Amazone

October 9, 2016

Tagged Under: , ,

I dont know about that politician - Umariya Sinhawansa

By: Blog Poster On: 1:38 PM

මම ඒ දේශපාලනඥයාව පෞද්ගලිකව අඳුනන්නේ නෑ - උමාරියා

අනුර කුමාර දිසානයකත් ඔබේ හඬට සුබ පතලා තියෙනවා නේද?
ඔව්. බොහෝ වෙලාවට දේශපාලනයයි කලාවයි එකට සම්බන්ධ වෙන්නෙ නෑ. කලාකරුවෙක්ට එහෙම සුභ පතන්නේ හරිම කලාතුරකින්. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා.
ඔබ ඔහුව පුද්ගලිකව අඳුරනවද?
නෑ. ඔහුව කවදාවත් මට මුණගැහිලාවත් නෑ. ෆේස් බුක් හරහා තමයි මට ඔහු සුභ පතලා කියලා දැනගත්තේ. නමුත් මගේ යාළුවෙක් තමයි ඒ ගැන මට කීවේ. මගේ රසික රසිකාවියනුත් ඒ ගැන මාව දැනුවත් කළා.
ලැබෙන ප්‍රතිචාර නිසා උමාරියා ආඩම්බරයි කියන්නේ ඇත්තද?
ඒ ප්‍රතිචාර ගැන නම් ලොකු සතුටක් තියෙන්නේ ඒ නිසා කවදාවත් ආඩම්බර වෙලා නෑ. ප්‍රවීණයෝ මගේ කටහඬ ගැන නිතර කතා කරද්දීනම් හිතට පුංචි ආඩම්බර කමක් දැනෙනවා. මොකද අද ප්‍රවීණයෝ
ක්‍ෂේත්‍රයේ නවකයන් ප්‍රතික්ෂේප කරද්දි මම ගැන කතා කරන එක ලොකු සතුටක්.
 උමාරියා ජනප්‍රියත්වය පසුපස යනවද?
මම ජනප්‍රියත්වය පස්සෙ දුවන කෙනෙක් නෙමේ. ජනප්‍රියත්වය ලබන්නේ මගේ ෙදෙවය නිසා වෙන්නැති කියලා තමයි මම හිතන්නෙ. මොකද මම සංගීතයට නැඹුරු වන්නෙ මගේ ෙදෙවය නිසයි. ‍පොඩි කා‍ලේ ඉඳන්ම මම ආස කළේ ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඒත් මගේ ‍ලේවල සංගීතය තිබුණ නිසා ඒ ආසාව යටපත් වෙලා අන්තිමට මම ගායිකාවක් වුණා.
මෙතරම් ඔබේ කටහඬට ප්‍රතිචාර ලැබුණත්
ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන ඔබේ ගීත අවමයි නේද?
ඔව්. මම මිනිස්සු දැන ගන්නේ භාතිය එක්ක ගායනා කළ පැතු පෙම් පැතුම් ගීතය නිසයි. ඊට පසුව මම ගැන කතා කරන්නේ අමරදේව මාස්ටර් එක්ක ගායනා කළ හන්තාන සිහිනේ ගීතය නිසා මගේම කියලා ගීත තියෙන්නේ හරිම අඩුවෙන්.
ඇයි ඔබේ හඩින් නිසි ප්‍රයෝජනයක් නොගන්නේ?
මම හිතන විදියට හැමදේටම කාලයක් තියෙනවා. හරි කාලය අවමයි අපි වැඩ කරන්න ඕන තාම මගේම හඩින් ගායනා කළ ගීත මිනිස්සු අතරට ගිය ගීත ඇත්තෙම නැති තරම්.
තාම ඒ කාලය ඇවිත් නැත්ද?
මේ තමයි මගේම දෙයක් කරන්න හොඳම කාලය දැන්. මම වැඩ පටන් ගන්න ලෑස්තියි.
කවදටද ඔබේම ගීත එකතුවක් එළි දක්වන්නේ?
මගේම ගීත කිහිපයක් කරන්න මේ දවස්වල කටයුතු කරනවා. ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්න ලොකු බලා‍පොරොත්තුවක් තියෙනවා. ඒ බලා‍පොරොත්තුව ඉක්මනට ඉටුකරගන්න තමයි මේ දවස්වල වැඩ කරන්නෙ.”
බොහෝ අය කියනවා ඔබේ කටහඬ ශාස්ත්‍රීය ගීත සඳහාත් ගැළපෙනවා කියලා.
මමත් ශාස්ත්‍රීය ගීතවලට ගොඩක්ම කැමතියි. මම ගායනයෙන් විවිධ පැති නියෝජනය කරන්න කැමතියි. ගොඩක් දෙනා ඉල්ලීම් කරනවා ශාස්ත්‍රීය පැත්තෙන් ගීතයක් කරන්න කියලා ඉතින් ශාස්ත්‍රීය ගීතවලටත් මගේ හඬ යොදාගන්නවා.
උමාරියා සිංහවංශ බිහිවන්නේ ඕව්ඉ නිසා කියන කතාව ඔබ පිළිගන්නවද?
ඔව්. භාතිය සන්තුෂ් නිසයි මම ප්‍රේක්ෂකයන් අතරට ආවේ. මම අනිත් අය මුල අමතක කළත් මම කවදාවත් මුල අමතක කරලා යන කෙනෙක් ‍නෙවෙයි. එදා වගේම අදත් මම ඔවුන් එක්ක හරිම සහයෝගයකින් තමයි වැඩ කරන්නේ.
කොහොමද ඔබේ සැමියගෙන් ලැබෙන සහයෝගය?
ඇත්තටම ඔහු නම් මටම ගැළපෙන කෙනෙක් මොකද අප අතර තියෙන්නේ හොඳ අවබෝධයක්. ඒ නිසා හැම වැඩක්ම ‍ලේසියෙන් කරගන්න පුළුවන් නිසා ජීවිතේ හරිම ‍ලේසි වෙලා කීවොත් හරි
තිළිණි කරුණාරත්න
Description: Umaria Sinhawansa talks about Anura Kumara
Loading...