Amazone

March 5, 2017

Tagged Under: , ,

Ray Wijewardene - Inventor of first two wheeled hand tractor

By: Blog Poster On: 10:13 PM

පාලකයන්ගේ දුර්වලකම් නිසා අත් ට්‍රැක්ටරේ පිටරටට සින්න වුනු හැටි

මේ 1994 සැප්තැම්බර් 26 වැනි දින පුවත්පතක සිරස්තලයකි. කඩාවැටුණු ගුවන් යානය පිටුපස කතන්දර බොහොමයක් තිබිණි. ඊටත් වඩා ගුවන් නියමුවා ගැන ලියවුණු කතන්දර බොහොම රසවත් ය. තමාම නිපදවාගත් සැහැල්ලු ගුවන් යානයක නැගී රටපුරා සංචාරය කළ මේ නියමුවා වරක් කොළඹ ප්‍රදේශයේ තම සැහැල්ලු ගුවන් යානය පදවමින් සිටියේය. හදිසියේම වැසිකිළියාමේ අවශ්‍යතාවක් නියමුවාට දැනෙන්නට විය. ඔහුගේ නිවෙසද පිහිටියේ කොළඹ ය. තවත් දෙවතාවක් නො සිතූ හෙතෙම ගුවන්යානය තම නිවෙස අසල පිට්ටනියට ගොඩ බැස්සවීය. අනතුරුව ගුවන් යානය මංමාවත් දිගේ සිය නිවෙස දක්වා ම ධාවනය කර, බැස දිව ගියේ තම අවශ්‍යතාව වෙනුවෙනි. නිවෙස ඉදිරිපිට ගුවන් යානයක් නවතා තිඛෙන දුටු බොහෝ දෙනෙක් පළමුව මවිතයටත්, දෙවනුව සිදු වී තිඛෙන දෙයින් විනෝදයටත් පත්වූහ.
මේ ගුවන් නියමුවා ගැන මෙවැනි කතා ගණනාවකි. ඔහු සැබෑ නමින් පිලිප් රේවත විජයවර්ධන විය. එහෙත් අප කවුරුත් ඔහු හඳුනන්නේ රේ විජයවර්ධන නමිනි. මෙරටින් බිහිවුනු අද්විතීය ඉංජිනේරු විද්‍යාඥයන් අතළොස්ස අතරින් අයෙකි. මේ හැඳින්වීමට ඔහු අපට සමාව දෙනු ඇත. ඒ අන්කිසිවක් නිසා නොව ඔහගේ දැනුම, හැකියාව කේෂත්‍රයකට පමණක් සීමා නො වන බැවිනි.

1928 අගෝස්තු විසි වැනිදා උපත ලබන ආචාර්ය රේ, පළමු ව කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වූයේ ය. මේ කාලයේ සිටම රේ විජයවර්ධනයන්ට ගුවන් යානා පිස්සුවක් තිබුණේ ය. මේ නිසාම ගුවන්යානා තැනීමේ තොරතුරු ඇතුළත් පොත්පත් විදේශයන්ගෙන් ගෙන්වා ගත්තේය. කුඩා ගුවන් යානයක් තැනීම ඉලක්ක කරගෙන ඔහු පරීක්ෂණ පටන් ගත්තේය. අවශ්‍ය උපකරණ විද්‍යාලීය නේවාසිකාගාරයේ තම ඇද යට ද, තම මිතුරන්ගේ ඇදන් යට ද තබා ගනිමින් යානය තැනීමේ කටයුතු වලට මුල පිරුවේ ය. හා හා පුරා කියා තැනූ යානය පියාසර කරවීමට යොදා ගත්තේ ද ශාන්ත තෝමස් ක්‍රීඩා පිටියයි. ඔහු තැනූ යානය මඳ දුරක් ගමන්කර බිමට කඩා වැටිණි.
අවසාන ප්‍රතිඵලය වූයේ විදුහල්පතිවරයාගෙන් වේවැල් පහර කෑමට සිදුවීමය. කෙසේවෙතත් ඔහුගේ ගුවන්යානයක් තැනීමේ උත්සාහය කිසි දිනක ඔහු අත්හැර දැමුයේ නැත. පසුකාලීනව එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් වූ ඔහු, එහිදී ඉංජිනේරු කේෂත්‍ර තුනක් අධ්‍යයනය කළේ ය. ඒ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, කෘෂි ඉංජිනේරු විද්‍යාව හා ගගන ඉංජිනේරු විද්‍යාවයි. රේ ට අධ්‍යාපනය ලබන අවදියේ ම පියා වැදගත් අවවාදයක් ලබා දී තිබිණි. ඒ තම රටට ප්‍රයෝජනවත් දෙයක් වෙනුවෙන් කේෂත්‍රයක් තෝරාගන්නා ලෙසටය. ඔහු ඉහත විෂයය තෝරා ගන්නට ඇත්තේ ඒ අනුව වන්නට ඇත.

