Amazone

February 22, 2017

Tagged Under: , , , ,

Upeksha Swarnamali & Her Baby gossip lanka

By: Blog Poster On: 7:37 AM

තාත්තාට සතුටුයි මට ඉරිසියාවයි. දෝණි තාත්තා වගෙයි කියනකොට. -උපේක්ෂා ස්වර්ණමාලි

කලා කටයුතුවලදී වගේම දේශපාලනයේදීත් අවධානය දිනා ගත් ඇය මේ දිනවල කාර්යබහුල වෙලා තියෙන්නේ මවගේ රාජකාරියත් එක්කයි. දිය‚යගේ හුරතල් එක්ක ජීවිතේ ගෙවන උපේක්ෂා ස්වර්ණමාලිව එකතුකරගෙන ඇගේ අලුත් තොරතුරු මෙවර එකතු කරන්න අපි හිතුවා. මේ සටහන ඒ පුංචි පවුලේ තොරතුරු ගැනයි.

මව් පදවිය එක්ක උපේක්ෂා පැය විසිහතරම කාර්යබහුල වෙලා කියලා ආරංචියි..?
මව් පදවිය ලබන්න ආසාවෙන් ඉන්න කාලේ වගේ නෙමෙයි මව්පදවිය ලැබුවාට පස්සේ. ඒක හිතන තරම් ලෙහෙසි නැහැ. පැය විසිහතරම කාර්යබහුලයි. දරුවා එක්කම ඉන්න ඕන. අපිට වගේ නෙමෙයි. නොතේරෙන වයසත් එක්ක එයාගේ හැම හැඟීමක්ම අපිට තේරුම් ගන්න වෙනවා. අ~නකොට අ~න්නේ මොන අපහසුතාවටද කියලා හිතන්න අමාරුයි. ඒත් එයාව ආදරෙන් තුරුලු කරගන්න පුළුවන් මානසිකත්වයක් අපිට තියෙන්න ඕන. මම හිතන්නේ හැම අම්මා කෙනකුටම මේ අපහසුතා දැනෙනවා ඇති. ඒත් දරුවා තව ටිකක් ලොකු වුණාට පස්සේ ඒ තරම් අපහසුතාවයක් නොදැනෙන්න පුළුවන්.

තනිකඩ ජීවිතේට වඩා මව්පදවිය බැරැරුම් වගකීම් සහිත නිසා ජීවිතේ විඩාබර ඇති..?
ජීවිතේ විඩාබරයි. හරිම මහන්සි ගතියක් දැනෙනවා. දරුවා ලැඛෙන්න ඉන්නකොට වේදනා වින්දා. ඒ වේදනා බරින් නිදහස් කියලා හිතුවා දරුවා ලැබුණාට පස්සේ. ඒත් තව වගකීමක් දරන්න වුණේ. නමුත් මට ඒ දේ බරක් විදිහට දැනෙන්නේ නැහැ. විඩාබර ගතිය නොදැනෙන තරම්ම ජීවිතේට වෙනසක් දැනෙනවා. මේ ජීවිතේ හරිම සුන්දරයි.

ජීවිතේ අරුත්බර වුණේ ඉතිං දුව නිසා තමයි. ඇත්තටම කිව්වොත් මව් පදවිය කියන එක වචනවලට ගළපන්න බැහැ. අම්මා කෙනකුගේ හැඟීම දැනෙන්නේ අම්මා කෙනකුටම විතරයි.

උපේක්ෂා කියන්නේ තනිකඩව ඉන්න කාලේ වැඩි වේලාවක් විවේකීව ඉන්න වේලාව හොයා ගත්ත කෙනෙක් නේද..?
ඔව්. මම නින්දට හරිම කෑදර කෙනෙක්. මට නින්ද පැය අටක්වත් ඕන. පොඩි සද්දයකට හරි මගේ නින්ද කැඩුණොත් මම ඊටත් වඩා කාලයක් නිදා ගන්නවා. කෑම කන්න ගියත් නාන්න ගියත් වෙන වැඩක් කරන්න ගියත් මම ඒ වැඬේ කරන්න ලොකු කාලයක් ගන්නවා. ඒත් මගේ ඒ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළේ මගේ දුව. දැන් මම වැඩ කරන්නේ එයාගේ ජීවිතේ ගෙවෙන විදිහටයි. දුවව එක අතින් වඩාගෙන මම විනාඩි දෙකතුනට කන්නත් පුරුදු වෙලා. හැම වැඩක්ම කරන්නේ හරි ඉක්මනට. මුල් කාලේ නම් මට ඒ ජීවිතේට හුරු වෙන්න අමාරු වුණා. ඒත් දැන් නම් මම වෙනස්. දැන් මම නියම අම්මා කෙනෙක් වගේම හොඳ ගෘහ‚යක් කිව්වොත් හරි.

