November 5, 2016

Tagged Under: ,

Weekly astrology prediction by sign

By: Blog Poster On: 6:28 PM

සතියේ පලාපල 2016 නොවැම්බර් 06 සිට 2016 නොවැම්බර් 12 දක්වාමේෂ – බාධා සහිතයි

නොදැනුවත්වම අන්‍යයන් අතර අවුල් වියවුල් පැන නැගිය හැකි නිසා වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් විමසිලිමත්වද, බුද්ධිමත්වද තම කටයුතු කරගත යුතුයි. ආකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වේ. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආදායම් වර්ධනය වේ. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. නොඑසේ නම් සමගිය සාමයට බාධා එල්ල වනු ඇත. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් ශුභයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායකයි. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ. සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.
ජය වර්ණය: රතු  ජය අංකය: 09

වෘෂභ – වැඩ දියුණු වේ
රැකීරක්ෂා තනතුරුවලට පත්වීමට බලා‍පොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට කරගත හැක්කේ බාධා අවහිරතා ගැටලු ප්‍රමාදතා මධ්‍යයේය . සතුරු කරදර බාධා ඉස්මතු වුවත් ඒවා මැඩ පවත්වාගෙන කටයුතු සාර්ථක කරගත හැක. ආදායම් ලැබිම අතින් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. එහෙත් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ වැඩකටයුතුවල කිසියම් දියුණුවක් පෙන්වයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. කෙසේද වුවත් හවුල් කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය: නිල්  ජය අංකය: 06
මිථුන – තත්ත්වය ඉහළට
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුවත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදා කරගත හැකි බව පෙනී යයි. ආදායම් ලැබිම අතින් නම් යහපත්ය. දියුණුවක් අභිවෘද්ධියක් ගෙනදේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. වාසි ලැබේ. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී සාමාන්‍ය අන්දමට තම කටයුතු සිද්ධ වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ශුභදායකයි. ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදා කරනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි.
ජය වර්ණය: කොළ  ජය අංකය: 05
කටක – මිශ්‍රපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ගැටලු මධ්‍යයේ තම කටයුතු ඉටුකර ගත යුතුයි. විටින් විට ප්‍රමාදතා අතපසු වීම්වලට ඉඩ පවතින බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් ලැබිය හැකි වුවත් අනපේක්ෂිතව හටගන්නා සිද්ධීන් තුළ වියදම් පක්ෂය ඉහළ යනු ඇත. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලට අයහපත් නොවේ. එහෙත් විටෙක දුරස්ථතාවන් ඇතිකළ හැක. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභදායක වේ. තම සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය: ක්‍රීම් පාට  ජය අංකය: 02
සිංහ – දියුණුවක්
වෘත්තීයසහ රැකියා කටයුතු උදෙසා වැඩි අවධානයක් යොමුවේ. වෘත්තීය කටයුතු උදෙසා කාලයත් යෙදෙන අතරම රාජකාරී කටයුතු උදෙසා දුරබැහැර ගමන් යෙදේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගනී. ගෙදෙර දොර කටයුතු යහපත් අයුරින් සිදුවේ. දරුවන්ගේ කටයුතු යහපත් අන්දමට සිදුවේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසෙන අතරම උත්සාහය සහ කැපවීම තුළින් ආදායම් මාර්ග උදාකර ගනී. සමාජීය සහ ආගමික අංශයේ කටයුතු යහපත්ය. ගමන් බිමන් අධිකයි.
ජය වර්ණය: රතු ජය අංකය: 01
කන්‍යා – බලා‍පොරොත්තු ඉටුවේ
