March 20, 2017

Tagged Under: , , , ,

Piumi Hansamali Nude Naked Photos Leaked

By: Blog Poster On: 11:56 PM

පොටෝ ලීක් වුණේ මගේ විතරද? ලංකාවේ කොච්චර නිළියන්ගේ පින්තූර ලීක් වෙලා තියෙනවාද? - පියුමි හංසමාලි

Gossip Chat With Piyumi Hansamali
පියුමිට හැමදාම කටකතාවලින් නම් අඩුවක් නෑ නේද?

ඔව්, ඔව්. කටකතා හැමදාම පැතිරෙනවා. පියුමි හංසමාලි හැරුණත් ගොසිප් එකක් හැදෙනවා.

ගොසිප්වලට අමතරව ජීවිතේ මොකද වෙන්නෙ?

මගේ පළමුවැනි චිත්‍රපටය උදයකාන්ත වර්ණසූරිය මහත්මයා අධ්‍යක්ෂණය කළ ‘වස්සානේ සඳ’ තිරගත වෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම ව්‍යාපාර කටයුත්තක් පටන් ගන්න හරිම ආසාවෙන් ඉන්නවා.

මොන වගේ ව්‍යාපාරයක්ද?

රූපලාවණ්‍යාගාරයක්. එහෙම එකක් පටන් ගන්න මට හුඟ කාලයක ඉඳන් හීනයක් තිබුණා.

පියුමි දෙවැනි වරට විවාහ වෙන්න යනවා කියන්නේ ඇත්තද?

කොයි එක්කෙනා ගැනද ඔය අහන්නෙ? වෙනුර ගැනද?

ඔව් අර පියුමි බර්ත්ඩේ සර්ප්‍රයිස් එකක් දුන්න පෙම්වතා?

ඒ මගේ පෙම්වතා නමෛයි. එයා වෙනුර. මගේ හොඳම යාළුවා. එයාගේ උපන් දිනය දවසේ මම එයාව පුදුම කරවන්න පාටියක් සූදානම් කළා. ඉතින් උත්සවය සංවිධානය කළේ මම නිසා එයා කේක් එක කපන වෙලාවේ මටත් ආරාධනා කළා එයා එක්කම එකට කේක් කපන්න එන්න කියලා. එච්චරයි.

වෙනුර කියන්නේ පියුමිගේ අලූ‍ත් යාළුවෙක් නේද?

ඔව් ඒක මාස හය හතක යාළුකමක්. මම එයාට ආදරෙයි. එයා මට ආදරෙයි.

වෙනුරව මුණගැහුණේ කොහොමද?

මට එයාව හම්බ වුණේ පාටියකදී. සාමාන්‍යයෙන් පාටියකට ගියාම ගොඩක් අය මගෙත් එක්ක සෙල්ෆි පින්තූර ගන්නවා. එදා වෙනුරටත් මගෙත් එක්ක ‍පොටෝ එකක් ගන්න ඕනැ වුණා.

ඇත්තටම වෙනුර දැනගෙන ඉඳලා නෑ මම නිළියක් කියලා. මොකද එයා ටීවී බලන්නෙ නැහැ. වෙනුර ලස්සන හැන්ඩ්සම් කොල්ලෙක් නිසා මමත් ආසාවෙන් එයා එක්ක ‍පොටෝ එකට පෙනී සිටියා.

ඒ යාළුකම දුරදිග ගියා?

ඔව්. ඊට පස්සේ එයා යාළුවෝ හරහා මගේ දුරකථන අංකය හොයාගෙන කතා කළා. මුලින්ම එයා ඇහුවේ විනාඩි 5ක් කතා කරමුද කියලයි. විනාඩි 5 තමයි දුරදිග ගියේ. දැන් හැමදාම වගේ කතා කරනවා. එයා මගේ ජීවිතේට සතුටක්.

මිසිස් ශ්‍රී ලංකා තරගයෙන් පැරදුණාට පස්සේ ආපහු රූ රැජිනක් වෙන්න හිතුවේ නැද්ද?

ඒ බලා‍පොරොත්තුව හිතෙන් අත්ඇරිලාම නැහැ. ලංකාවේ පැජන්ට් එකකට ගිහිල්ලා දිනන්න තාමත් ආසාවක් තියෙනවා. ඉදිරියේදී ආපහු තරගවලට ඉදිරිපත් වෙනවා. මොකද ඒක මට ඉෂ්ට කරගන්න බැරි හීනයක් නමෛයි කියලා මම දන්නවා.

අර ලීක් වෙච්ච පින්තූර ගැන දැන් කතාවක් නැහැ නේද?

අපි ඒවා ගැන කතා නොකර ඉමු. මගේ විතරක් ‍නෙවෙයිනේ ඒ වගේ පින්තූර ලීක් වුණේ. ලංකාවේ කොච්චර නිළියන්ගේ පින්තූර ලීක් වෙලා තියෙනවාද? ඒ විතරක් නමෛයි කී දෙනෙකුගේ වීඩියෝ පවා ලීක් වෙලා තියෙනවාද? ඒ නිසා මගේ පින්තූරයක් අල්ලගෙන කෑගහන එක තේරුමක් නෑ කියලයි මට හිතෙන්නෙ.

පියුමි හංසමාලි කියන්නේ ලොකු පුතෙක් ඉන්න අම්මා කෙනෙක් නේද?

ඔව්, පුතා 2 වසරේ ඉගෙනුම ලබනවා. එයා ජාත්‍යන්තර පාසලකට යන්නේ. ඉගෙන ගන්න හරි දක්ෂයි. පුතා තමයි මගේ ජීවිතේ. අම්මයි, පුතයි බොහොම සතුටින් ඉන්නවා.

ජීවිතේ ආපහු සම්පූර්ණ කරගන්න හිතෙන්නෙ නැද්ද?

ජීවිතේ හරි ඉක්මනට සම්පූර්ණ වුණා. ඊට පස්සේ ආපහු අසම්පූර්ණ වුණා. පසුගිය කා‍ලේ වෙච්ච දේවල් ගැන දුක් වෙන්නෙ නැහැ. හැමදේම වෙන්නෙ හොඳටනේ.

මධුෂි මිහිරාවි කුමාරි
Description: Piumi Hansamali, Actress, Gossip, Sri Lankan Actress, Models,
Loading...