ඒ කියන්නේ උපේක්ෂා දුව‚යගේ සියලුම වැඩකටයුතු තනිවම කරගන්නවා කියන එකද..?
ඔව්. දුවව රෝහලෙන් ගෙදර ගෙනාවට පසුව ඉදලම මම තමයි එයාව නාවන්නේ. මම එයාගේ වැඩ වෙන කෙනෙක්ට කරන්න දෙන්නේ නැහැ. මගේ අම්මත් තවකෙනෙකුත් උදව්වට ඉන්නවා. මගේ උදව්වට කවුරු හිටියත්. මම දන්නේ නැති දෙවල් අම්මාගෙන් හරි අහලා ඒ දේ මම තනියම කරනවා. කාටවත් පවරලා මම නිදහසේ ඉන්නේ නැහැ.

උපේක්ෂා රූපය ගැන හිතන්නෙත් නැද්ද..?
හු`ගක් අය කියනවා විවාහ වුණාට පස්සේ එහෙම නැත්නම් දරුවෙක් ලැබුණට පස්සේ කැත වෙනවා කියලා. ඒත් අපි හරි විදිහට පෝෂණ සහිත ආහාර ගන්නවා නම් එහෙම කැත වෙන්නේ නැහැ. මම දැන් කෙට්ටු වෙලා. මට හිතෙන විදිහට නම් මම දැන් තමයි ලස්සන. මගේ රූපය කැතවෙයි කියලා මම නම් මගේ දරුවාට මව් කිරි නොදී ඉන්නේ නැහැ. මම බබාට අවුරුද්දක් යනකල් දෙන්නේ මව්කිරි. දරුවාට කිරි දෙන්න නම් මම පෝෂ්‍යදායක ආහාර ගන්න ඕන. මම පිටරටක ජීවත් වුණ කෙනෙක් විදිහට ඉස්සර නම් බත් කෑවෙම නැහැ. ඒත් මම දැන් හොඳට බත් කනවා. එළවළු, පලතුරු වැඩිපුර කනවා.

අපේ ගෙවත්තේ මට ඕන පලතුරුත් තියෙනවා. මම ඒ දේවල් කරන්නේ මගේ රූපය පවත්වා ගන්න නෙමෙයි. දරුවා ගැන හිතලා. නමුත් මමත් නිරෝගියි.

පවුලට එකතු වුණ අලුත්ම සාමාජිකාවගේ හැඩරුව කවුරු වගේ කියලද ප‍්‍රතිචාර එන්නේ..?
අපේ දුව ධනුජී ෂැනන් පෙරේරා. මාස තුනයි. දුව ඉපදුණ දවසේ නම් හුඟක් අය කිව්වේ සමන්ත වගේ කියලා. ඒ ප‍්‍රතිචාරවලට සමන්ත හුඟක් සතුටු වුණා. එතකොට මට නම් ඒ ගැන ඊර්ෂි්‍යාවක් ඇති වුණේ. මං වගේ කියලා කවුරුත් කිව්වේ නැති නිසා. ඒත් දැන් නම් දුවගේ හැඩරුව මං වගේ කියලයි හුඟ දෙනෙක් කියන්නේ. එතකොට සමන්තට ඊර්ෂ්‍යයි. ආදරේදී ඇතිවෙන ආත්මාර්ථකාමි හැඟීම තමයි ඒ විදිහට එළියට එන්නේ.

