Amazone

February 12, 2017

Tagged Under: ,

Dumal Warnakulasuriya migrates

By: Blog Poster On: 11:56 AM

අපි පිටරට පදිංචියට යනවා ඒත් ලංකාව අමතක කරන්නේ නෑ – දුමාල් වර්ණකුලසූරිය

ශාස්තී‍්‍රය සංගීතයත් එක්ක සංගීත ක්ෂේත‍්‍රයේ උඩුගම්බලා යන දුමාල් වර්ණකුලසූරිය දැන් දුවණියක් ඉන්න පියෙක්. පිය සෙනෙහස නිසාම ඔහු පහුගිය කාලයේ සංගීත ක්ෂේත‍්‍රයේ වැඩිපුර දකින්න ලැබුණේ නැහැ. එ් ගැන දැනගන්න වගේම ඔහුගේ සංගීත ජීවිතේ අලූත් තොරතුරු ඔහුට ආදරය කරන රසිකයින් වෙනුවෙන් මෙවර රිවිසරසි තුළින් කතා කරන්න අපි හිතුවා. ඔහු ඔහු ගැන අපිට කියු තොරතුරු පෙළගැස්මයි මේ.
දුමාල් මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ සංගීත කටයුතුවලට වඩා දියණිය නිසා කියලා අපිට ආරංචියි…?
අපේ පුංචි දුව දැන් ටික ටික ලොකු වෙනවා. දැන් එයාගේ වයස අවුරුදු එකයි. ජනවාරි මාසේ 31දා තමයි එයාට අවුරුද්ද ලැබුවේ. හරිම දඟයි. ඇෙ`ග් දැවටුණ ගමන් ඉන්නේ. එක තැනක ඉන්නේ නැහැ. නිදාගෙන හිටියොත් ඔළුව උඩින් හරි යනවා. එ්ත් හරිම හොඳ ගතිගුණ තියෙනවා. ආදරණීයයි. එයා නිසා ජීවිතේ දැනෙනවා. එයාගේ නම ධනාශ‍්‍රී ඉලේයානා. ධනාශ‍්‍රී කියන නම දැම්මේ මම ඉන්දියානු රාගයක් තියෙනවා එ් නමින්.

