October 17, 2016

Tagged Under: ,

Man with wounds in Kaveesha Ayeshani's funeral

By: Blog Poster On: 7:05 PM

අනතුරේදී කවීෂා සමඟින් මෝටර් රථයේ සිටි තරුණයෙක් ඇයට අවසන් ගෞරව දක්වන්න තුවාල සමඟින් පැමිණෙයි - Exclusive Photos


කවීෂා අයේෂානීගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වන විටත් බොරැල්ල ජයරත්න මල් ශාලාව වෙත බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඒ අතර කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සිටින අතර gossiplankanews.news අපවෙත විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වුණේ අනතුර සිදුවන විට කවීෂාගේ රථයේ තවත් අයෙකු සිටි බවයි. එලෙස තවත් අයෙකු රථයේ සිටියේදැයි සම්බන්ධයෙන් මිරිහාන පොලිසියද පරීක්ෂණ පවත්වන අතර එලෙසින් රථයේ සිටියේ ඇය ළඟින්ම ආශ්‍රය කරන තරුණයෙකු බවත් මෙම තරුණයා ඇය යන එන සෑම ස්ථානයකටම පාහේ පැමිණෙන බවද අපවෙත වැඩිදුරටත් ආරංචි වුණා. ඇයගේ උපන්දින සාදයේදීද මෙම තරුණයා සිටින ඡායාරූප දැකගන්නට ලැබුණු අතර ඔහු ජයරත්න මල්ශාලාවේ සිටියේ හිසේ ඇතිවූ තුවාලයක්ද සමඟයි. ඔහුගේ හිස එලෙසින් තුවාල වී ඇත්තේ කවීෂා මුහුණදුන් අනතුර සිදුවන විට ඔහුද රථයේ අනෙක්පස සිටි නිසා බවත් gossiplankanews.news අපවෙත තොරතුරු හෙළිකළ කවීෂා ළඟින්ම ඇසුරු කරන විශ්වාසනීය පුද්ගලයෙකු පවසා සිටියා. එමෙන්ම කවීෂාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි පිරිසෙන් වැඩිදෙනෙක් ඔහු ළඟට ගොස් කතාබහ කළ අතර ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කළාකරුවන් ඇතුළු හිතුවතුන් පැමිණි අවස්ථාවේ ඡායාරූප එකතුවයි මේ....


 

Description: Man with wounds in Kaveesha Ayeshani's funeral suspected who was with her when the accident happen
Loading...