Amazone

November 3, 2016

Tagged Under: , ,

W.D. Amaradeva passes away

By: Blog Poster On: 2:24 PM

පණ්ඩිත් W. D. අමරදේවයන් අභාවප්‍රාප්ත වෙති


හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැළකෙන ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව ශූරීන් අද දිවි රඟමඩලෙන් සමුගත්තා. අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදුකෙරෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළා.පාංශුකූලය ලබාදීමෙන් අනතුරුව අමරදේව ශූරීන්ගේ දේහය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත ලබාදීමටයි තීරණය කර ඇත්තේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 88 ක්.
හෘදයාබාධයක් හේතුවෙන් අද උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලට  ඇතුළත් කෙරුණු අමරදේව ශූරීන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස අභාවප්‍රාප්ත වුණේ.

1927 දෙසැම්බර් මස 5 වනදා මොරටුවේදී මෙලොව එළිය දුටු අමරදේව ශූරීන් මියයන විට 88 වන වියේ පසුවුණා.

වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නම් වූ මොහු ප්‍රකට ගායකයෙකු මෙන්ම සංගීතඥයෙකු ලෙස හඳුනාගනු ලබන්නේ ඔහුගේ ආරෝපිත නාමය වූ අමරදේව නමින්. 

අමරදේව ශූරීන් ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කර පසුව ද්විතීක අධ්‍යාපනය සඳහා පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුලු වුණා.

ඉන් අනතුරුව ඔහු කළුතර විද්‍යාලයට සහ බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට ඇතුලුවී සිය අධ්‍යාපන කටයුතු අවසන් කළා.

විමලා අමරදේව සමඟ විවාහ වූ අමරදේව ශූරීන් දරුවන් තිදෙනෙකුගේ පියෙකුද වනවා.

අශෝකමාලා චිත්‍රපටය රූගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වූ මොහොමඞ් ගවුස් මාස්ටර්ගේ සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන් වාදකයා ලෙස අමරදේව ශූරීන් ඊට සම්බන්ධ වුණා.

අමරදේව යන නාමය ඔහුට ලබාදී ඇත්තේ් මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින්.

ලක්නව් හි පිහිටි භාත්කණ්ඩ සංගීත විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදෑරූ පණ්ඩිත් අමරදේවයන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළා.

පිලිපීන රමෝන් මැග්සේසේ සම්මානය, ඉන්දියානු පද්මශ්‍රී සම්මානය, කලාකීර්ති ජනාධිපති සම්මානය, දේශමාන්‍ය සම්මානය ආදී සම්මාන රැසක් පණ්ඩිත් අමරදේවයන් විසින් දිනාගෙන තිබෙනවා.

එමෙන්ම 1967 වසරේදී යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම  නිර්මාණය කළ අමරදේව ශූරීන් මාලදිවයින් ජාතික ගීයේ තනු නිර්මාණකරුද වනවා.

අමරදේවයන්ගේ සමුගැනීම පිළිබඳව ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා තම සංවේගය පළකලේ මේ අයුරින්.



Description: Sri Lankan Veteran musician Dr. Pandith W.D. Amaradeva passes away
Loading...