October 15, 2016

Tagged Under: , , ,

It changed my life - Maneesha Chanchala

By: Blog Poster On: 6:13 PM

මගේ ජීවිතය වෙනස් කළා - මනීෂා චංචලා

Maneesha Chanchala gossiplankanews.news
Maneesha Chanchala gossiplankanews.news
ප්‍රේක්ෂක හදවත්වලට ඉතාමත් කෙටි කාලයක් තුළදී සමීප වීමට ‘සිඳූ’ ටෙලි සිත්තම හි ‘තෙරණියට’ හැකියාව ලැබුණා. මේ දිනවල ඇය නොහඳුන කෙනෙක් නැති තරම් වුණත් සෑබැ ජිවිතයේ තතු සොයන්නට අපි මේ සුන්දර සිනහවකින් පිරි රුවැති මනිෂා චංචලාව සොයා ගෙන TV දෙරණ ට ගොඩ වැදුණා.
තෙරණි කියන්නද මනිෂා කියන්නද?
තෙරණි කියල තමයි හැමෝම දන්නේ.මනිෂා තමයි මගේ නම. මනිෂා කියල කියන්න.
තෙරණි මේ දිනවල ගොඩක් ජනප්‍රියයි නේද?
ඔව්
‘සිඳූ’ කියන්නේ පළමු වැනි ටෙලි නාට්‍යද?
නැහැ.මෙය මගේ දෙවැනි ටෙලි ඩ්‍රාමා එක .ඊට කලින් ජානක සිරිවර්ධන මහත්මයා අධ්‍යක්ෂණය කළ ‘වස්සානේ සිහිනය’ කියල ටෙලි ඩ්‍රාමා එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

