Amazone

March 6, 2017

Tagged Under: , , ,

Lelum Rathnayake exposed

By: Blog Poster On: 5:20 PM

ලෙලුම්ගේ පැටිකිරියත් එළියට !

පසුගිය දිනෙක ප්‍රවීන ගායක වික්ටර් රත්නායක මහතාගේ පුතා වන ලෙලුම් රත්නායක විසින් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පියාගේ දෙවන විවාහය පිළිබඳව පළකළ  වීඩියෝවත් සමඟින් ඒ පිළිබඳව සමාජජාල ඔස්සේ දැඩි කතාබහක් ඇතිවුණා.
වයස 33ක කාන්තාවක් විවාහ කරගැනීම සම්බන්ධයෙන් ඇතැමුන් වික්ටර් රත්නායක මහතාට දෝෂාරෝපණ එල්ලකළ නමුත් තවත් පිරිසක් පවසා සිටියේ වික්ටර් රත්නායක මහතාගේ පුතා මෙලෙස ලෝකයටම ඇසෙන්නට පියා පිළිබඳව පවසන්නේ ඔහුගේ කෝටි ගණනක දේපල වෙනත් පාර්ශවයකට හිමිවන වේදනාවෙන් බවයි.

මීට පෙරද ලෙලුම් රත්නායක විසින් පියාගේ ''සා'' ප්‍රසංගයන් වල ප්‍රවේශ පත්‍ර පවා ව්‍යජ ලෙස මුද්‍රණය කර විකුණා මුදල් ලබාගත් බවට එකල විවිධ කතා මැවුණා. එම ප්‍රවේශ පත්‍ර ලෙලුම් රත්නායකගෙන් මිලදී ගත් පිරිස්ද මේ සිද්ධියෙන් පසුව ඔහු කෙරේ දැඩි අප්‍රසාදයකින් පසුවූ බවයි වාර්තා වන්නේ.
මේ සිදුවීම් අතර වික්ටර් රත්නායක මහතා විමසා ඇත්තේ පුද්ගලයෙකුට දෙවන විවාහයක් කරගන්නට අයිතියක් නැද්ද යන වගයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ සමාජ ජාල මාධ්‍යවල පළවන දේවල් ගැන තමන්ට කිසිම කණගාටුවක් නැති බවයි. දරුවන් තමන්ට දෝෂාරෝපණ කරන්නේ ඇයිදැයි තමන් නොදන්නා බවත් තමන් කිසිවෙකුටවත් දෝෂාරෝපණ එල්ල කර නැති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතා තවත් විවාහයක් කරගත් බවට චෝදනා කරමින් ඔහුගේ පුත් ලෙලුම් රත්නායක විසින් ෆේස් බුක් සමාජ ජාලයට මුදාහැරි පණිවුඩ පල කිරීමත් සමඟ දිගින් දිගටම පිරිස් ලෙලුම් රත්නායකගේ තොරතුරු ද හෙළිකරනු ලැබීය.

එහිදී මෙරට ප්‍රභූද්ධ චරිත කිහිපයක් ලෙලුම්ගේ පෞද්ගලිකත්වය පල නොකර ඔහුගෙන් මේ ප්‍රශ්න දෙක සඳහා පිළිතුරු ලබාදෙන ලෙස ඉල්ලා පුවතක් පල කරන්නැයි අප වෙතින් ඉල්ලීමක් කළේය.

ඉන් එකක් ලෙලුම් පුතේ….ඔබ තරුණ කාලයේදීම දික්කසාද වූ වාර ගණන කීයද ? යන්නයි.

අනෙක ලෙලුම් පුතේ ඔබට වික්ටර් තාත්තා දුන් ගේදොරට සිදුකළේ කුමක්ද ? යන්නයි.
Description: Gossip, Musician, Funny, Local News,
Loading...