Amazone

November 4, 2016

Tagged Under: , , ,

Mayumi frenando - Miss Asia World Next top Model 2016

By: Blog Poster On: 10:27 PM

ඒකට හුගක් අය ආසයි - මයුමි ෆර්නැන්ඩෝ

ජාත්‍යන්තර නිරූපණ තරගාවලියක ශ්‍රී ලංකා නාමය ඉහළින් සටහන් කළ මයුමි ෆර්නැන්ඩෝ සමග  කළ පිළිසඳරකි මේ.

ඔබ ජය ලැබූ ජාත්‍යන්තර නිරූපණ තරගාවලියේ විස්තරවලින් කතාබහ අරඹමු?
ඒ තරගාවලිය World Next top Model නම් ජාත්‍යන්තර තරගාවලියක්. ලෝකයේ රටවල් 44 කින් ආපු වෘත්තීය මට්ටමේ නිරූපණ ශිල්පිනියන් එක්ක තමයි මට තරග කරන්න සිද්ධ වුණේ. මේ තරගය තිබුණේ ලෙබනනයේ. ඇත්තටම තරගයට ඒ රටට ගිය වෙලාවේ මගේ හිතට බයක් දැනුණා. ඒ මම ආධුනිකයෙක් නිසා. ඒත් පස්සේ ඒ බය නැතිවෙලා එතැන මට ගෙදර වගේ වුණා.

තරගාවලිය තුළ ඔබ වාර්තා කළ ජය ගැනත් කියමු?
ඒ තරගාවලියේ කලාපීය ජයග්‍රහණයක් මට ලැබුණා. Miss Asia World Next top Model 2016 කියන කිරුළ ලැබුණේ මට. ආසියානු කලාපය වෙනුවෙනුත් ගොඩක් තරගකාරියන් තරගයට එකතු වෙලා හිටියා. ඒ අය අතරින් මම කිරුළේ උරුමකාරිය වීම ගැන මට සතුටුයි.
මයුමි වෘත්තීයමය නිරූපිකාවක්ද?
නැහැ. මම වෘත්තියෙන් බැංකු නිලධාරිනියක්. මම පුද්ගලික බැංකුවක සේවය කරනවා. ඒ අතරේ තමයි නිරූපණ කටයුතු කරගෙන යන්නේ.

ඇයි මයුමි නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසෙන්න හිතුවේ?
මම දැනගෙන හිටියා මට ඒ හැකියාව තියෙනවා කියලා. මීට කලින් මම මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වෙලා අතරමැදින් තරගය නතර කළා. මම නිරූපිකාවක් වුණේ බ්‍රයන් කර්කෝවන්ගේ නිරූපණ පාසල හරහා.

ඔබ නිරූපිකාවක් වෙනවට දෙමව්පියෝ කැමැති වුණාද?
මගේ තාත්තා නම් මුලදී අකැමැති වුණා. ගෑනු ළමයකුට ඕවා හරියනවද කියලයි තාත්තා ඇහුවේ. අම්මා නම් උදව් කළා. දැනටත් මම යන එන හැම තැනටම මගේ අම්මත් එනවා. තාත්තාත් දැන් මගේ ක්‍ෂේත්‍රය ගැන අකැමැත්තක් නැහැ.

 නිරූපණ ක්‍ෂේත්‍රය සංවර ගැහැනු ළමයකුට නුසුදුසු තැනක්ද?
එහෙම එකක් නැහැ. අපි හරි විදියට ඉන්නවා නම් කවුරුවත් බලහත්කාරයෙන් අපිව වැරදිවලට ‍පොලඹවා ගන්නේ නැහැ.

මයුමිට ඒ වගේ නරක අත්දැකීම් නැද්ද?
ෆීල්ඩ් එකේ විවිධ අයට විවිධ බලපෑම් ඇවිත් තිඛෙන බව මට දැනගන්න ලැබිලා තියෙනවා. නමුත් අපි හොඳ නම් ඕනෑම තැනක් හොඳ තැනක් බවට හරවා ගන්න අපට පුළුවන්.

