April 23, 2017

Tagged Under: , , ,

A Woman Looking at Men Looking at Women

By: Blog Poster On: 11:06 AM


කාන්තාවක් දුටු විට පිරිමි මුලින්ම බලන්නේ මෙන්න මේ දේවල් දිහා

පිරිමියෙක් දැක්කහම ගැහැණු ඉස්සෙල්ලාම බලන්නේ මොනවා දිහාද කියල ඔබෙන් ඇහුවොත් උත්තරයක් දෙන්න පුළුවන් ද?

ඒ කොහොම වුවත් ගැහැණියකගේ නම් පිරිමි ඉස්සෙල්ලම බලන්නේ මෙන්න මේ දේවල් දිහාලු.

1. සිනහව


කන්තවන් නම් විශ්වාස කරන එකක් නැහැ. හැබැයි ගැහැණියකගේ ලස්සන හිනාවට තමයි මුලින්ම පිරිමියෙක්ගේ හිත යන්නේ. කාන්තාවකගේ සිනහවකට හිත ගියොත් පිරිමි වඩාත් සැලකිල්ලෙන් ඒ කාන්තාව දිහා බලනවා. එත් ඒ හිනාව හැම විටම අවංකව ද කියල කව්ද දන්නේ.


2. ඇස්


කෙනෙක්ගේ ඇස් දෙක ඔහුගේ හෝ ඇයගේ ආත්මය කියාපාන කැඩපතක් කියලා කතාවක් තියෙනවානේ. විරුද්ධ ලිංගිකයන්ගේ ඇස් එකිනෙක ආකර්ෂණය වීම හරියට කාන්දමක් වගෙයි. ඉතින් පිරිමියකුගේ ඇස් කාන්තාවකගේ ඇස් සමග කන්දමකින් වගේ බැඳුනොත් ඒ ඇස් ඉවතට ගන්නනම් අමරුයිලු.

3. කොණ්ඩය


ලස්සන නිරෝගී පෙනුමැති දිගු හිසකෙස් වලට පිරිමි හරිම කැමතියි. කාන්තාවකගේ හිසකෙස් වල පිළිවෙල ලස්සනට ඔවුන් මුලින්ම ආකර්ෂණය වෙනවලු. ඒ සෞඛ්‍ය සම්පන්න බවත් තරුණ බවත් එමගින් නිරුපනය වෙනවා කියලා ඔවුන් හිතන නිසා.

4. ශරීර බර




පිරිමි බොහොමයක් වැඩි කැමැත්තක් දක්වන්නේ පිරිපුන් ශරීර හිමි ගැහැනුන්ට ලු. හිතා ගන්න බැරි වුනත් පිරිමි කාන්තාවක් දැක්ක ගමන්ම ඇගේ ශරීර බර ගැනත් විශේෂයෙන් සැලකිල්ලක් දක්වනවලු.

5. ලැම




ගොඩක් දෙනා හිතන් ඉන්නේ පිරිමි ඉස්සෙල්ලම බලන්නේ කාන්තාවකගේ ලැම දිහා කියලා වුනාට පිරිමියකු කාන්තාවකගේ ලැම දිහා ඇස් යොමු කරන්නේ සිනහව , ඇස් වැනි දේ පරීක්ෂාකිරීමෙන් අනතුරුවයි. එත් හැමෝම එකවගේ නැහැනේ ?

6. කෘතීම ද ස්වාභාවිකද යන බව

අද කාලේ බොහෝ දෙනා තමන්ගේ සුන්දරත්වය වැඩි කරගන්න කෘතීම නියපොතු , කෘතීම ඇස් පිහාටු වැනි දේ භාවිතා කරනවා.ඒ විතරක් නෙමෙයි අද කාලේ makeup නැතුව ගැහැණුලමයෙක් ගෙදරින් එලියට බහින්නේ නැහැ. කලාතුරකින් කෙනෙක් තමයි ඒ කිසිත් නැතුව ස්වභාවික චාම් විදිහට ඉන්නේ. පිරිමි හුඟක්ම කැමති ඒ ස්වභාවික පෙනුම තියෙන අයටයි.

7. සම

පැහැපත් නිරෝගී සමක් දිහා මුලින්ම පිරිමි බලනවා ලු. ඉතින් සම නිරෝගිව සුමුදුව තියාගන්න මහන්සි වෙන එක හොඳයි.

8. ඇඳුම්




ගැහැණු අඳින පළඳින විදිහ ගැනනම් පිරිමි විශේෂ අවධානයක් යොමු කරනවා. ගොඩක් විවෘත්ත වූ ඇඳුම් අඳින කාන්තාවක් දිහා පිරිමි බැලුවත් සිත දිනාගැනීම ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. පිරිමින්ගේ සිත දිනන්නේ චාම් ඇඳුම් අඳින , ඇඟ පසඟ හොඳින් වැසෙන සේ ඇඳුම් අඳින කාන්තාවන් වේ. එසේ චාම් සරළ කාන්තාවන් කෙරෙහි පිරිමි සිත් තුළ බොහෝ විට ඇතිවන්නේ ගරුත්වයක් , ආදරයක් , කැමැත්තක් වේ.

මේ දේවල් කොහොම වුවත් සියලු දෙනාගේ කැමැත්ත රුචිකත්වය එකිනෙකාට වෙනස් බවනම් හැබෑව.. නමුත් සමස්ථයක් වශයෙන් මේ මේ කරුණු වල සත්‍යතාවයක් ඇත.

උපුටාගැනීම අන්තර්ජාලය ඇසුරෙන්
Description: Men, Women, Life, Explore,
Loading...