පවුලේ එකම දරුවා විදිහට වගකීම්වලින් බේරිලා ජීවත් වුණ දුමාල්ට විවාහයත් පිය පදවියත් එක්ක පවුලක තියෙන වගකීම හරිහැටි දැනෙනවා ඇති නේද..?
සැමියෙක් විදිහටත් පියෙක් විදිහටත් වගකීමක් තියෙනවා ජීවිතේ. එ්ත් එ් වගකීම බරක් විදිහට මට තවම දැනිලා නැහැ. දුවට තමයි මමත් බිරිඳත් වැඩිපුර අවධානය දෙන්නේ.
එයාගේ අනාගතය වෙනුවෙන් තමයි අපි මහන්සි වෙන්නේ. මාව තාත්තා කෙනෙක් කළේ එයා. එ් හැ`ගීම හැම දේටම වඩා මට දැනෙනවා. දුව ඉපදුණ මොහොතේ මට ඇති වුණ හැඟීම ඇත්තටම වචනවලට පෙරළන්න බැහැ. එ් හැ`ගීම අදටත් එ් විදිහටම මගේ හිතේ තියෙනවා. එ් නිසා ජීවිතේ විඩාබරක් දැනෙන්නේ නැහැ. වගකීමක් දැනෙන්නේ නැහැ.
ජනප‍්‍රිය බොහෝ අයගේ විවාහ මංගල උත්සවය අධික වියදම් දරමින් උත්සවාකාරයෙන් ගන්නවා. දුමාල් විවාහ උත්සවය වෙනුවට දියණියගේ උපන් දින සාදය උත්සවාකාරයෙන් ගත්තා නේද..?
මමයි මගේ බිරිඳ සෙන්යා විවාහ වෙන්න කලින්ම ඉ`දලා අපි ආස කළා අපිට දියණියක් ලැබුණොත් එයාගේ උපන් දිනය උත්සවාකාරයෙන් ගන්න. එ්ක අපි දෙන්නටම තිබුණු හීනයක්. එ් නිසා දුව වෙනුවෙන් අපි එයාගේ උපන් දිනය ලස්සනට කළා. අපි විවාහය නම් හරිම චාම් විදිහට ගත්තේ. වියදම් වෙන මුදල පුණ්‍ය කටයුතුවලට දැම්මා.
විවාහයවත් කරන පුණ්‍ය කටයුතුවත් අපි මාකට් කළේ නැහැ. කරන්නෙත් නැහැ.
dumal-3ගෙදර වැඩවලට දුමාල්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද..?
මමයි බිරිඳයි තමයි ගෙදර වැඩ කටයුතු කරන්නේ. අපේ සහයෝගයට කවුරුත් නැහැ. එ් නිසා හැම වැඩක්ම අපිටම කරගන්න වෙනවා. දරුවෙක් බලාගන්නවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. බිරිඳ තමයි වැඩිපුරම වෙහෙසෙන්නේ. එයා මම ගැනත් හොයලා බලනවා. එ් වගේම මම ගෙදර හිටියොත් සෙන්යා වැඩ කරනකල් බලාගෙන ඉන්නේ නැහැ. ගෙදර සියලූම දේවල් කරනවා. උයන එක හැරෙන්න. මට උයන්න පුළුවන්. ඉන්දියාවේ ඉන්න කාලේ මම තනියම උයාගෙන කෑවේ. එ්ත් කිසිම රහක් නැහැ. එ් නිසා එ් කටයුත්ත අනිවාර්යයෙන්ම කරන්නේ සෙන්යා. එයාට රසට උයන්න පුළුවන්.

