Amazone

October 17, 2016

Tagged Under: ,

Ford to offer self-driving cars without steering wheels

By: Blog Poster On: 4:55 PM

රියැදුරුට විවේක දෙන ෆෝර්ඩ් ‍ඔටෝ!

උදෑසන නි‍ෙවසේ සිට කාර්යාලයට යන කාර්යබහුල වේලාවේ රථවාහන තදබදය නිසා අාතතියට ලක්වීම වෙනුවට රියැදුරු අසුනට බරවී පුවත්පත් කියැවීමට හැකිනම් කොපමණ හොඳදැයි ඔබට නිකමටවත් සිතුණාද? කාට හෝ එසේ සිතී ඇත්නම් එය හිතලුවක් නොවන දිනය වැඩි ඈතක නොවේ යැයි පෙනෙන්නේ ෆෝර්ඩ් සමාගම පසුගියදා කළ ප්‍රකාශයකිනි.ෆෝර්ඩ් සමාගමේ සභාපති මාර්ක් ෆ්ලෙඩ්ස් කැලිෆෝර්නියාවේදී හෙළිදරව් කළේ ස්වයක්‍රීය ධාවනයකින් යුතු මෝටර් රථ 2012 වසරේදී වෙළෙඳපොළට අවතීර්ණ වන බවයි. ඒවා සුක්කානමක් හෝ නැති පූර්ණ වශයෙන් ස්වාධීනව හැසිරෙන මෝටර් රථ වේ. මේ සඳහා සිදුවන පර්යේෂණවලට සමාගම දරන ආයජෙනය දෙගුණ කර ඇතැයිද ඔහු පවසා ඇත.
මේ පර්යේෂණවල සාර්ථකත්වය මත රියැදුරු අසුනේ මිනිසෙකු හිඳ සිටිනු දක්නට හැකිවුවද ඔහුගේ කිසිදු පාලනයකින් තොරව ධාවනය වන මෝටර් රථ තවත් වසර පහකින් වීථිවල දැකිය හැකිවනු ඇත.
බීබීසීය සමග මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රෙය් විප්ලවීය වෙනසක් කරනු ඇතැයි මේ හඳුන්වාදීම ගැන අදහස් දක්වමින් ෆෝර්ඩ් සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ඔබේ වාහනය ඔබ ගමනාන්තයට රැගෙන යනතුරු ඔබට ඔබේ වැඩක් බලාගැනීමට හැකි බවත් ය. මෙහිදී මිනිස් රියැදුරන්ගෙන් තොර මෝටර් රථ නිපදවීමට සමාගම දක්වන උනන්දුව ගැන සඳහන් කරමින් ඔහු පෙන්වා දෙන්නේ තමන්ට අවශ්‍ය වී තිබෙන්නේ ස්වයංක්‍රීය පමණක් නොව ජංගමශීලී සමාගමක් වීමට බවය.
ඒ සඳහා වන වසර කිහිපය තුළ හුදෙක් මෝටර් රථ නිෂ්පාදකයකු ලෙස ක්‍රියාකරනවාට අමතර කාර්යභාරයක් ද ඔවුන් කර තිබේ. Baidn නම් චීන සමාගමක් හා එක්ව මෙහිදී ෆෝර්ඩ් සමාගම කටයුතු කර ඇත. ඇමෙරිකන් ඩොලර් මිලියන 150ක හවුල් ආයෝජනයකින් යුක්තව Velodyne නම් සමාගමක් ඒ වෙනුවෙන් ස්ථාපිත කර තිබේ. LIDAR ( Light Detection and Ranging ) නම් තාක්ෂණය මෙහිදී උපයෝගී කරගෙන ඇත. මෝටර් රථය අවට ඇති වස්තූන් අතිශය නිරවද්‍ය ලෙස හඳුනාගැනීමට ඊට හැකියාව පවතී.
