Amazone

February 12, 2017

Tagged Under: , , , ,

Oshadi Hewamadduma in Sri Lankan politics

By: Blog Poster On: 10:13 AM

ඒ කාලෙ එකෙයි මේ කාලෙ එකෙයි වෙනසක් තියෙනවා - ඕෂදී හේවාමද්දුම

ඕෂදී හේවාමද්දුම කියන්නෙ මේ රටේ හිට් එකක්. මෙයාගේ ලස්සන හිනාවටයි නිහතමානීකමටයි අපේ රටේ උදවිය දක්වන්නෙ හෙන ආදරයක්. ඒ ආදරේ හිංදම ඕෂදීගේ වගතුග හොයන්නත් මේ රටේ කටිටිය උනන්දු වෙනවා.
කලින් වගේ නෙවෙයි දැන් යන මෙගා ටෙලිවලත් ඕෂදී දකින්න අමාරුයි. ඒ කාලෙ කොහොම වෙතත් දැන්නම් ඕෂදී මෙගා නාට්‍ය ගැන කතා කරන්න තරමක් අකමැත්තක් දක්වනවා. මේ ඒ ගැන එයා කියල තියෙන දේවල්
අනේ මෙගා නාට්‍යගැන නං කතා කරන්න එපා. ඒ කාලෙ මෙගා නාට්‍යවගේ නෙවෙයි දැන යන ඒවා. එදා ඒවට වඩා දැං යන ඒවයෙ ලොකු වෙනසක් තියෙනවා. දැන් ඒවයෙ ගුණාත්මකබව ගැන දෙවරක් හිතන්න වෙලා. අනික දැන් ටෙලියක නිශ්පාදනයෙ ඉදල කලාකරුවන්ට දක්වන සැලකිල්ල දක්වා හැම දේම බින්දුවට වැටිලා. කලාකරුවන්ට දැන් ලැබෙන්නෙ හරි අඩු වටිනාකමක්.
ඕෂදී දේශපාලනයට එන කතාවකුත් පැතිරිලා යන නිසා ඒ ගැනත් ඇය කිව්වේ මෙහෙම?

මට අමුතුවෙන් දේශපාලනයට එන්න දඟලන්න ඔීන නෑ. මොකද මම පුර්ණකාලිනව දේශපාලනයේ යෙදිලා ඉන්න කෙනෙක්. සමහරු හිතන්නෙ මම මේ අද ඊයේ දේශපාලනය කරන්න ආව වගේනේ.
යාළුවෝ පිරිවරාගෙන ඉන්නෙ දේශපාලන ඉලක්ක සපුරා ගන්නද?
මම එහෙම යාළුවෝ පිරිවරාගෙන නෑ. ඒත් මම හැමෝම එක්ක සුහදයි. ඉන් එහාට මගේ බොක්කෙ සබදතා කාත් එක්කවත් නෑ.

 

Description: Oshadi Hewamadduma, Politics, Gossip, Actress, Sri Lankan Actress,
Loading...