Amazone

April 9, 2017

Tagged Under: , ,

Ptolemy astrology predictions 2017

By: Blog Poster On: 11:35 AM

සම්භාව්‍ය ටොලමියානු ජ්‍යොතිෂය ඇසුරින් 2017 සූර්ය වර්ෂයේ ලග්න පලාඵල

අප්‍රේල් 08 දා ඊයේ පාන්දර 02.07 ට සමස්ත ලෝකයට ම බලපාන ප්‍රබල ග්‍රහමාරුවක් සිදුවිණ. එනම් වසර 84 කට පසුව යුරේනස් ග්‍රහයා මේෂ රාශියට පැමිණීමයි. මෙතැන් සිට ඔහු වසර 07 ක් මේෂ රාශියේ ම ගමන් කරන්නේ ලෝකය උඩුයටිකුරු කරමිනි. ඒ අනුව මෙවර සිංහල අලුත් අවුරුදු උදාව ජ්‍යොතිෂය අනුව අන් කවරදාටත් වඩා සුවිශේෂ අවස්ථාවක් බවට පත්වෙයි. වසර 30 කට පසුව සෙනසුරු ග්‍රහයා ධනු රාශියට පැමිණ සිටින අතර අලුත් අවුරුදු උදාවට දින 06 ක් තිබියදී යුරේනස් ග්‍රහයා මේෂ රාශියට ප්‍රවේශ විය.මේ ග්‍රහ මාරු දෙකම ලෝකයට සහ සමස්ත මානව සංහතියට ඉතා තීරණාත්මක වෙයි. එසේම සිංහල අලුත් අවුරුද්ද උදාවන විට මේෂ - සිංහ - ධනු යන ගිනි රාශී තුනම බලවත් ලෙස උත්තේජනය වී තිබීම ද කැපී පෙනෙන අවස්ථාවකි. ඊටත් අමතරව බුධ - ගුරු - සිකුරු - සෙනසුරු යන ග්‍රහයන් හතර දෙනා ම වක්‍ර ගමනක යෙදී සිටී. ලබන අගෝස්තු 17 දා රාහු ග්‍රහයා කටක රාශියට පිවිසෙන අතර සැප්තැම්බර් 12 දා ගුරු ග්‍රහයා තුලා රාශියට යයි. මෙසේ පවතින ග්‍රහචාරය පරිදි 2017 අලුත් අවුරුද්ද එක් එක් ලග්න හිමියන් කෙරෙහි ඇතිකරන සුබ අසුබ බලපෑම කෙසේ දැයි සම්භාව්‍ය ටොලමියානු ජ්‍යොතිෂය අනුව කළ පුරෝකතනයක් මතු දැක්වෙයි.

මේෂ ලග්නය

2017 - 2018 වර්ෂ සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [1F ( a+sat +f 9 ) ( a-ra-w4) ( ei+ju+a7) ( a+ur+f1)]
සෙනසුරු ගමන

දැන් සෙනසුරු ගමන් කරන්නේ ඔබට පරම මිතුරු ගිනි රාශිය වූ ධනුවේය. එය ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ බලවත් ම ත්‍රිකෝණස්ථානය යි. මෙහිදී සෙනසුරු ඉතා බලවත්වන අතර විශ්වයේ හටගන්නා යහපත්ම එකතුව වූ ගුරු සහ ශනි ප්‍රබල සංයෝගය ද නිර්මාණය වීම නිසා 2017-2018- 2019 යන වර්ෂ තුන ඔබේ ජීවිතයේ අති මහත් වෙනසක් ඇති කරවන කාල පරිච්ජේදයකි.
රාහු ගමන

අගෝස්තු 17 දා වායුකාරක රාහු ඔබේ ලග්නයෙන් 04 වැන්න වූ කටක ජල රාශියට පැමිණෙයි. ඔබේ අධ්‍යාපනය හෝ ප්‍රේම සබඳතා හෝ දූ දරුවන් සම්බන්ධයෙන් මෙතෙක් පැවති පීඩාදායක තත්ත්වය ද ඒ සමඟ ම අවසන් වෙයි. එහෙත් ඔබේ සිතිවිලි සහ ගෘහස්ත පරිසරයේ කිසියම් කැළඹීමක් හෝ පදිංචි ස්ථානයේ වෙනසක් හෝ දිගුකාලීන විදේශ ගමන් ආදිය හටගත හැකිය.
ගුරු ගමන

