October 29, 2016

Tagged Under: , , , ,

Tharuka Wanniarachchi skeaks about love

By: Blog Poster On: 6:49 PM

ආදරේ ගැන අදහසක් තිබුණට මදි, එයා විවාහයට සුදුසු වෙන්නත් ඕන - තාරුකා

Hiru MegaStars Interview Tharuka Wanniarachchi - ආදරේ ගැන අදහසක් තිබුණට මදි, එයා විවාහයට සුදුසු වෙන්නත් ඕන - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka



"අම්ම කොයිතරම් එපා කිව්වත් ඒක නවත්තන්න පුළුවන් වුනේ නැහැ."
"ගුටිත් කාලා තියෙනවා."
තරුණ තරුණියන්ගේ හදවත්වල ලැගුම් ගෙන සිටින තාරුකාවන් අතර දිදුලන රංගන ශිල්පිනියක් ලෙස තාරුකා වන්නිආරච්චි කලා ලෝකයේ ප්‍රසිද්ධ චරිතයක්.රංගන ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධ ඇය තවත් පැතිකඩකින් රසිකයන්ට අලුත් අත්දැකීමක් ලබාදීමට තාරුකා සූදානම් කියලා හිරු ගොසිප් අපට ආරංචිවුණා.ඉඳින්, ඒගැනත් තරුකාගෙන අහන්නට කියලා මොහොතක් තාරුකා සමඟ අප විසින් සොඳුරු පිළිසඳරක නිරතවුණා.මේ ඒ සොඳුරු නිමේෂයේ තාරුකා සමඟ කළ සකාච්ඡාවයි.

තාරුකා වන්නිආරච්චි කියන්නේ කවුද ?

සරල විදියට ජීවත්වන නිහතමානි චරිතයක් කියලා කියන්න පුළුවන්.

තාරුකා මේ දවස්වල මොනවද කරන්නේ ?

විශේෂයෙන්ම ලොකු වැඩසටහනකට අත ගහල ඉන්නේ.ඒ තමයි Hiru MegaStars. ඊට අමතරව තවත් ටෙලිනාට්‍යක් සහ චිත්‍රපටයක රූගත කිරීම්වලට බලාගෙන ඉන්නවා.

තාරුකාගේ ජීවිතයට විරහව කියනදේ දැනිලා තියෙනවද ?

ඔව් දැනිලා තියෙනවා.

හිතේ තිබුණු දේවල් කියාගන්න බැරිව අතරමන්වුණු වේලාවන් තියෙනවද ?

අනේ අම්මෝ ඔව්. ඒ දේවල් හිතේම තියෙනවා.

කට්ට කාලා ඉගෙනගත්ත දේවල් මොනවද ?

අනිවාරෙන් ඔව්. යම් තැනකට කට්ට කන්නේ නැතුව සහ උනන්දුවක් නැතුව යන්න බැහැ. ලොකුම උදාහරණය තමයි මේ රංගන ක්ෂේත්‍රය. මම මේ තැනැට නිකම්ම ඇවිත් වැටුණ කෙනෙක් නෙවෙයි. මුලදී කට්ට කාලා තමයි මේ තැනට ඇවිත් ඉන්නේ.

ජිවිතේ අහිමිවීම් සිදුවෙද්දී ඒවා කොහොමද දරා ගත්තේ ?

මුලදී දුකක් දැනෙනවා. හැබැයි ඉතින් ඒවා අපට නොලැබෙන දේවල් කියලා හිත හදා ගන්න ඕන.ඒක පස්සේ යන එක තේරුමක් නැහැ. මොකද ඒ දේ අහිමිවෙලා ඉවරයි.

විවාහය ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ ?

විවාහ ජිවිතයට ඇතුළුවෙන්න ඕන.

තරුකාට පෙම්වතෙක් ඉන්නවද ?

දැනට නැහැ.

ආදරේ කරන්න අදහසක් නැද්ද ?

ඉතින් ආදරේ ගැන අදහසක් තිබුණට මදි. එයා විවාහයට සුදුසු වෙන්නත් ඕන.

පුංචි කාලේ කරපු දඟ වැඩ මතයිද ?

අනේ ඔව් .පුංචි කාලේ අපේ ගෙවල් ළඟ පහළ තිබුණ පොල් ගහක්. ඉතින් අපි ඒ ගසේ එල්ලිලා පොල් අතු පැදලා තියෙනවා.ඉතින් ඒවාගේ එල්ලිලා පැදලා වැටිලා තියෙනවා.තුවාලත් වෙලා තියෙනවා.අම්ම කොයිතරම් එපා කිව්වත් ඒක නවත්තන්න පුළුවන් වුනේ නැහැ. ගුටිත් කාලා තියෙනවා.

තව දවසක් ගෙවල් ළඟ ගෙදරක පාටියකට ගිය දවසක,  ඒ ගෙදර ළඟ වෙලක් තිබුණා.ඉතින් මමයි අක්කයි තව අය කිහිපදෙනෙකුයි උදේ 10ට ගිහින් හවස 04ට අවේ. එදා අපි දෙන්නටම අම්මා හොඳට ගැහුව්වා.

Hiru MegaStars ගැන මොකද හිතන්නේ ?

ඇත්තටම මගේ ජීවිතේට ලැබුණු හොඳම අවස්ථාවක් Hiru MegaStars කියලා කියන්නේ.මොකද මෙච්චර කල් ගොඩක් දෙනෙක් දැනගෙන හිටියේ මම රංගන ශිල්පිනියක් කියලා.

දැන් නර්ථන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයන් මම අඳුර ගනීවි. මගේ හැංගිලා තිබුණු දක්ෂතා මතුකර ගන්න හොඳ අවස්ථාවක්.මගේ කණ්ඩායමේ සියලුදෙනාම එකට එකතුවෙලා වැඩ කරනවා. ඒ අතරේදී විහිලු තහළු කරනවා සහ ලස්සන දේවල් සිද්ධ වෙනවා. අපි අලුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

නව පරපුරේ රංගන ශිල්පිනියක් ලෙස රසික හදවත්වල සිටින තාරුකා පිළිබඳව පුංචි සිහි කැඳවීමක් කළ වීඩියෝව පහතින් නරඹන්න...



ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන්කරණයේ "මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru MegaStars හිරු ටීවී වෙතින් සෑම සෙනසුරාදාම රාත්‍රී 8.30ට ආදරණීය ප්‍රේක්ෂක ඔබට රස විඳීමේ හැකියාව තිබෙනවා.



Description: Tharuka Wanniarachchi, Gossip, Sri Lankan Actress, Actress, Models,
Loading...