එ් කියන්නේ දුමාල් දක්ෂ ගායකයෙක් වගේම හොඳ සැමියෙක් කියන එකද..?
අනිවාර්යයෙන්ම ඔව්. මම හොඳ සැමියෙක්. මට හොඳ බිරිඳක් වාසනාවට වගේ ලැබිලා තියෙනවා. එයාගේ හොඳකම නිසාම මටත් හොඳ, වගකීම් ඉටුකරන සැමියෙක් වෙන්න පුළුවන් වුණා. කවුරු හරි කිව්වොත් මම සාර්ථක සැමියෙක් නෙමෙයි කියලා මම නම් එ්ක පිළිගන්නේ නැහැ.
සංගීත වැඩ කටයුතු නිදහසේ කරගන්න දුමාල්ගේ ගෙදර පරිසරය සැකසිලාද තියෙන්නේ. බිරිඳගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද..?
කලාකරුවෙක්ගේ බිරිඳකට කලාකාරිනියකගේ සැමියෙක්ට එ් වෘත්තිය ගැන අවබෝධයක් තියෙන්න ඕන. වේලාවක් තැනක් ගැන හිතලා වැඩ කරන්න බැරි බව විශේෂයෙන්ම මතක තියෙන්න ඕන. එහෙම වුණේ නැත්නම් එ් පවුල් ජීවිතේ සාර්ථක නැහැ. සෙන්යා කියන්නේ මං ගැන වගේම මම කරන දේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරන කෙනෙක්. එ් නිසා මම කරන දේවල් මට ඕන විදිහට කරගන්න එයා උදව් කරනවා. එ් දේවල්වලට තවම නම් නීති වැටිලා නැහැ.
දියණියට ඔබේ ජීවිතේ මුල්තැන දුන්න නිසා සංගීත වැඩ කටයුතුවලින් දුමාල් දැන් පසුපසට ගිහින් කියලා ආරංචියි…?
සාමාන්‍ය විදිහට සංගීත ජීවිතේ වැඩ කරගෙන යනවා. එ්ත් ඉස්සර තරම් මහන්සිවෙලා ලොකු කාලයක් එ් සඳහා යොමු කරන්නේ නැහැ. එ් වගේම පුහුණුවීම් කටයුතු මගහැරිලා. දුවත් එක්ක එකට ඉන්න ටිකක් වැඩිපුර කාලය ගන්නවා. එ්ත් කලා කටයුතුවලින් ඈත් වෙන්න අදහසක් නැහැ. සංගීතය වෘත්තීය නිසා එ් දේවල් මග හැරගන්නේ නැහැ.
දුමාල්ගේ අලූත් ගීත අහන්න දකින්න කැමැත්තෙන් ඉන්න රසිකයින්ට නිර්මාණ එළිදක්වන්නේ නැද්ද? ශාස්ත‍්‍රීය ගීතයෙන් මිදෙන්නේ නැත්තේ ඇයි..?
දුවගේ වැඩ කටයුතු නිසා මම කරමින් හිටිය ගීතයක් කරන්න බැරි වුණා. එ් ගීතය දැන් පටිගත කරලා ඉවරයි. එ් ගීතයට වීඩියෝ එකක් කරලා අපේ‍්‍රල් මාසයට කලින් එළිදක්වන්න මේ දවස්වල මම වැඩකරගෙන යනවා. මට ආදරේ කරන අය වෙනුවෙන් වෙනස් වූ නිර්මාණයක් දකින්න පුළුවන්. මාව හැමෝම දන්නේ මගේ හඬට හැමෝම ආදරය කරන්නේ මම ගයන ශාස්ත‍්‍රීය ගීත නිසානේ. එ්ත් මේ ගීතය ඊට වඩා වෙනස්.
ශාස්ත‍්‍රීය ගීතයෙන් යම්තාක් දුරට වෙනස් වුණා කියන්න පුළුවන්. මේ ගීතය 2011 ඉදලා හදන්නේ.
ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට පසුබිම් ගායනයට එදා දුමාල්ට තිබුණු ඉල්ලූම දැන් නැද්ද..?
ඉල්ලූමේ නම් අඩුවක් නැහැ. මම සංගීත ක්ෂේත‍්‍රයට එකතුවෙලා අවුරුදු හතක් විතර වෙනවා. මේ කාලෙට මම ටෙලි නාට්‍ය පහළොවක විතර පසුබිම් ගී ගයලා තියෙනවා. සමන් පෙරේරා මහත්මයා සංගීත අධ්‍යක්ෂණය කළ අලූත් ටෙලි නාට්‍යයකත් පසුබිම් ගායනයට ඇරයුම් ලැබුණා. එ්කටත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව අලූත් චිත‍්‍රපට හයක විතර පසුබිම් ගී ගායනය කළා. එ්වා ළඟදීම තිරගත වෙයි.
දුමාල් සංගීත ජීවිතයෙන් සමුඅරගෙන විදෙස්ගත වෙනවා කියලත් ආරංචියක් තියෙනවා. එ් කතාව ඇත්තක්ද කියලම අපේ කතාබහට සමු දෙමු..?
මම සංගීත විෂයෙන්ම පශ්චාත් උපාධිය හදාරන්න ඉන්නේ. එ්කට තමයි අපි විදෙස්ගත වෙන අදහසින් ඉන්නේ. එ්ත් සංගීත ක්ෂේත‍්‍රයේ මම ළ`ගින් ඇසුරු කරන ප‍්‍රවීණ ශිල්පීන් බොහෝදෙනෙක් මට කිව්වා ඉගෙන ගෙන එන්න පදිංචියට නම් යන්න එපා කියලා. එ්ත් අපි පදිංචියට යන්න තමයි සැලසුම් කරන්නේ. සංගීත ජීවිතයට සමුදෙන්න අදහසක් නම් නැහැ. ලංකාව අමතක කරන්නේ නැහැ.
හර්ෂණී වීරරත්න
ඡුායාරූප: නිපුන් ලියනගේ


dumal-1 dumal dumal-2
Description: Sri Lankan Musician Dumal Warnakulasuriya claims he is going to migrate
Loading...