මෙතෙක් ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ පඨවි කන්‍යාවේ ගමන් ගන්නා ගුරු ඔබට පිඩාදායකය. විශේෂයෙන්ම එය ඔබේ සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයකි. ලබන සැප්තැම්බර් 12 දා එකී ගුරු ඔබේ ලග්නයෙන් 07 වැන්න වූ පරම මිතුරු තුලා රාශියට පැමිණෙයි. ඔබගේ සමාජ සබඳතා සහ හවුල් ව්‍යාපාර කෙරෙහි එය ධනාත්මක ප්‍රතිඵල ගෙන දෙයි.
යුරේනස් ගමන

අති ප්‍රබල විප්ලවකාරී ග්‍රහයා වූ යුරේනස් ඔබේ ලග්න ශීර්ෂය මතින් ගමන් ගැනීම සුවිශේෂ වන අතර මෙතැන් සිට වසර 7 ක් යුරේනස් ඔබේ ලග්නය මතින් ගමන් ගන්නා අතර මේ වසර හතේදී ඔබේ ජීවිතයේ සෑම අංශයකින්ම පාහේ විප්ලවීය පරිවර්තනයක් හටගනී.

කටක ලග්නය

2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [4W ( a+sat +f 6 ) ( a-ra-w1) ( ei+ju+a4) ( a+ur+f10)]
සෙනසුරු ගමන

ඔබේ ලග්නයෙන් 07 සහ 08 අධිපති සෙනසුරු 06 වැන්න වූ ගිනි බලැති ධනු රාශියේ ගමන් කිරීම මිශ්‍රපලදායකය. අලුත් රැකියා සහ උසස්වීම් හිමිවිය හැකි අතර ම නිධන්ගත රෝග මතුවීමට ද ඉඩ තිබේ.
රාහු ගමන

ලබන අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්න ශීර්ෂයට පැමිණීම ද ඔබට එතරම් යහපත් නොවේ. ඉතා සංයමයෙන් සහ දූරදර්ශීව කටයුතු කළයුතු කාලයකි. ක්ෂණික තීරණ ගැනීම ඉතා අවදානම්වන අතර ඉවසීම සහ කලබල නොවීමද අත්‍යවශ්‍ය වෙයි. ඔබ සතුව මෙතෙක් පවතින දේ අහිමිවනු ඇත්තේ ඔබේම ඉක්මන්කාරකම නිසාය. දිනපතා උදේ සවස අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම මගින් මෙකී පීඩාව අවම කරගත හැකිය.
ගුරු ගමන

මෙතෙක් ඔබේ ලග්නයෙන් තුන්වැන්නේ ඔබට මිතුරු පඨවි බලැති කන්‍යාවේ ගමන් ගන්නා ගුරු ග්‍රහයා ලබන සැප්තැම්බර් 12 දා සිට වායු බලැති තුලාවේ ගමන් ගනී. එකී ග්‍රහමාරුව ඔබට වාසිදායක වන අතර යාන වාහන ගේ දොර ඉඩ කඩම් සහ මානසික ප්‍රබෝධය ආශ්‍රිතව යහපත් පරිවර්තනයක් හටගනී.
යුරේනස් ගමන

යුරේනස් ඔබේ ලග්නයෙන් 10 වැන්නේ ගමන් ගැනීම ද ඔබට සුබදායක වෙයි. සමස්තයක් වශයෙන් ගත් කළ ඉවසීම සහ ප්‍රඥාගෝචරවීම මත 2017 අලුත් අවුරුද්ද ඔබට සුබදායක අතට පරිවර්තනය කරගත හැකිය.
තුලා ලග්නය

2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [7A ( a+sat +f 3) ( a-ra-w10) ( ei+ju+a1) ( a+ur+f7)]
සෙනසුරු ගමන

සෙනසුරු ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ අති මිතුරු ප්‍රතිපෝෂක රාශිය වූ ධනුවේය. මේ සමඟම ඔබට එරෙහිව තිබූ පීඩාවන් ඉවත්ව යනවා පමණක් නොව ජීවිතයේ සෑම සියලු අංශයකින්ම සුවිශේෂ ජයග්‍රහණයන් හිමිවන කාලපරිච්ඡේදයක් උදාවෙයි.
රාහු ගමන