මෙහිදී ෆොර්ඩ් සමාගම සිවිල් සිතියම් පිළියෙල කිරීමට ඩිජිටල් සිතියම් සැකසීමේ සමාගමකටද, ස්නායු වෛද්‍ය පර්යේෂණ සඳහා ද මුදල් ආයෝජනය කර ඇත. මේ අංශ දෙකම මීට සම්බන්ධය. රියැදුරකු රහිත මෝටර් රථ නිෂ්පාදනය කිරීමේදී ගූගල් සහ ඇපල් සමාගම් ෆෝර්ඩ් සමග තරග බිමට පිවිසෙනු ඇතිදැයි මෙතෙක් ප්‍රකාශ වී නැත. දැනටමත් ගූගල් සමාගම ස්වයංක්‍රීය ධාවනයකින් යුතු මෝටර් රථ භාවිත කරයි. එහෙත් ඒවා පොදු මහා මාර්ගවල ධාවනය වන්නේ නැත. ඔවුන්ද සුක්කානමක් නැති මෝටර් රථ හඳුන්වාදීමේ පර්යේෂණවල නියැළුණද ඒවා පෞද්ගලික අයිතිය යටතේ තිබීමට මෙතෙක් දෛනික ප්‍රතිපාදන මගින් ඉඩ සැලසී නැත.
මෙහිදී ගූගල් මෙන්ම ෆෝර්ඩ් සමාගමද භාවිත කරන්නේ හතරවැනි මට්ටමේ තාක්ෂණයයි. එනම් අති නවීන තාක්ෂණයයි. ඊට එහා මට්ටමක් ද ඇති අතර ඊට ළඟා වූ පසු ඕනෑම ධාවන තත්ත්වයක් යටතේ පූර්ණ වශයෙන් ස්වාධීනව මෝටර් රථයට ගමන් කළ හැකිය. දැනටමත් එවැනි මට්ටමේ ධාවනයේදී යම්තාක් දුරට ස්වයංක්‍රීයව ධාවනය වීමට ඉඩ ප්‍රස්තා පැවතියද රියැදුරුට නිරන්තරයෙන් එම කාර්යය අධීක්ෂණය කිරීමට සිදුවේ. තුන්වැනි මට්ටමේදී ඒවා අධීක්ෂණ කාර්යය සෑමවිටම කිරීම අවශ්‍ය වන්නේ නැත. එහෙත් හදිසි අවස්ථාවකදී වාහනයේ පාලනය තමන් අතට ගැනීමට රියැදුරු සූදානමින් සිටිය යුතුය. ටෙස්ලා තාක්ෂණය ලෙස ප්‍රකට මෙය ඇමෙරිකානු මාර්ග ආරක්ෂක නිලධාරීන්ගේ නියාමනයට හා විමර්ශනයට ලක්ව තිබුණේ මේ වසර මුලදී රියැදුරකු මරණයට පත්වීමත් සමගය.
ෆෝර්ඩ් සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී රාජ් නාසීර් පවසන්නේ දෙවැනි හෝ තුන්වැනි මට්ටමේදී රියැදුරකුට ක්ෂණිකව රථයේ පාලනය අතට ගැනීමට ඇති හැකියාව ගැන සිය සමාගම තෘප්තිමත් නොවන බවය.
ටෙස්ලා සමාගම සිය පර්යේෂණ ඔස්සේ එම තාක්ෂණය භාවිත කරන්නන්ට බීටා පරීක්ෂක පහසුකම් සලස්වා ඇත්තේ අන් සමාගම්වලින් වෙනස් වෙමිනි.
ෆෝර්ඩ් සමාගම පවසන්නේ සිය නවීන මෝටර් රථය නාගරික පරිසරයට ඉතාමත් ගැළපෙන බවයි. නාගරික ප්‍රදේශවලදී ඊට පැයට සැතපුම් 20 - 30 ක පමණ වේගයකින් ධාවනය කිරීමේ හැකියාව තිබේ.
රියැදුරු ගේ පාලනයකින් තොරව පූර්ණ ස්වාධීනත්වයකින් යුතුව ධාවනය වන මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට රථවාහන නිෂ්පාදන සමාගම් අතර තරගයක් ඇත. පෙර දැක්වු පරිදි ඇතැම් සමාගම් දැනටමත් අත්හදා බැලීම් සිදුකර අවසන් ය. ඒවායේ ඇති අඩුපාඩු හා දුබලතාද හඳුනාගෙන තිබේ. ඒ අනුව තවදුරටත් දියුණු කිරීමේ සිදුවේ.
