Amazone

January 25, 2017

Tagged Under: , , , ,

Local Aishwarya : Dinusha Siriwardana - Adara Nethu Actress

By: Blog Poster On: 12:34 PM

‘‘නෙතු’’ හැඩකරන ලෝකල් ඓෂ්වර්යා

ඓෂ්වර්යා රායිගේ රුවට සමාන තරුණියක් මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් දැක ගන්න පුළුවනි. විකාශය වන ශාන්ත සොයිසාගේ නවතම ටෙලි නිර්මාණය වන ‘‘නෙතු’’ නාට්‍යයේ නෙතු ලෙස පෙනී සිටින්නේ ඇයයි. ඇගේ නම දිනූෂා සිරිවර්ධනය. අද කතාබහ ඇය සමගයි.
දිනූෂා ඔබ ගැන හැඳින්වීමක් කරමු.
ගම මහරගම. පවුලේ මමයි, අම්මයි, අක්කලා දෙන්නයි. තාත්තා ජීවතුන් අතර නැහැ. පූර්ණකාලීනව මම නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.
 
ජුඩෝ ක‍්‍රීඞීකාවක් ලෙස ශ්‍රී ලංකා ජාතික සංචිතයේ හිටියා නේද?
ඔව්, මම කාලයක් ශ්‍රී ලංකා ජූඩෝ ජාතික සංචිතයට ඇතුළත් වුණා. අපේ අක්කාත් ජුඩෝ ක‍්‍රීඩාව ප‍්‍රගුණ කළා. ඉතින් ඒ නිසා තමයි මටත් ආසාවක් ඇතිවුණේ්.

ජූඩෝ ක‍්‍රීඩිකාවක වූ ඔබ කලා අංශයට ආවේ කොහොමද? 
මුලින්ම ප‍්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ වෙළඳ දැන්වීමකට පෙනී සිටීමට අවස්ථාව ලැබුණා. මගේ අක්කා හර්ෂිනි සිරිවර්ධනත් නිරූපණ කටයුතුවල යෙදුණා. ඉතින් මටත් එම අංශයට එන්න හිතුණා. දැන් අක්කා විදේශගත වෙලා සිටින්නේ.

ඔබගේ ප‍්‍රසිද්ධ වෙච්ච දැන්වීම් මොනවාද?
හොල්සිම්, සම්පත් බැංකුව ඇතුළු කීපයක්ම ජනප‍්‍රිය වුණා.
 
නිරූපිකාවක ලෙස වැඩිපුරම පෙනී සිටින්නේ මොන වාගේ අවස්ථා වෙනුවෙන්ද?
මම විලාසිතා නිරූපිකාවක් නෙවෙයි. බ‍්‍රයිඞ්ල් නැතිනම් මනාළියක ලෙස කරන නිරූපනවලට තමයි පෙනී සිටින්නේ.
 
කොපමණ වතාවක් ඒ විදියට පෙනී සිටියද?
නිරන්තරයෙන්ම පෙනී සිටිනවා. මොකද මගේ නිරූපන අංශය එය නිසා.
 
මේ විදියට මනාලියක වූ ඔබ ‘නෙතු’ වුණේ කොහොමද?
ශන්ත සොයිසා පැවැත්වූ තිර පරීක්‍ෂණයකට පෙනී සිටියා. ඇත්තටම ඒ අවස්ථාවට තරුණියන් විශාල පිරිසක් පැමිණ සිටියා. මාව මේ චරිතයට තේරේවී කියලා කීයටවත් හිතුණෙ නැහැ. මම මේ තිර පරීක්‍ෂණයට පෙනීසිටියේ පැතුම් රුක්‍ෂාන් අයියා කිව්ව නිසයි. කොහොමහරි එදා පිරිස අතරින් මාව තමයි තොරා ගත්තේ කියලා  දැනගත්න ලැබුණා.
 
මීට කලින් රඟපාලා තිබුණේ නැද්ද?
නැහැ. ඒත් දැන්වීම්වලට පෙනී සිටි නිසා ලොකු චකිතයක් නම් තිබුණේ නැහැ.
කොහොම වුණත් මුලින්ම රඟපෑම වෙනුවෙන් කැමරාව ඉදිරියට ගියාම මෙනවගේ හැඟීමක්ද ඇති වුණේ?
මුලින්ම මට දෙබසක් කියන්න තිබුණා. මම හිතුවෙ මට ඒ දෙබස පැටළේවී කියලයි. දෙබස පැටලූණේ නැහැ. ඒත් ඒ අවස්ථාව කීප වතාවක් රූගත කරන්න සිද්ධ වුණා.
 
මොකක්ද කියන්න තිබුණු දෙබස?
‘‘පව් අනේ ඒ බෝයි එච්චර ලොකු දෙයක් කරලත්, චේන් එක අරන් ආවට පස්සේ අර ගෑණු ළමයා කිව්වනේ ඒක ඉමිටේෂන් එකක් කියලා’’
මම ඉතින් කොහොමහරි ට‍්‍රයි කරලා ඒක කිව්වා.
 
කොහොමද දැන් මේ නෙතුට ලැබෙන ප‍්‍රතිචාර?
 තවම මෙය විකාශය පටන් අරගෙන සති තුනයි. සතියේ දින පහේම රාත‍්‍රි 8.30 ට විකාශය වෙන්නේ ස්වාධීන රූපවාහිනියෙන්. ඒ නාට්‍ය බොහෝ දෙනෙක් නරඹන බව පෙනෙනවා. ඇත්තටම දැන් බොහෝ දෙනා මා දිහා හැරිලා බලනවා. දැකලා පුරුදුයි කියලත් සමහරු මුමුණනවා.
 
ලෝකල් ඓෂ්වර්යා කියලා නේද සමහරු කියන්නේ?
එහෙම කියනවා නම් තමයි.
ඒනිසා කණ්ණාඩිය අසලට ගිහින් මූණ දිහා වැඩිපුර බලාගෙන ඉන්නවා ඇති.
එහෙම කවුරු හරි කිව්වම ඉතින් චුට්ටක් කණ්නාඩියෙන් බලන්න හිතෙනවා තමයි.
 
දිනුෂා කොහොම කෙනෙක්ද?
සරල කෙනෙක්. සැහැල්ලූවෙන් ඉන්න හරි ආසයි.
 
ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ දිගටම රැඳෙන්නද කල්පනාව?
රඟපෑම හදාරමින් හොඳ චරිත සමඟ රැුඳෙන්න ආසයි. නමුත් ඉන්දියානු හෝ කොරියානු නාට්‍ය නරඹන්න කැමති නැහැ. දේශීය ටෙලිනාට්‍ය කලාවේ හොඳ නාට්‍ය විකාශය වෙනවා. ඒවා නරඹන්න ආසයි.
 
වෙන මොනවටද දක්‍ෂ?
 නිරූපනයට හැර රඟපෑම ගැන හදාරන්න ආසයි. වෙන සිංදු කියන්න නටන්න එහෙම මට බැහැ.




Description: Hot & Sexy sri lankan model. Dinusha Siriwardana - Adara Nethu Acress
Loading...