වෘත්තීය සහ රැකීරක්ෂා අංශය තුළ තම කටයුතු යහපත් කරගනී. අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක වේ. විවිධ ක්ෂේත්‍රයන් තුළ තම කටයුතු ගොනුකරගෙන සැලසුම් සහගතව කිරීම තුළ යහපත් ප්‍රතිඵල ලබයි. බලා‍පොරොත්තු ඉටුවේ. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක ප්‍රතිඵල ලැබේ. ගෙදර දොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතු කරගෙන යාමේදී සාමාන්‍ය අන්දමට සිදුවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතුය. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු සාර්ථක ප්‍රතිඵල ගෙනදේ. සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතුයි.
ජය වර්ණය: කොළ  ජය අංකය: 05
තුලා – මිශ්‍රඵලයි
තමාගේ කටයුතුවලදී තමා බලා‍පොරොත්තු වන තරමට අන්‍යයන්ගේ සහයෝගය නොලැබේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ තමාගේ කටයුතු සාර්ථක කරගනී. ගෙදෙර දොර කටයුතු යහපත් වේ. සමගිය සාමයට පලුදු ඇති නොකළත් වචන පාවිච්චියේදී තරමක් කල්පනාකාරී විය යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතුයි.
ජය වර්ණය: නිල්  ජය අංකය: 06
වෘශ්චික – දියුණුවක් ලැබේ
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ සහයෝගය සහ උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කර ගනී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට යහපත්ය. වාසි සහගත තත්ත්වයක් උදා කරයි. ගෙදර දොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත් වේ. සමගිය සාමයට බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය කරයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගත හැක.
ජය වර්ණය: රතු   ජය අංකය: 09
ධනු – සමපලයි
තමන්ගේ කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා ඉස්මතු කළ හැකි වුවද ඒවා මැඩපවත්වාගෙන තම කටයුතු සාර්ථක කරගත හැක. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී තරමක් සැලකිලිමත් වන්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ තමාගේ කටයුතු ද යහපත් ප්‍රතිඵල උදා කරනු ඇත. ගෙදෙර දොර කටයුතු සාමාන්‍ය අන්දමට සිද්ධ වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ශ්‍රමයත් ධනයත් වැයවේ. අධ්‍යාපන අංශයේ යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකර ගත හැක.
ජය වර්ණය: රන්වන්  ජය අංකය: 03
මකර – ශුභ ප්‍රතිඵල
වැදගත් කරුණු රාශියක් ඉෂ්ට සිද්ධ කර ගනී. තමාගේ තත්ත්වය උසස් කර ගැනීමට අමුතු අලුත් ඉගෙනීම් ආරම්භ කරයි. නැතහොත් අමුතු වැඩකටයුතු ආරම්භ කරයි. නොයෙකුත් තරාතිරම්වල අය සමග වරින්වර ආශ්‍රය කිරීමට අවස්ථාව සැලසේ. අන්‍යයන් සමග කටයුතු කිරීමේදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුල ආර්ථික වාසි ලබයි. ගෙදෙර දොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. දුරබැහැර ගමන් කිහිපයක්ම යෙදේ.
ජය වර්ණය: නිල්  ජය අංකය: 06
කුම්භ – මිශ්‍රපලයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විටෙක ඔබ බලා‍පොරොත්තු වන තරමට කටයුතු සාර්ථක නොවේ. යම් යම් බාධා ප්‍රමාදතා මධ්‍යයේ තමාගේ කටයුතු  කර ගැනීමට සිදුවේ. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු යහපත්ය. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ සහගතයි. විවිධ ක්ෂේත්‍ර තුළින් ආදායම් වර්ධනය වේ. ගෙදෙරදොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට පුළුවන. දුරබැහැර ගමන් යෙදේ.
ජය වර්ණය: නිල්  ජය අංකය: 08
මීන – කැපවී වැඩකරයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධා අවහිරතා නැත්තේ ද නොවේ. කෙසේද වුවත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. ආදායම් ලැබිම අතින් යහපත් වුවද විටෙක අනපේක්ෂිත සිද්ධීන් උදාවීම තුළ වියදම් පක්ෂය පාලනය කිරීම අසීරුවේ. ගෙදරදොර කටයුතු කරගෙන යාමේදී විටෙක සමගිය සාමයට බාධා එල්ල වීම නිසා තරමක් කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ශුභයි. අලුත් විෂයයන් ඉගෙන ගනී. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් ප්‍රවේශම් වන්න.
ජය වර්ණය: රන්වන්  ජය අංකය: 03
– ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී ජී.ඇම්. ගුණපාල –
Description: Astrology, Life forecast every sign's horoscope for this week
Loading...