ලස්සන වෙන්න මොනවද කරන්නේ?
මම ලස්සන නැහැ කියලයි මම හිතන්නේ. ඇත්තටම ඉස්සර මම මේ තරම්වත් ලස්සන නැහැ. මට මේ පෙනුම ලැබුණේ මගේ අම්මාගෙන්. අම්මා ගොඩක් ලස්සන කෙනෙක්. කොහොමටත් හිත සතුටින් ඉන්නකොට මූණ ලස්සන වෙනවා. මගේ පෙනුමේ රහස ඒක. සම පැහැපත් කරගන්න මම වැඩිපුර වතුරබොනවා.

මොඩ්ලින් කරන්න ගත්තට පස්සේ තමයි මෙහෙම මම පිළිවෙළට ඉන්නේ. දැන් මේකප් කරගෙන ගෙදරින් එළියට යන්නේ. ඒත් ඉස්සර ඒ දේවල් ගැන කිසිම තැකීමක් කළේ නැහැ.

ජාත්‍යන්තරය දිනන්න අපේ සමේ තලෙළු පාට මයුමිට ගැටලුවක් වුණේ නැද්ද?
නැහැ. පැජන්ට් එකේ මේ ජය ලබන්න ඇත්තටම මට හමේ පැහැය උදව්වක් වුණා. මම සුදු නැහැ. මට සුදු වෙන්න වුවමනාවකුත් නැහැ. ලංකාවේ මගේ තලෙලු පාටට පිටරටවල අය ආසයි. හමේ පාටට වඩා ශ්‍රී ලාංකිකයන්ගේ ළෙන්ගතුකමට ඒ අය ආසයි.

විලාසිතා තෝර ගනිද්දී ඔබ ප්‍රමුඛතාව දෙන්නේ මොන සාධකවලටද?
බ්‍රෑන්ඩඩ් දේවල් පස්සේ එළවන කෙනෙක් ‍නෙවෙයි මම. මගේ ළඟ ඉතාම මිල අධික බ්‍රැන්ඩඩ් ඇඳුම් වගේම පේමන්ට් කඩවල ඇඳුම් එහෙමත් තියෙනවා. පාරේ යනකොට ලස්සන ඇඳුමක් දැක්කොත් ඒක මිලදී ගන්න මම ලජ්ජා වෙන්නේ නැහැ. මම කියන්නේ ඇඟ ලස්සන නම් ගොඩක් ඇඳුම් ලස්සනයි.

 කොට ඇඳුම්, ඇග පෙනෙන ඇඳුම් අඳින්න මයුමි පසුබට වෙන්නේ නැද්ද?
නිරූපිකාවකට අමතරව මම බැංකු නිලධාරිනියක්. ඒ ගැන හිතලා මම මගේ ගරුත්වය නැතිවෙන විදියට ෆැෂන් කරන්නේ නෑ. ඇත්තටම අනවශ්‍ය විදියට ඇග පේන්න අඳින්න මට අවශ්‍යතාවක් නෑ. කොහොමත් ඇඳුම් කොටට අඳින අය දිහා අපේ රටේ අය වැරදි විදියටනේ බලන්නේ.

නිරූපිකාවකට එහෙම තෝරා ගැනීමක් කරන්න පුළුවන්කම තියෙනවද?
අඳින්න අකැමැති ඇඳුම්වලට අකැමැත්ත කියන්න අපට පුළුවන්.

ඇඳුම් සම්බන්ධයෙන් විශේෂ කෙනෙක්ගෙන් තහනම් පැනවිලා ඇති එහෙනම්?
නැහැ. විශේෂ අය නිසයි මම මෙතැන ඉන්නේ. ඒ අය මට තහංචි පනවලා නෑ.

මේ ගමන එන්න උදව් කළ අය සිහිපත් කළොත්?
ප්‍රධාන වශයෙන් බ්‍රයන් කර්කෝවන් සහ අසංක. ඊළගට මගේ දෙමව්පියෝ, නෑදැයෝ, යාළුවෝ සහ මගේ කාර්යාලයේ අය මට මට උදව් කළා. නිරූපණය හදාරන යාළුවන්ගේ සහයෝගය මට ගොඩක් වටිනවා.
සඳමාලි වර්ණසූරිය

Description: Mayumi frenando Sri Lankan model wins Miss Asia World Next top Model 2016
Loading...