ලබන අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නට පැමිණීමත් සමඟ ම ඔබේ රැකියාව ව්‍යාපාරය හෝ ක්‍රියා කෞෂල්‍යය ආශ්‍රිතව කැපී පෙනෙන පරිවර්තනයක් හට ගනී. එය සුබාසුබ දෙ අංශයෙන් ම මතුව එයි. කෙසේ නමුත් ඔබේ කටයුතු සමාජයේ ප්‍රසිද්ධියට පත්වන වාතාවරණයක් ගොඩනැගෙයි. කිසියම් පීඩාකාරී වාතාවරණයක් ද පැන නැගිය හැකි හෙයින් දිනපතා උදේ සවස අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම ගුණදායක වෙයි.
ගුරු ගමන

ගුරු ග්‍රහයා ලබන සැප්තැම්බර් 12 දා ඔබේ ලග්න ශීර්ෂයට පැමිණීම මිශ්‍රපලදායකය. ඉදිරි අනාගතය සඳහා සවිමත් පදනමක් සකස් වෙයි.
යුරේනස් ගමන

යුරේනස් ඔබේ ලග්නයෙන් 07 වැන්න වූ ගිනිකාරක මේෂ රාශියට පිවිසීම එතරම් යහපත් නොවන්නේ ඔබේ විවාහය සමාජ සබඳතාවන් සහ හවුල් කටයුතු සම්බන්ධයෙන් උද්වේගකර තත්ත්වයක් නිර්මාණය කරන හෙයිනි.


මකර ලග්නය

2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [10E ( a+sat +f 12 ) ( a-ra-w7) ( ei+ju+a10) ( a+ur+f4)]
සෙනසුරු ගමන

සෙනසුරු ගමන් ගන්නේ ඔබට සතුරු 12 වැන්න වූ ගිනි බලැති ධනු රාශියේය. ඔබ අතීතයේදී ලැබූ ජයග්‍රහණයන් සහ ඒ වනවිට පැවති දේ රැක ගැනීම පිළිබඳ අභියෝගය දැන් මතුව තිබේ.


රාහු ගමන

ලබන සැප්තැම්බර් 12 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නට පැමිණීම මිශ්‍රපලදායක වෙයි. ඔබේ රැකියාව ආශ්‍රිතව කැපී පෙනෙන වෙනස්කම් හටගනී.
ගුරු ගමන

ගුරු ලබන සැප්තැම්බර් 12 දා ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ ඔබට සතුරු වායු බලැති තුලාවට පැමිණීම ද ඔබට හිතකර නොවේ.
යුරේනස් ගමන

යුරේනස් ඉදිරි වසර හතක කාලයේ ඔබේ ලග්නයෙන් 04 වැන්නේ ගමන් ගැනීම ද මිශ්‍රපලදායක වෙයි.
වෘෂභ ලග්නය

2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [2E ( a+sat +f 8 ) ( a-ra-w3) ( ei+ju+a6) ( a+ur+f12)]
සෙනසුරු ගමන

සෙනසුරු ගමන් ගන්නේ ඔබට සතුරු 08 වැන්න වූ ගිනි බලැති ධනු රාශියේය. මෙයද තරමක් පීඩාකාරී වෙතත් ඔබේ සුබ ග්‍රහයා වූ සෙනසුරු එහිදී වඩාත් ධාර්මික ලෙස ක්‍රියාකරයි. අනපේක්ෂිතව යම් යම් කරදර මතුවිය හැකි ලෙසම ඔබට අනපේක්ෂිතව රැකියාව සහ අයමාර්ග ආශ්‍රිතව විශාල වාසිදායක තත්ත්වයන් ද මතුව එයි.
රාහු ගමන

