Amazone

November 5, 2016

Tagged Under: , , ,

Lakshika Jayawardana says viewers are loving her

By: Blog Poster On: 6:19 PM

මට රසිකයො ආදරෙයි – ලක්ෂිකා ජයවර්ධන

Lakshika Jayawardana
Lakshika Jayawardana says viewers are loving her

යොවුන් රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් වගේම නර්තන ශිල්පිනියක් ලෙස පුංචි තිරය ඔස්සේ ජනප්‍රිය චරිතයක් වුණ ලක්ෂිකා ජයවර්ධන පහුගිය දවස්වල කලා ක්ෂේත්‍රයේ වැඩි දෙනකුගේ කතාබහට ලක් වුණ චරිතයක් වුණා. මේ දවස්වල කලා ලෝකයේ අලුත් විස්තර වගේම පෞද්ගලික ජීවිතේ වෙන්නේ මොනවද කියලා කියන්න මෙවර මියුලැසි සමග ලක්ෂිකා කෙටි පිළිසඳරකට එක් වුණා.

ලක්ෂිකා මොනවද මේ දවස්වල තොරතුරු?

ජාතික රූපවාහිනියේ විකාශය වන ‘රූ.කොම්’ වැඩසටහන නිවේදන කටයුතු සහ වසන්ත මොරගොඩගේ අධ්‍යක්ෂණයෙන් දෙරණ නාලිකාවේ විකාශ වෙන ‘එහෙත් එහෙමයි ටෙලි නාට්‍යය’ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන ‘ටී ටුවෙන්ටි’ ටෙලි නාට්‍යවල රංගන කටයුතු වෙනුවෙන් මේ දවස්වල කාලය වැය වෙනවා.

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?

නිළියක් වෙනවා කියලා හිතලා පාසල් කාලේදිවත් වැඩ කළේ නැහැ. ඒත් ඒ කාලේ ඉඳලා කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා. මිචෙල් ෆොන්සේකාගේ අධ්‍යක්ෂණයෙන් ටෙනිසන් කුරේ සමග ‘සුපිරි අන්දරේ’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ තමයි මගේ පළමු රංගන දායකත්වය ලබා දෙන නිර්මාණය. එහි රඟපෑම වෙනුවෙන් ‘අන්තර්ජාතික හිරු රන් සම්මාන’ උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානයට මාව නිර්දේශ වෙලා තියෙනවා. මොනර කඩදාසි, කිරි කඬේ, යකඩ කහවනු ආදී කලා නිර්මාණ රැසකට මේ වෙද්දී දායක වෙන්න අවස්ථාව ලැබී තියෙනවා.

ඔබව රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් වගේම නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදියටත් දකින්න ලැබෙනවා. මේ හැමදේම වෙනුවන් කාලයක් තියෙනවද?

ඒ හැමදේම හොඳින් කරන්න මට ලැබිලා තියෙන එක මගේ වාසනාව. මාව හැමෝම අඳුනගත්තේ රංගන ශිල්පිනියක් විදියට. ඉතින් රංගනය කියන දේ මම දේවත්වයෙන් සලකන දෙයක්. කුලසිරි බුදවත්ත සර්ගෙන් නර්තනයත් හදාරලා තියෙන නිසා ඒ හරහා නර්තන කටයුතුවලට අවස්ථාව ලැබෙනවා. හැම දේම ආසාවකින් කරන නිසා කාලය ගැන ලොකු ගැටලුවක් වෙලා නැහැ.

පැතිරෙන කටකතා ගැන මොකද හිතෙන්නේ ?

මේ ක්ෂේත්‍රයේ කටකතා කියන දේ නම් ඕනෑම කෙනකුට පොදු දෙයක්. අනික ප්‍රසිද්ධියක් තියෙන කෙනෙකුටනේ කතා හැදෙන්නේ. මම හරි නම් කටකතා කියන දේ වැදගත් නැහැ කියලයි මං හිතන්නේ. ඒ ගැන හොද අත්දැකීම් තියෙනවා මට.

නිළියක් වුණේ අපරාදේ කියලා හිතෙන අවස්ථා නැද්ද?

චිත්‍රපටයක් හරහාම මට මේ ක්ෂේත්‍රයට එන්න ලැබීම මගේ ලොකුම වාසනාව. කිසිම දවසක එහෙම හිතෙන එකක් නෑ. රංගනයට මං ගොඩක් ආදරෙයි.

ලක්ෂිකාට දැන් පෙම්වතෙක් එහෙමත් ඇති නේද..?

කාලෙකට කලින් කෙනෙක් හිටියා. නොගැළපීම් නිසා වෙන් වෙන්න වුණා. මගේ අදහස්වලට ගැළපෙන කෙනෙක් ලැබුණොත් පෙම්වතියක් වෙයි.

ලක්ෂිකාගේ අනාගත බලාපොරොත්තු වගේම ඉදිරියේදී මොනවාගේ වෙනසකින් දකින්න පුළුවන් වෙයිද?

රංගන කටයුතු ඇතුළු කලා කටයුතු නම් ඉදිරියේදීත් මාව මේ විදියටම දකින්න පුළුවන් වෙයි. ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙන්නත් තියෙනවා. කවදා හරි ‘හොඳම නිළිය’ වෙන්න ඕනි කියලා හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම රැකියාවක් විදියට පෞද්ගලික අංශයේ රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දවස්වල ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදු කරනවා. ළඟදී මගේම ගීතයක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

දිල්රුක්ෂි ග්‍රේරු | (ඡායාරූප- චමිල කරුණාරත්න | උපුල් සී දයාවංශ)

Description: Lakshika Jayawardana, Actress, Models, Sri Lankan Actress,
Loading...