ඇය සමීප ඔබටද, සමන්තටද..?
මම නිතරම එයා ළඟ ඉන්න නිසා එයාට එපා වෙලත් ඇති. ඒත් එයා මාව වගේම සමන්තව හොඳටම අඳුරනවා. එයා ඉපදුණාට පස්සේ සමන්ත ළඟදී දවසක හදිසි වැඩකට ගිහිං ? ආවේ නැහැ. උදේ සමන්ත මට කතා කළා. ඒ ඇමතුම එන වේලාවේ දුව හිටියේ කිරිබොන ගමන්. සමන්තගේ කටහ~ ඇහිලා එයා කිරි බොන එක නතර කරලා දොර දිහා බැලුවා. ඇත්තටම මටත් පුදුම හිතුණා එයා ප‍්‍රතිචාර දැක්වු විදිහට. දුවක් නිසා ඉතිං තාත්තාට වැඩිපුර එකතු වෙයි කියලා හිතෙනවා.

කොහොමද ඔබේ සැමියා සමන්තගෙන් පවුලට ලැඛෙන සහයෝගය..?
සමන්ත කියන්නේ ව්‍යාපාර කටයුතු එක්ක කාර්යබහුල වෙන කෙනෙක්. එයාගෙන් මට ගෙදර වැඩට හෝ මට උදව්වක් බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් ජීවන වියදම හොඳටම දැනෙනවා. එයා ආර්ථීක මට්ටමින් ශක්තිමත් වෙලා ඉන්න ඕන. ඒකට එයාට මගේ සහයෝගය දෙන්න වෙන්නේ එයාට අවශ්‍ය නිදහස දීලයි. මම ඒ නිදහස එයාට දෙනවා. එයාගෙන් අපිට ආදරේ ආරක්ෂාව රැකබලාගැනීම ලැඛෙනවා. මට නම් ඒ හොඳටම ඇති.

දුව‚ය නිසා උපේක්ෂාගේ ආදරේ සමන්තට අඩු වෙලා කියලා තවම චෝදනා ඇවිත් නැද්ද..?
මම එයාට ගොඩක් ආදරෙයි. ඒ ආදරේ වෙනසක් වෙලා නම් නැහැ. මගේ වයසත් එක්ක බලද්දී සමන්ත මට වඩා ටිකක් වැඩිමහල්. එයා ජීවිතේ පරිණත බව විඳිනවා. මම හිතන්නේ ඒ නිසාම එයා මාව තේරුම් අරගෙන ඉන්නේ. ඒත් මුල් දවස්වල නම් මම සමන්තගේ ආදරේ ඉල්ලමින් දැවටුණා පොඩි එකෙක් වගේ. දැන් මගේ ආදරේ අඩු වෙලාද කියලා එයාගෙන්ම අහලා බලන්න ඕන.

ආයෙමත් කලා කටයුතුවලට එකතු වෙනවාද.. නැත්නම් උපේක්ෂාගේ දක්ෂතාත් ගෙදරට සීමා වෙයිද..?
මම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍ය දෙකක් නැවත විකාශය වෙනවා. රියැලිටි නර්තන තරගයකටත් ආරාධනා ලැබුණා. ඒකට තවම කැමැත්ත ප‍්‍රකාශ කළේ නැහැ. මම දුව එක්ක වැඩිපුර කාලයක් හිටියත් මැරෙනකල්ම රඟපාන්න ආසයි. මට සමන්තගෙන් නීති වැටිලත් නැහැ, රඟපාන්න එපා කියලා. ඉස්සර සමන්තත් මගේ රසිකයෙක් කියලයි එයා නම් කිව්වේ. ඒ නිසා ඉදිරියේදී රඟපානවා. පවුලේ ආර්ථීකයට ශක්තියක් වෙන්න මමත් කැමැතියි ගෙදරට සීමා වෙලා ඉන්නේ නැතුව. ඒත් පවුලට තමයි මගේ ජීවිතේ පළමු තැන කියන එකත් මතක් කරන්න ඕන.

හර්ෂŒ වීරරත්න
ඡායාරූප - චමිල කරුණාරත්න

Description: Upeksha Swarnamali, Life, Sri Lankan Actress, Actress, Gossip,
Loading...