Amazone

April 19, 2017

Tagged Under: , , ,

Gossip Lanka News, Gossiplanka, Hiru Gossip, Sri Lankan News

By: Blog Poster On: 5:18 PM
Gossip Lanka News, Gossiplanka, Hiru Gossip, Sri Lankan News

අනියම් සැප සොයා ගෙට රිංගූ රොෂාන්ට රහසඟ බෑග් එකක දාගෙන ඉස්පිරිතාලෙ නවතින්න වූ හැටි - Video



‘‘ඇඳ උඩ මස්කට් මුදවපුවා වගේලු..“
‘‘ඇයි අක්කා මට මෙහෙම කළේ කියලා කපපු කෑල්ල ඉල්ලුවා..“
‘‘ඒකි කපලා අනිත් අයට කියනවා කෑල්ල ගේන්නලු..“
පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු පොලිස්‌
කොස්‌තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දමා දැමීමේ සිද්ධිය වාර්තා වුයේ පසුගිය 10 වන දායි. මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 30 හැවිරිදි කොස්‌තාපල්වරයා ප්‍රතිකාරසඳහා හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට කොළඹ ජාතික රෝහලට මාරු කළා.




පෙරේදා (10) සවස 2.30 ට පමණ හිඟුරක්‌ගොඩ, පාලුවැව,
ජන උදානගම ප්‍රදේශයේ පිහිටි අනියම් බිරිඳගේ නිවසේදී මෙලෙස ඇය විසින් රහසඟ
කපා ඇති බව හිඟුරක්‌ගොඩ පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ අතර පළමු
විවාහයේ සැමියා මියගිය වැන්දඹු කාන්තාව විවාහ කර ගැනීමේ පොරොන්දුව මත
කොස්‌තාපල්වරයා දැනට වසරක පමණ කාලයක සිට ඇය සමඟ අනියම් ප්‍රේම
සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබෙනවා.


මේ අතර මීට දින කිහිපයකට ඉහතදී එම කොස්‌තාපල්වරයා වෙනත් කාන්තාවක්‌ සමඟ ද
ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යන බව ලද තොරතුරක්‌ මත සහ SMS පණිවුඩ
සම්බන්ධයෙන් උරණවූ අනියම් බිරිඳ සහ කොස්‌තාපල්වරයා අතර අවස්‌ථා ගණනාවකදී
බහින් බස්‌ වීමක්‌ ද සිදුවී ඇති අතර දැඩි ලෙස කෝපයට පත්ව සිටි අනියම් බිරිඳ
පෙරේදා (10 දා) සවස්‌ කාලයේ තම නිවසට පැමිණි කොස්‌තාපල්වරයා සමඟ ලිංගික
ඇසුරකට සූදානම් වූ අවස්‌ථාවේ ඔහුගේ රහසඟ කපා ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී
අනාවරණය වී තිබෙනවා.


අනතුරුව මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කොස්‌තාපල්වරයාගේ අනියම් බිරිඳ
හිඟුරක්‌ගොඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඊයේ (11 දා)
හිඟුරක්‌ගොඩ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.


මේ අතර අනියම් බිරිඳ විසින් කපා දැමූ රහසඟ අදාළ පොලිස් කොස්තාපල්වරයාට බද්ධ
කළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියා. රෝහලේ ප්ලාස්ටික්
සැත්කම් ඒකකය මගින් සැත්කම කළ අතර තුවාලකරු 4වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව
සඳහන්.
අදාළ සිදුවීම එම ප්‍රදේශයේ කාන්තාවක් පැවසූ අයුරු පහතින් බලන්න...

Save
Description: Funny, Crime, Local News, Gossip,
Loading...