December 1, 2016

Tagged Under: , ,

Gossp Chat with Sri lankan Model Hasini Samuel

By: Blog Poster On: 4:39 PM

පැජන්ට් එකක් සඳහා කැමැත්තක් තියෙනවා හොඳම නිරූපිකාවක් වෙන්න තමයි මගේ කැමැත්ත. - හසිනි සැමුවෙල්



නව යොවුන්වියේ පසුවන මේ රුවැත්තිය තවම අධ්‍යාපන කටයුතුවල නිරතවන්නීය. නිරූපණයට දැඩි ඇල්මක් දක්වන ඇය නිරූපණය පිළිබඳ හැදෑරීම් කටයුතු සිදුකරන්නීය. නමින් හසිනි සැමුවෙල් වන ඇය, ඇගේ කලා තොරතුරු පිළිබඳ ‘සාරවිට’ මෙලෙසින් පැවසුවාය.

ඔබව හඳුන්වා දුන්නොත්?
මගේ නම හසිනි සැමුවෙල්. මගේ වයස අවුරුදු 18යි. තාම ඉගෙන ගන්න ගමන් තමයි නිරූපණය කරන්නේ. මොකද මටනිරූපණය ගැන වැඩි කැමැත්තක් තියෙනවා. ඊට අමතරව මම ෂේඩ් මිර්ර් ආයතනයට නිරූපණ කටයුතුවලින් දායක වෙනවා.


ඉගෙන ගැනීම් කටයුතු නිසා ගෙදරින් අකමැත්තක් නැද්ද නිරූපණය කරනවට?
මගේ කැමැත්ත තමයි නිරූපණය කියන දේ. ඉතිං ඉගෙනීමේ කටයුතු වෙනමම කරනවා. නිරූපණ කටයුතු සඳහාත් දායක වෙනවා. ඒක නිසා ගෙදරින් ප්‍රශ්නයක් නැහැ.

නවක නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ කටයුතු කරද්දී මොකද හිතෙන්නේ?
දැනට නම් මේ ක්ෂේත්‍රය මට ගොඩක් හොඳයි. ගොඩක් අවස්ථා ලැඛෙනවා. තමන්ගේ දක්ෂතාවයන් පෙන්නන්න පුළුවන්කමක් තියෙනවා.

තරගයක් සඳහා ඉදිරිපත් වෙන්න කැමැත්තක් නැද්ද?
ඔව් ඇත්තෙන්ම මම පැජන්ට් එකක් සඳහා කැමැත්තක් තියෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා පැජන්ට්වලට මුහුණදීලා ඒවගේ අත්දැකීම් අරගෙන හොඳම නිරූපිකාවක් වෙන්න තමයි මගේ කැමැත්ත.

එතකොට වෘත්තීය වශයෙන් මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
මගේ ඉගෙනීමේ කටයුතුවලිනුත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. වෘත්තීය නිරූපිකාවක් වෙන්නත් මම ගොඩක් කැමැතියි. මම හිතනවා ඉදිරියට යන්න පුළුවන් කියලා.

නිරූපණය හදාරනවා?
ඔව් මම නිරූපණය හදාරනවා. ෂේඩ් මිරර් ආයතනයෙන් සංවිධානය කරනු ලැබූ වැඩසටහනක් සඳහාත් දායක වෙලා ඉන්දියන් සුපර් මොඩල් නර්මදාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. එහිදී මට ගොඩක් දේවල් පිළිබඳව හදාරන්න අවස්ථාව ලැබුණා. අත්දැකීම් ගොඩක් ලැබුණා.

නිරූපණය ලේසිද?
ලේසිමත් නැහැ. වෘත්තීය වශයෙන් කරනවානම් ගොඩක් අත්දැකීම් තියෙන්න ඕනේ. හැබැයි ලේසී නැහැ.

කැපකිරීම් කරන්න ඕනේද?
ඔව් අනිවාර්යෙන්ම.

ගෙදරින් ලැඛෙන සහයෝගය?
දෙමාපියන් කැමතියි මං කැමති දේ කරනවට. එයාල මට ඉදිරියටත් සහයෝගය දෙයි කියලා හිතනවා. දැනටත් මට එයාලා ගොඩක් සහයෝගයක් දෙනවා. ඉතිං ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ නිසා මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත
සාරවිට
ඡායාරූප අනුග්‍රහය - හෂාන් පන්නිල (0779806627)





Description: Models, Sri Lankan Acress, Gossip, Sri lankan Model Hasini Samuel
Loading...