. හැට පැන්නත් පෙර සේ නැටූ නැටුම් නටන්නට හොඳම ක්‍රමය ලිංගික උත්තේජනය සඳහා බාහිරින් ඖෂධ ගැනීම යැයි සිතුවද එය එසේ වන්නේ නැත. හිතුමනාපයට ලිංගික උත්තේජන ඖෂධ රැගෙන මරණය කරා යන්නවුන්ගේ මරණයේ බරපැන යනුයේ ලිංගික හැඟීම් උද්දීපනය සඳහා ගන්නා ඖෂධයන්ට නම් නොවේ. වෙනත් පරිබාහිර සාධකයන්ටය.
ව්‍යාඝ්‍රා වෛද්‍ය විද්‍යාවේ තවත් එක් පර්යේෂණයක අහඹු ප්‍රතිඵලයකි. ˜‍සිල්ඩෙනෆිල්˜‍ හෘදයේ රුධිර ගමනාගමනය අඩු අය වෙනුවෙන් භාවිත කළ පර්යේෂණ ඖෂධයකි. අවසානයේ සිල්ඩෙනෆිල්වලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු නිසාම නැවතත් රෝගීන්ට නිකුත් කළ ඖෂධ පර්යේෂණාගාරය වෙත ගෙනැවිත් දෙන්න යැයි පැවසි‚. එහෙත් සමහරෙක් එසේ කළේ නැත. ඔවුන් දිගටම සිල්ඩෙනෆිල් භාවිත කරන්නට විය. අවසානයේ තවදුරටත් රෝගීන් සිල්ඩෙනෆිල් භාවිතයට ගැනීමේ රහස සොයා යන්නට වෛද්‍යවරුන්ට සිදුවිය.
වෛද්‍යවරුන් නොසිතූ අයුරින් සිල්ඩෙනෆිල් හෘදයේ රුධිර ගමනාගමනය අඩුවීමට ප්‍රතිකාරයක් නොවුණද පුරුෂයන්ගේ ලිංගික ඛෙලහීනතාවන්ට ප්‍රතිකාරයක් වී තිබුණේ හාවා මඟ හැරී පඳුරට වැදුණ හී සැරයක් පරිද්දෙනි. සිල්ඩෙනෆිල් මඟින් හෘදයේ රුධිර ගමනාගමනය අඩු අයට ප්‍රතිකාර සෙවීම පසෙක තබා පුරුෂ ලිංගයේ මෘදු පේශීන් ප්‍රසාරණය කොට ඒවා තුළට වේගයෙන් රුධිරය ගලා ඒම අවහිර කරවූ ලිංගික අප්‍රා‚කත්වය සඳහා වූ ප්‍රත්‍යක්ෂ ඖෂධයක් බවට සිල්ඩෙනෆිල් පත්විය. මුල් කාලීනව ව්‍යාඝ්‍රා එක් පෙත්තක මිල ඇමෙරිකානු ඩොලර් දහය ඉක්මවීය. 1996 වනවිට සිල්ඩෙනෆිල් සංයෝග වූ ලිංගික උත්තේජනය වැඩි කරවන ඖෂධ වර්ගය ව්‍යාඝ්‍රා යන නමින් ඖෂධ භාවිත බලපත් හිමිකොට ගත්තේය. 1998 වනවිට වෛද්‍යවරුන් රෝගීන්ට නිර්දේශ කරන ඖෂධ ලැයිස්තුවට ව්‍යාඝ්‍රාද ඇතුළත් විය. අද වනවිට ව්‍යාඝ්‍රා යනු ලෝක වෙළෙඳපොළේ අඩු මිලකට වැඩියෙන්ම අලෙවි වන ඖෂධයයි.