කොහොමද ‘සිඳූ’ ට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙ ?
දෙරණ සභාපති ලක්සිරි වික්‍ර‍මගේ මහත්මයාගෙන් තමයි මෙම අවස්ථාව ලැබෙන්නේ .ඔහු හරහා ජානක සිරිවර්ධන මහත්මයා හඳුනගන්නවා. මට සිඳූ ටෙලි ඩ්‍රාමා එකේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ ඒ අනුවයි.
‘සිඳූ’ ගැනත් කතා කරමු .
‘සිඳූ’ කියන්නේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් කළ ටෙලි ඩ්‍රාමා එකක්. ෂූටින් ගිය හැම දවසක්ම , ඒ හැම මොහොතක්ම අමතක නොවන දේවල්.හැම දවසකම මම අලුත් අත්දැකීම් ලබනවා. තව දෙයක් තමයි මට තවම පොඩි හාමුදුරුවෝ , සරණ , සිඳූ චරිත එක්ක රඟපාන්න ලැබුණේ නැහැ .එත් සෙට් එකේදී හම්බවෙනවා .
ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබීම ගැන කිව්වොත්
මාව 2008 දී තමයි හැමෝම දැනගත්තේ. ඒ දෙරණ ලිට්ල් ස්ටාර් season 2 හරහා. එහි ගායනය අංශයෙන් හතර වැනි ස්ථානය ලබා ගත්තේ මමයි . නමුත් ඊට කලින් මම මහනුවර කඳුරට ගුවන් විදුලියේ ළමා නිවේදිකාවක් විදියට වැඩ කටයුතු කළා.
රැකියාවක් ලැබුණා කියලා ආරංචියි.
ඔව් .දැනට මම TV Derana ආයතනයේ සහය නිෂ්පාදික­ාවක් විදියට වැඩ කරනවා .
ලැබුණු ජනප්‍රියත්වය නිසාද මේ අවස්ථාව ලැබුණේ?
මම හිතන් නෑ එහෙම කියලා.කොහොමත් ඉතින් රංගනය , ගායනය කියන පැතිකඩයන් අපේ ජීවිතවල අමතරව තියන දේවල් .අනිවාර්යෙන් ජොබ් එකක් කරන එක මගේ හිතේ තිබුණා.
ෆේස් බුක් හරහාත් මේ දිනවල ගොඩක් ජනප්‍රියයි නේද?
(හිනැහී ) ඔව් විශේෂයෙන් කියන්න ඕන , දැනට FB එකේ මගේ කිසිම account එකකවත් page එකක්වත් නැහැ
පවුලේ විස්තර කිව්වොත්
අම්මියි , අප්පච්ච්යි ,අක්කිල දෙන්නයි ඉන්නේ. ලොකු අක්කි මැරී කරලා. පොඩි අක්කි අපිත් ඒක්ක ඉන්නේ .ඉතින් අපි සතුටින් ඉන්නවා
මනිෂාගේ ගම
මහනුවර. දැන් ඉන්නේ කොළඹ
පාසල
මුලින්ම 1 වසරේ ඉඳන් 11 වසර දක්වා ගියේ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයට. ඊට පස්සේ ඒ ලෙවෙල් කරන්න ගියේ සෙන් ලෝරන්ස් කොන්වන්ට් එකට.
රංගනයේදී ලැබෙන සහයෝගය
මේ වෙලාවේදී විශේෂයෙන් අධ්‍යක්ෂ තුමා ඇතුළු සියලුම අය මතක් කරන්න ඕන. ඒ වගේම ප්‍රවීණ අයත්. ඒ අය නැත්නම් කිසිම දෙයක් මේ තරම් සාර්ථකව කර ගන්න ලැබෙන්ෙන් නැහැ .මේ වෙලාවේදී සිඳූ කණ්ඩායමටම ස්තුතිවන්ත වෙන්න ඕන
අලුත් නිර්මාණ වලට දායක වෙන්න අවස්ථාව ලැබුණද?
අලුත් නිර්මාණ බොහොමයකට ආරාධනා ලැබුණා. දැනට සිඳූ විතරයි.තව එක ආරාධනාවක් භාර අරගෙන තියනවා. නමුත් මම තෝරා බේරාගෙන තමයි නිර්මාණ වලට දායක වෙන්නේ .ඊට පස්සේ මම රංගනයට යොමු වෙයිද කියන්න මමවත් දන්නේ නෑ.
දෙරණේ විතරද රඟපාන්නේ
දැනට මම සම්බන්ධ වෙලා ඉන්නේ දෙරණේ දේවල් වලට විතරයි .චැනල් කිහිපයකින්ම ආරාධනා ලැබුණා. ඉතින් මම ආව මුල් කාලේ නිසා. මෙතරම් දුර ආව තැනත් එක්ක තමයි මම ගොඩ නැගෙන්නේ .
ගායන තරුවක් ලෙස පැමිණි ඔබට එය අමතක වේවිද ?
ගායනය ඉගෙන ගන්නත් ඕන. ගායනය කියන්නේ ටිකක් සංයමයත් එක්ක ගොඩ නැගෙන දෙයක්..රංගනය කියනදේ ඉදිරියට කරයිද නැද්ද කියන එක දැන්ම තිරණය කරන්න බෑ එහෙත් ගායනය පැත්තෙන් ඉදිරියට යන්න අදහසක් තියනවා .
‘හිමිකාරි’ කියන ගීතය
ඒ තුෂාන් වඩුගේ අයියත් ඒක්ක කළ එයාගේ සිංදුවක්. මම ඩුවට් එකක් කළා විතරයි.
ආදරය ගැන හිතන්නේ
ආදරය කියන්නේ හැමෝටම ලැබෙන්න ඕන දෙයක්.එය මටත් අඩුවක් නැතිව ලැබෙනවා.
මේ ගමන එන්න උදවු කළ අය
අම්මියි , අප්පච්චි , අක්කිලා දෙන්නා,නෑදෑයෝ ,යාළුවෝ ගොඩක් උදව් කළා.විශේෂයෙන් දෙරණ සභාපති ලක්සිරි සර් ඇතුළු හැමෝම මේ වෙලාවේදී මතක් කරන්න ඕන .
Maneesha Chanchala, Sri Lankan Acress, Actress, Gossip,
Maneesha Chanchala, Sri Lankan Acress, Actress, Gossip,

Maneesha Chanchala, Sri Lankan Acress, Actress, Gossip,
Maneesha Chanchala, Sri Lankan Acress, Actress, Gossip,

Maneesha Chanchala, Sri Lankan Acress, Actress, Gossip,
Maneesha Chanchala, Sri Lankan Acress, Actress, Gossip,
Description: Maneesha Chanchala, Sri Lankan Acress, Actress, Gossip,
Loading...