Amazone

April 7, 2017

Tagged Under: , , ,

Girl found living with monkeys

By: Blog Poster On: 12:16 PM

කැලයෙන් හමුවුන වඳුරෙකු මෙන් හැසිරෙන දැරිය - වීඩියෝ

ඉන්දීය – නේපාල දේශසීමාව ආසන්නයේ වනාන්තරයක ඉඳල වයස අවුරුදු 8 ක විතර ගැහැණු ළමයෙක් හම්බවෙලා තියෙනවා. මේ දැරියව සොයා ගත්දී ඇය ඉඳල තියෙන්නේ නිරුවතින් කියලා තමයි විදෙස් මාධ්‍ය සදහන් කරලා තියෙන්නේ. මේ දැරියව හැසිරෙනවා කියන්නේත් හරියට වඳුරෙක් වගේලු. ඒ වගේම වඳුරු රැළකුත් මේ ගැහැණු ළමයව කැලෙන් එළියට ගෙනියන්න නොදී ඉන්න, ලොකු වෙහෙසක් අරන් කියලත්, දැරියගේ හැසිරීම් රටාව තනිකරම වදුරෙක් වගේ කියලත් සදහන් වෙනවා.

කොහොම හරි මේ දැරියව අමාරුවෙන් අල්ලාගෙන කැලෙන් එළියට අරන් ඇවිත් තියෙන්නේ මේ දැරියගේ දැඩි විරෝධය මතයි. ඒ වගේම වඳුරු රැළකුත් මේ ගැහැණු ළමයව කැලෙන් එළියට ගෙනියන්න නොදී ඉන්න ලොකු වෙහෙසක් අරන් තියෙනලු. ගාත් සතරෙන් ගමන් කරන සහ වඳුරෙකු වගේ කෑ ගහන මේ දැරිය, රෝහලට ගෙනාවට පසු දීපු ආහාරත් ඇය ප්‍රතික්ෂේප කරලා. මේ දැරිය හැසිරෙන විදිහ අනුව ඇය යන්තම් තේරෙන වයසක ඉඳන්ම ජීවත්වෙලා තියෙන්නේ වඳුරෝ එක්ක කියලයි මේ වෛද්‍යවරු කියන්නේ. හැබැයි කතාබහ කරන්න ඉගෙනගන්න තරමේ කුඩා දැරියක් තනියම කැලයක දිවි බේරාගෙන හිටිය කියල හිතන්න අමාරු නිසා වඳුරෝ ඇයව රැක බලාගන්න ඇති කියලත් වෛද්‍යවරු කියනවා.
ඒ වගේම මේ දැරියව ආයෙත් මනුෂ්‍යයෙක් විදිහට හැසිරෙන්න පුරුදු කරන්න හුඟක් කල් යයි කියලත් වෛද්‍යවරු කියලා තියනවා. තව ද මේ දැරියගේ භාරකරුවන් ද තවම සොයාගෙන නැති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.


Description: An eight-year-old girl was found living with monkeys in a remote nature reserve in India
Loading...