ව්‍යාඝ්‍රා සොයා ගැන්මට පෙර ලිංගික අප්‍රා‚කත්වය සඳහා ප්‍රතිකාර ලෙස සිදු කෙරුණේ ශිෂ්ණයට ඖෂධ එන්නත් කිරීමයි. අප්‍රිකානු යොහිම්බි ශාකයේ යුෂ ඇසුරින් නිපදවූ ඖෂධ මෙන්ම චීනයේ රතු ජින්සෙන් නම් පාරම්පරික ඖෂධයේ යුෂ ඇසුුරින් තැනූ ඔසු වර්ගද භාවිතයට ගැනි‚. එසේත් නොමැති නම් සැත්කම් මඟින් පුරුෂ ලිංගය ප්‍රාණවත් කරවන උපකරණ තැන්පත් කෙරි‚. එය තරමක් වේදනාකාරී මෙන්ම අසාර්ථක ප්‍රතිඵල ගෙනදුන් ක්‍රමයක් වූයේ ශිෂ්ණයේ තැන්පත් කෙරෙන සමහර උපකරණ නිසා ප්‍රාණවත් වූ ශිෂ්ණය නැවතත් යථා තත්ත්වයට පත් කරගත නොහැකි වූ නිසාය.
කෙසේ හෝ ව්‍යාඝ්‍රා වෙළෙඳපොළට නිකුත් වූ පසු වේදනාකාරී ක්‍රම සියල්ල අභිභවා එය කැපී පෙනි‚. එහෙත් අවාසනාව වූයේ වෛද්‍ය නිර්දේශ මත පමණක් ගතයුතු ඖෂධ වර්ගයක් හිතුමනාපයට ගැනීමට සමාජයේ මිනිසුන් පුරුදු වීමයි.
ලිංගික උත්තේජක ඖෂධ වර්ග ප්‍රධාන වශයෙන්ම කාණ්ඩ තුනකට ඛෙදෙයි. පළමුවැන්න සිල්ඩෙනෆිල් අඩංගු ඖෂධය. පළමු වරට ලිංගික උත්තේජනය ඇති කිරීම සඳහා හඳුන්වා දුන්නේ සිල්ඩෙනෆිල් වර්ගයන්ය. ඖෂධය ශරීර ගතවී පැය භාගයකින් පමණ එහි ක්‍රියාකාරීත්වය ආරම්භ වේ. මෙය පැය දොළහක පමණ ක්‍රියාකාරීත්වයකින් යුතුය. ඖෂධ භාවිත කිරීමේදී ඔළුවේ කැක්කුම, ඇස් නිලංකාර වීම, අම්ල පිත්තය මෙන්ම නාසය හිරවීමක්ද දැකිය හැකිය.
දෙවැන්න වන්නේ ටාඩෙනිෆිල් වර්ගයකි. මස් පි~ු වේදනා මෙන්ම කොන්දේ කැක්කුම් ආදිය මෙම ඖෂධය භාවිතයේදී දැකිය හැකිය. පැය හතළිස් අටේ සිට පැය 72ක් දක්වා වූ කාලයක් පුරාවට මෙහි ක්‍රියාකාරීත්වය පවතී. තුන්වැන්න වනුයේ වාඩෙනෆිල් වර්ගයයි. මෙහි ක්‍රියාකාරීත්වය සිල්ඩෙනෆිල්හි ක්‍රියාකාරීත්වයට සමානය. වෙනසකට ඇත්තේ සිල්ඩෙනෆිල් ගැටලූ‍වට පිළිතුරු ලබා නොදුනහොත් වාඩෙනෆිල් පිළිතුරු ලබාදීමයි.
ලිංගික එක්වීම යනු හුදෙක් එක් ක්‍රියාවක් පමණක් නොවේ විවාහයෙන් පසු නෑ සනුහරය ඉදිරියේත් නීතිය ඉදිරියේත් ගැහැනියකටත්, පිරිමියකුටත් එකට රිසි අයුරින් ජීවත්වීමට බලය ලැඛෙන බලපතක් යැයි කියූවද විවාහයට කලින් දෙදෙනකු එකට ජීවත්වීම මහා පාපයකැයි සැලකුවද විවාහයෙන් පිට සබඳතා දික්කසාදයකට හෝ විටෙක මහා විපතකට මඟ සැලසුවද කායික එක්වීම යනු ගැහැනියද පිරිමියාද එකට එක්කොට බැඳ තබන දම්වැලකි. ලිංගික එක්වීමක ශක්තිය ගැබ් වනුයේ ශරීරයේ යැයි පැවැසුවද එය එසේ නොවේ. එහි සුවයට සංතෘප්තියට මුල පුරනුයේ සිතිවිලිය. එය මනස මූලික කොටගත් සොඳුරු ගනුදෙනුවකි.
