Amazone

February 23, 2017

Tagged Under: ,

Tamanna Bhatia Refuses Wearing A Bikini On Screen

By: Blog Poster On: 1:13 AM

ආපහු කවදාවත් බිකිනියක් නම් අඳින්නේ නෑ – තමන්නා භාටියා


තමන්නා භාටියා බොලිවුඩ් සිනමාවේ සරාගීතම නිළිය හැටියට අභිෂේක ලැබුවේ පසුගිය සතියේදීයි. මේ ඇය සමග කළ සංවාදයක සිංහල අනුවාදයයි.
දමිළ සිනමාවේ රඟපෑවාට ඔබට දෙමළ භාෂාව හොඳටම බැහැ නේද?
මම බොම්බායේ ඉපදුණු කෙනෙක්. ඒ නිසා භාෂාව ගැන ‍පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි. ඒත් පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මම රඟපෑවේම දමිළ චිත්‍රපටවල. ඒ නිසා මට දැන් නම් දෙමළ භාෂාව ඉස්සර තරම්ම අමාරු නැහැ.
පවුල් පසුබිමෙන් ධනවත් කාන්තාවක් වන ඔබ රඟපාන්නේ මුදල් බලාගෙනද?
මගේ තාත්තා දියමන්ති වෙළෙන්දෙක්. අපේ පවුල ධනවත් බව ඇත්ත. අපට තිබුණේ සුපිරි ළමා කාලයක්. නමුත් එහෙමයි කියලා රැකියාවක් නොකර ගෙදර රැඳිලා ඉන්න මම කැමැති නැහැ. අනිත් අතට රඟපෑම කියන්නේ මුදල්ම නමෛයි. ඒක මට තෘප්තියක්.

අවංකවම කිව්වොත් ඔබ කැමැතිම නළුවා කවුද?
මේ නම කියන්න මට ලැජ්ජයි. ඒත් මම කියන්නම්. ඔහු රිතික් රෝෂන්. ඔහු වැරදි අවබෝධයක් ලබන එකක් නැහැ කියලා මම හිතනවා.
ඉන්දියාවේ බොහෝ නිළියන් දුම්පානය කරනවා. ඔබත් දුම්පානය කරනවද?
කවදාවත් නැහැ. කිසිම දවසක නැහැ.
ඔබ මේ දවස්වල කාටහරි ආදරය කරනවද?
මම කලා ක්‍ෂේත්‍රයට ආවේ වයස අවුරුදු 13 දී. එදා පටන් මට අයිති වුණේ මහ පුදුම ලෙස කලබලකාරී ජීවිතයක්. මම ආදරය කරන්නේ කලාවට. මට කවුරුවත් පස්සෙන් යන්න තියා මට මගේ මිතුරු මිතුරියන්ව ආශ්‍රය කරන්නවත් වෙලාවක් නැහැ. මේ කාලයේ අංක එකේ තියෙන්නේ කලාව.
අවුරුදු 13 දී ඔබ සිනමාවට ආවේ කාගේ උදව් ඇතුවද?
මම පාස‍ලේ විවිධ ප්‍රසංගයට නැටුම් ඉදිරිපත් කරනවා දැකපු අධ්‍යක්ෂවරයෙක් මාව කලාවට සම්බන්ධ කළා.
විවේකයෙන් ඉන්න වෙලාවට ඔබ මොනවද කරන්නේ?
මම චිත්‍රපට බලනවා. ඒ වගේම මදි නොකියන්න නිදියනවා. ඇත්තම කිව්වොත් ඒවා මගේ ජීවිතේ අරමුණු වගේ. හැම වෙලාවෙම බලන්නෙ මේ විදියට නිදහස් වෙන්නේ මොන වෙලාවද කියලයි.
ඔබ වැඩිපුරම කැමැති චිත්‍රපටය මොකක්ද?
‘Life or something like it’ ඒක විස්මයජනක චිත්‍රපටයක්. මම කීප වතාවක් නැවත නැවත බලපු චිත්‍රපටයක්. ඕනෑම මිනිත්තුවක්, ජීවිතේ අවසාන මිනිත්තුව වෙන්න පුළුවන් කියලා මම තේරුම් ගත්තේ ඒ චිත්‍රපටය බැලුවට පස්සේ.
ඔබේ ජීවිතේ පරමාදර්ශය කවුද?
මධුරි ඩික්සිත්.
සිනමා කර්මාන්තය ගැන ඔබ සතුටුද?
ඔව්. මට ලැබෙන දීමනා ගැන මම හරිම සතුටුයි.
සිනමා ජීවිතේ අනාගතය ගැන තියෙන සැලසුම මොනවගේද?
හැමදාමත් මම හින්දි සිනමාව සහ දමිළ සිනමාව කියන දෙකම නියෝජනය කළා. ඇත්තටම ඒ දෙක තුළම රැඳී ඉන්න වැඩිපුර චරිත භාරගන්න තරම් මම රඟපාන්න පෙරේතයි. ඉදිරියටත් ඒ පෙරේතකම එහෙමම තියේවි.
චරිතවලට තියෙන පෙරේතකම නිසා ඔබ ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්ද?
අභියෝගවලට මුහුණ දෙන්න මම සූදානම්. ඒත් මොනම චරිතයක් වෙනුවෙන්වත් ආපහු බිකිනි ඇඳුම අඳින්න නම් මම කිසිසේත්ම කැමැති වෙන්නේ නැහැ.
මීට ටික කාලයකට කලින් ඔබ සහ විරාත් කෝලි ගැන කටකතාවක් තිබුණා නේද?
ආහ්.. එහෙමද?
නිවාඩුවක් ගතකරන්න යන්න කැමැති කොහේද?
පැරීසියට, ඩුබායිවලට හෝ කාෂ්මීරයට.
හැමදාමත් බොළඳ චරිත රඟපාන වාණිජ නිළියක් වෙලා ඉන්න කැමැතිද?
වාණිජ සිනමාව ගැන අකැමැත්තක් නැහැ. වාණිජ සිනමාවේ රඟපෑම අමාරුයි කියලයි මම හිතන්නේ. මොකද රඟපෑම ආදරණීය සහ ආකර්ෂණීය වෙන්න ඕන නිසා.
සඳමාලි වර්ණසූරිය
thammanna (1)

Description: Wait...what? Tamanna Bhatia is not wearing a bikini ever on-screen?
Loading...