ගොවිතැන මගේ ජිවනෝපායයි. ගුවන්යානා මගේ විනෝදාංශයයි යනුවෙන් ඔහු කියන්නට ඇත්තේ ඒනිසා ය. ගුවන් යානා පිළිබඳ ඔහුට තිබුණේ උමතුවකි. ඒ සමග ම ඔහු කෘෂිකාර්මික කේෂත්‍රය වෙනුවෙන් කළ සේවය සුවිශේෂී වූවකි.

1950 වර්ෂයේදී ඝර්ම කලාපීය රටවල කුඩා පරිමාණයේ ගොවීන්ට වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි, නඩත්තුවට වඩාත් පහසු අත් ට්‍රැක්ටරය නිර්මාණය කළේය. කෘෂිකාර්මික රටක් වශයෙන් ශ්‍රී ලංකාවට එයින් ඉහළ ඵල ප්‍රයෝජනයක් තිඛෙනු ඇතැයි ඔහු විශ්වාස කළේ ය. එහෙත්, ශ්‍රී ලංකාවේ උපදේශකයන් විසින් එය ප්‍රතිකෂේප කරන ලදී . ඔවුන් රෝද හතරේ ට්‍රැක්ටරය වඩාත් ඵලදායි ලෙස දුටුවේ ය. එහෙත්, ඉන් නොකැලඹුණු ආචාර්ය රේ, රෝද දෙකේ ට්‍රැක්ටරයේ අයිතිය විදේශීය සමාගමකට විකුණා දැම්මේය.

ලංකාවේ දී අඩු සැලකිල්ලට භාජනය වුව ද, 1960 දශකයේ එක්සත් රාජධානිය,ඔස්ටෙි්‍රලියාව, පිලිපීනය, ඉන්දියාව, මැලේසියාව ආදි රටවල් 27ක අත්ට්‍රැක්ටර් ලක්ෂ 30කට වැඩි ප්‍රමාණයක් විකිණී තිබිණි. පසු ව හැත්තෑව දශකය වන විට ලංකාවේ ද බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමුවූ අතර, ඒ අනුව එම දශකයේ ලාංකික කෘෂිකර්මයේ ජනප්‍රියතම සහ වාසිදායකම ට්‍රැක්ටරය බවට පත්වූයේ ද ආචර්ය රේ ගේ නිර්මාණයයි. ලංකාවේ දී ඔහුගේ හැකියාව හඳුනාගත්තේ නැති වුව ද විදේශයන්හි ඔහුට ඉහළ පිළිගැනීමක් තිබිණි.

ඒ අනුව දකුණු අප්‍රිකාව, පිලිපීනය, මැලේසියාව වැනි රටවල් විජයවර්ධනයන්ගේ තාක්ෂණ හැකියාව පිළිගෙන කෘෂිකාර්මික අධ්‍යාපන ආයතන ආරම්භ කරනමෙන් ඔහුට ඇරයුම් කළේ ය. ඒ අනුව ඔහු ඒ රටවල කෘෂිකර්මය උදෙසා මහගු සේවයක් කළේ ය. තව ද,ගොවිතැන මෙන් ම බලශක්තිය, ඉඩම් පරිහරණය හා පරිසර සංරක්ෂණය යන කේෂත්‍ර තුනේ ද නිරවුල් සහ නිවහල් දැක්මක් ඔහුට තිබුණේය. ලංකාව රටක් වශයෙන් නිදහස ලබා තිබුණ ද බලශක්තිය අතින් ලංකාව නිදහස ලබා නැතිබව ඔහුගේ විශ්වාසය විය. අනාගතයේදී රටට අවශ්‍ය සම්පූර්ණ විදුලිබලය බලාගාරවලින් පමණක් විසදිය නො හැකි බව රේ විජයවර්ධනයන් එකල ලංකාවේ බලධාරීන්ට පෙන්වා දුන්නේ ය. ඒ අනුව යමින් ග්ලිරිසීඩියා මගින් විදුලිය නිපදවීමේ තාක්ෂණය දියුණු කිරීමට ඔහු කටයුතු කළේ ය.