සිතිවිලි සමඟ ගනුදෙනු නොකොට කය සමඟ ගනුදෙනු කරන්නට යැයි කියා බොහෝ දෙනා හිතුමනායට වාජීකරණ ඖෂධවලට හුරුව සිටිති. පසුගියදාක එක්තරා ඇමැතිවරයකු තහනම් ගහක ගෙඩි රස විඳින්නට ගොස් තිබුණේ වාජීකරණ ඖෂධද රැගෙනය. තරුණ රූමතියට වයසින් මහලූ‍ වුවත් ගතේ තිරිහන් බව පෙන්වන්නට ඔහු අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ව්‍යාඝ්‍රා පෙති ගිල දැමුවේය. දෙතොලතරින් ඇවිලූ‍ණු කාමයේ ගිනි ජාලාව රිසිසේ විඳ ගත්තද වාජීකරණ ඖෂධවලින් නැඟ=‍ණු කාමගින්න නම් නිවී ගියේ නැත. ආවසනයේදී හොර රහසේ විඳින්නට ගිය පෙම් සුව නතර වූයේ රෝහලිනි. ඒ එක් සිද්ධියක් පම‚. කාන්තාවන් ඉදිරියේ තිරිහන් බව පෙන්වන්නට හිතුමනාපයට ව්‍යාඝ්‍රා පෙති දෙක තුන ගිල දමන වුන් තවත් සිටිය හැකිය. සත්‍යයෙන් එහා ගිය නිර්මිත වූ රූප පෙළ අතර සැරිසරන පාසල් තරුණයෝද හිතුමනාපයට වාජීකරණ ඖෂධවල පිහිට පැතීම ඛේදනීය කරුණකි.
ලිංගික අප්‍රා‚කත්වයට හේතු සාධක බොහෝ තිබිය හැකිය. කායික එක්වීමකදී ලිංගික අප්‍රාණවත් වීම ඇති වූ පම‚න් එයට එකම පිළියම ව්‍යාඝ්‍රා යැයි සිතන්නේ නම් එය තරම් අනුවණ ක්‍රියාවක් තවත් නැත. ලිංගික එක්වීම මානසිකව සිදු කෙරෙන ගනුදෙනුවක් නිසාම ලිංගික අප්‍රා‚කත්වයටද මානසික හේතූන් බලපෑම් කරයි. මානසික හේතූන්වලට පිළියම් නොසොයා හිතුමනාපයට ව්‍යාඝ්‍රා ගැනීමෙන් සිදුවනුයේ එතරම් ප්‍රතිඵලදායී දෙයක් නම් නොවේ.
දෙදහස් හත වර්ෂයේදී මීගමුව රෝහලේ හයවැනි මහලින් බිමට තල්ලූ‍ කොට ඝාතනයට ලක්වූ තරු‚යගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් එම රෝහලේම වෛද්‍යවරයාද ව්‍යාඝ්‍රා භාවිත කොට ඇති බව හෙළිවිය. ඇමෙරිකානු සුප්‍රසිද්ධ බාස්කට් බෝල් ක්‍රීඩක ලමර් ඔඩොම් පසුගියදාක ග‚කාවකට තම පුරුෂ ශක්තිය පෙන්වන්නට ගොස් තිබුණේ ව්‍යාඝ්‍රා පෙති පහක් ගිල දැමීමෙන් පසුවය. ලිංගික සුවය කෙසේ වෙතත් ක්ලාන්තවී සිහි නැතිව වැටුණු ලමර්ට සිහිය පැමි‚යේ දින පහකට පසු රෝහලේදීය. ව්‍යාඝ්‍රා නිසා අකැරතැබ්බයට මුහුණ දුන් අය ගැන තවත් බොහෝ දෑ ලිවිය හැකිය. ව්‍යාඝ්‍රා යනු ලිංගික ඛෙලහීනතාවයෙන් පෙළෙන රෝගීන්ට දෙන ඖෂධ වර්ගයක් බව සැබෑය. එහෙත් වෛද්‍ය උපදේශයන්ගෙන් තොරව ව්‍යාඝ්‍රා මාරාන්තික විය හැකිය. ඒ කෙසේ වුවද ව්‍යාඝ්‍රා ශරීරගතවීමෙන් සිදුවන මරණ සඳහා හේතු වනුයේ වෙනත් කාරණාය. එය බොහෝ විට හෘදයාබාධයක් විය හැකිය.