ලෝකය වෙනස් වෙමින් පවතී. සෙමෙන් නොව වේගයෙක් වෙනස් වෙමින් පවතී. ඒ වෙනසට අනුගතව සිය නිෂ්පාදන එළිදැක්වීමට බොහෝ ක්ෂේත්‍රවලට සිදුවී ඇත. මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින්නේ ද එයයි. මීට දසවසරකට හෝපස් වසරකට පෙර ෆෝර්ඩ් සමාගමේ විධායක නිලධාරියා සුක්කානමක්, ගෑස් පැඩලයක් හෝ තිරිංග පැඩල නොමැති වාහනයක් ගැන කතා කළා නම් බොහෝ දෙනා කියනු ඇත්තේ 'ඔහුට පිස්සු' යනුවෙනි. එහෙත් දැන් ඔහු එසේ කියන විට ඒ ගැන විමතියෙන් බැලූවද කුමක් හෝ විශාල වෙනසක් සිදුවීමට යනබව බොහෝ දෙනාට පිළිගැනීමට සිදුවනු ඇත.
ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙවැනි වාහන පුළුල් ලෙස භාවිතයට එක්වුව හොත් වාහනයක් තමන් සන්තක කර ගැනීමේ අවශ්‍යතාවද වෙනස් වීමට ඉඩ ඇති බවයි. බොහෝ දෙනා මේ අලුත් වාහනය ගැන විශ්වාසය තැබීම සිදු වන බැවිනි.
වොල්වෝ සමාගමද රියැදුරුගේ මෙහෙයවීමෙන් සම්පූර්ණයෙන් තොර හතර වැනි මට්ටමේ මෝටර් රථ එළිදැක්වීමේ ව්‍යාපෘතියක යෙදී සිටී. එම පර්යේෂණවලදී පෙනී ගොස් ඇති පරිදි ඇතැම් රියැදුරන්ට ස්වයංක්‍රීයව ධාවනය වන රථයේ පාලනය තත්පර 10ක් වැනි කාල සීමාවක් තුළ සියතට ගැනීමට හැකිය. එහෙත් තමන් ගමනාන්තයට රැගෙන යන තෙක් සැප නින්දකට වැටී සිටින රියැදුරකුට ඊට විනාඩි දෙකක්වත් ගත විය හැකිය. රථයේ පාලනය රියැදුරු බාර ගත යුතු අවස්ථාවක ඒ පිළිබඳ ආචාරශීලීව දැන්වීමට මේ ස්වයංක්‍රීය පද්ධතිය වග බලා ගනී. මේ වෙනස සිදුවන කාලසීමාව බෙහෙවින් වැදගත්ය. ආරක්ෂාකාරී රිය ධාවනය කෙරෙහි එය ඉතාමත් බලපාන බැවිනි.
මෙවැනි කාරණා දෙස අවධානය යොමු කරමින් ඇතැම් පර්යේෂකයන් නම් කියා සිටින්නේ මේ මෝටර් රථ කොපමණ ස්වාධීන පාලන හැකියාවකින් යුතු වුවද මිනිස් පාලනයකින් තොර වීම ගැන කල්පනා කිරීමට තවමත් ඉක්මන් වැඩි බවයි. මේවා මහමගට පිවිසීමට තව වසර පහක්වත් ගතවන බැවින් එම කාලසීමාව තුළද තවත් වෙනස්කම් සිදුවීම නිසැකවම අපේක්ෂා කළ හැකිය.
Description: Ford plans to build a fully autonomous vehicle without a steering wheel
Loading...