ඩීසල් කිලෝ එකක අඩංගු බලශක්තිය දර කිලෝ හතරක ඇති බව පෙන්වා දුන්නේ ය. ඔහුගේ ග්ලිරිසීඩියා පිළිබඳ තාක්ෂණය මත පදනම් වෙමින් සුනිත්‍ය බල ශක්ති අධිකාරිය පිහිටුවීමටත්, එහි පර්යේෂණ කටයුතු සාර්ථකව පෙරට ගෙනයාමටත් ඔහු මැදිහත් විය. තව ද,ග්ලිරිසීඩියා බලශක්ති ප්‍රභවයක් ලෙස භාවිත කිරීම ඔහු ක්‍රියාවෙන් ම පෙන්වා දුන්නේය. ඒ අනුව ඔහුගේ වත්තේ කටයුතු සඳහා අවශ්‍ය සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාව සපුරාගත්තේ කිලෝවොට්ස් 35ක් නිපදවිය හැකි තමාගේම තාප බලාගාරයෙනි. මේ සඳහා ජීවශක්තිය ලබාගත්තේ වියළි ග්ලිරිසීඩියා දර දැවීමෙනි. ඔහු මේ බලාගාරයෙන් තම වටපිටාවේ තිබූ නිවාස 30කට පමණ විදුලි බලය ද ලබාදී තිබිණි.

ආචාර්ය රේ විජයවර්ධන මේ කේෂත්‍රවලට අමතරව දක්ෂ ක්‍රීඩකයෙක් ද විය. ඔහු ඔරු පැදීමේ අංශයෙන් 1968දී මෙක්සිකෝවේ පැවැති ඔලිම්පික් තරගාවලියට ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. 1970 දී තායිලන්තයේ බැංකොක් හි පැවැති ආසියානු තරගාවලියට එක්වෙමින් රිදී පදක්කම ලංකාවට දිනා දුන්නේ ය. මීට අමතර ව හදම දබකහ කසඩැ එඅසජැ නම් ජෙම්ස් බොන්ඩ් සිනමාපටයට ද ගුවන්යානා පැදවීමෙන් දායකවිය.

ආචාර්ය රේ, කලක් තලවකැලේ තේ පර්යේෂණාගාරයේ සභාපතිවරයාද විය. මොරටුව විශ්වවිද්‍යලයේ කුලපතිවරයාද විය. ඒ හැරුණු කල දෙස් විදෙස් ආයතන රැසක ම වගකිවයුතු තනතුරු දැරුවේ ය. 1988 දී විද්‍යාජෝති සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. කුමන දේ කළත්, ඔහුගේ සුවිශේෂී විනෝදාංශය වුයේ ගුවන් යානා තැනීමයි. ඔහුගේ ගෙවත්තේ නිතර ම කුඩා ගුවන්යානා කිහිපයක් නිෂ්පාදනය කරමින් තිබිණි.

ඔහු විසින් නිපදවන ලද සෑම ගුවන් යානයක ම පළමුවෙන් ම ගමන් කළේ ද ආචාර්ය රේ ය. මේ ගුවන් යානා සඳහා ලිහිණියා, බඹරා, තණකොළ පෙත්තා, සූටික්කා වැනි කුඩා ඉගිළෙන සතුන්ගේ නම් තැබීම ද සුවිශේෂී විය. 2000 වර්ෂයේදී ජාතික ආරක්ෂාව නිසා අභ්‍යන්තර ගුවන් ගමන් සේවා තහනම් කෙරුණු අතර, මෙය ආචාර්ය රේ ගේ පර්යේෂණ කටයුතු සඳහා බාධාවක් විය. කෙසේ වෙතත් 2010 අගෝස්තු 18 දින මියයන තෙක් ම තම කේෂත්‍රය පිළ­බඳ මහත් උනන්දුවෙන් කටයුතු කළේ ය. මෙරට සියවසක සිවිල් ගුවන් ගමන් ගැන කෘතියක් ලියන එල්මෝ ගුණවර්ධන‍්, ආචාර්ය රේ ගැන මෙසේ සටහන් කළේ ය.

ඔහු අහසට පෙම්බැඳි, අහසේ නිදහසේ සැරිසරන්නට මහත්සේ ආශා කළ කෙනෙක්. සංවෘත වූ විශාල ගුවන් යානාවක යනවා වෙනුවට හැකිතරම් විවෘත සැහැල්ලු ගුවන් යානාවලින් තමන්ගේ ගමන් ගිය කෙනෙක්. ඇත්තට ම ගුවනේ අසිරිය අත්විඳි හා ඛෙදාගත් අපේ අංක එකේ අහස් යාත්‍රිකයා ඔහුයි

මුලාශ්‍රය - සිළුමිණ පුවත් පත 
 


 
 
 
Description: Ray Wijewardene's invention, the world's first two-wheeler tractor The best known example of Ray's innovation is the Land Master (1955)
Loading...