බර්ලින් සහ ජපානයේ සිදුකළ පර්යේෂණවලට අනුව ලිංගිකව එකතුවීමේදී 1%ක් පමණ දෙනා තම ජීවිතයෙන් සමුගැනිති. ඉන් 75%ක්ම අනියම් ලිංගික සබඳතාවලදී තම ජීවිතයෙන් සමුගත් අයය. අනියම් ලිංගික එක්වීමකදී බිය සැක කුතුහලය ආදී සියල්ලක්ම ඕනෑවටත් වැඩිය පවතින නිසා තරමක් අවදානම් සහිතය. බර ආහාර ගත් පසු ශරීරය වෙනස් වීමද හෘදයාබාධයනට මුල පුරයි. ලිංගික එක් වීමකදී මරණයට පත් වුවහොත් ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ වාර්තා වනුයේ නම් නැත. ලිංගිකත්වය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා නොකරන සමාජයක ඒ පිළිබඳ කෙසේ නම් වාර්තා වන්නද.
පෙනීමේ දුර්වලතා, කන ඇසීම අඩුවීම, ලිංගේන්ද්‍රය පැය කිහිපයක් ප්‍රාණවත්ව තිබීම, අධික කරකැවිල්ල, ක්ලාන්ත ගතිය, පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා ආදිය ඇත්නම් වහාම වෛද්‍යවරයකු මුණගැසිය යුතුමය. මේ සියල්ල ඇති වනුයේ හිතුමනාපයට ව්‍යාඝ්‍රා ගැනීමෙනි. ව්‍යාඝ්‍රා ගැනීමේ අතුරු ප්‍රතිඵල ඇතත් ඒ කිසිවක් මරණයකට මඟ පාදනුයේ නම් නැත. එහෙත් ව්‍යාඝ්‍රා භාවිත කළ යුත්තේ වෛද්‍ය උපදෙස් මත පමණක්මය. එසේ නොවුණ හොත් අතුරු ආබාධ කෙසේ වුවත් වෙන ආබාධ නම් ඇතිවිය හැකිය. ලිංගික අප්‍රා‚කත්වය නොමැති වුවත් හිතුමනාපයට ව්‍යාඝ්‍රා ගැනීමට හුරු වූ අයට සදාකාලිකව ලිංගිකව ප්‍රාණවත් වීමට නොහැකි බව වෛද්‍ය පරීක්ෂණවලින් සනාථ වී ඇත.
ලංකාව තුළ වසරකට ලිංගික උත්තේජන පෙති මිලියන 20කට අධික ප්‍රමාණයක් අලෙවි වන බවට ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් හෙළිකරනු ලැබුවේ පසුගියදාකය. පසුගිය කාලසීමාව තුළ හිතුමතේ ලිංගික උත්තේජන ඖෂධ ලබා ගැනීමෙන් තම චරිතයට කළු පැල්ලම් එක් කරගත් ප්‍රභූ පැලැන්තියේ පිරිස් පිළිබඳව නොසෑහෙන්න වාර්තා විය. රහසින් සඟවා ලිංගිකත්වය ගැන කතා කරන තාක්කල් ව්‍යාඝ්‍රා පෙතිද අවභාවිතය වනු ඇත. ව්‍යාඝ්‍රා පිළියමකි. එහෙත් හිතුමතේ ගැනීමට නම් නොවේ.
(ලිංගික ගැටලූ‍ පිළිබද දකුණු ආසියානු සංගමයේ නව සභාපති, ලිංගික කටයුතු පිළිබද විශේෂඥ වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි.)


Description: Viagra: Everything You Want to Know About the Little Blue Pill
Loading...