ලබන අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 03 වැන්න වූ අති මිතුරු කටක රාශියට පැමිණීම ඉතා සුබදායකය. ඔබේ නිවස ඉඩකඩම් යාන වාහන අධ්‍යාපනය ගෘහස්ත පරිසරය සහ ඔබේ මනස ආශ්‍රිතව පැවති පීඩාදායක තත්ත්වයද ඒ සමඟම අවසන් වෙයි. ඔබේ සහජ හැකියාවන් ඉස්මතුව එන අතර ඒවා සඳහා ඉතා හොඳ අවස්ථාවන් ද නිර්මාණය වෙයි. සමාජයේ ප්‍රසිද්ධියට සහ ගෞරවයට පත්වෙයි.
ගුරු ගමන

ඔබේ ලග්නයෙන් 05 වැන්න වූ ඔබට මිතුරු පඨවි කන්‍යාවේ ගමන් කළ ගුරු ග්‍රහයා ලබන සැප්තැම්බර් 12 දා සිට ඔබට සතුරු 06 වැන්න වූ වායු බලැති තුලාවේ ගමන් කිරීම පීඩාදායකය. විශේෂයෙන්ම එමගින් ඉස්මතු කරවන්නේ ශරීරයේ අධික බර - මේදය- රුධිරගත සීනී මට්ටම ඉහළ යාම සහ වකුගඩු අක්මාව පිත්තාශය ආශ්‍රිත පීඩාවන්‍ ය.
යුරේනස් ගමන

යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 12 වැන්නේ ගමන් ගැනීම නිසා ඔබට සතුරු ගිනි බලය උත්තේජනය කෙරේ. .


සිංහ ලග්නය

2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [5F ( a+sat +f 5 ) ( a-ra-w12) ( ei+ju+a3) ( a+ur+f9)]
සෙනසුරු ගමන

ඔබට මිතුරු ගිනි බලැති ධනු ත්‍රිකෝණස්ථානයේ සෙනසුරු ගමන් ගැනීම එක් අතකින් සුබදායක වෙතත් එය ඔබේ රැකියාව කෙරෙහි පීඩාදායක වෙයි. දෙවනුව එකී පීඩාව ප්‍රේම සබඳතා විවාහ ජීවිතය සමාජ සබඳතා සහ හවුල් කටයුතු සම්බන්ධයෙන් ද එල්ලවන අතර ජීවිතයට අලුත් සහකරුවන් හෝ සහකාරියන් සමීප වෙයි.
රාහු ගමන

මෙතෙක් ඔබේ ලග්න ශීර්ෂය මත ගමන් ගන්නා රාහු ලබන අගෝස්තු 17 දා කටක රාශියට පිවිසීමත් සමඟම ඔබ මහත් බරකින් නිදහස් වූවා ලෙස සැලකෙයි. එය ඔබට වාසිදායකය. විදේශගතවීම් සඳහා හොඳ අවස්ථා උදාවෙයි. මෙතෙක් පැවති බොහෝ බාධාවන් ද ඉවත් වෙයි. අතරමග නතර කෙරුණු කටයුතු හෝ අසාර්ථක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදාවෙයි. එහෙත් අපේක්ෂිත මට්ටමට ඔබේ අයමාර්ග වර්ධනය නොවන හෙයින් තැන්පත් ධනය යොදා කරනු ලබන මහපරිමාණ ව්‍යාපෘති සඳහා දායකවිය යුත්තේ කල්පනාවෙනි.
ගුරු ගමන

ලබන සැප්තැම්බර් 12 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් තුන්වැන්න වූ අති මිතුරු වායු බලැති තුලාවට පිවිසීම මිශ්‍රපලදායකය. අභිසම්භිධාන පිරිත උදේ සවස 7 වර බැගින් සජ්ජායනා කිරීම මගින් ඔබට එරෙහිව එන පීඩාවන් අවම කරගත හැකිය.
යුරේනස් ගමන

යුරේනස් ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ සතුරු ජල මීනයේ සිට ඔබට මිතුරු මේෂ ගිනි රාශියට පැමිණීම ඉතා යහපත් වෙයි. ඒ සමඟ ම ඔබට වද දුන් හත් අවුරුදු ශාපය නිමාවට පත්වෙයි.


වෘශ්චික ලග්නය


2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [8w ( a+sat +f 2 ) ( a-ra-w9) ( ei+ju+a12) ( a+ur+f6)]
සෙනසුරු ගමන

ඔබට සතුරු ගිනි බලැති ධනු රාශියේ ගමන් ගන්නා සෙනසුරු තරමක් පීඩාදායක වෙයි. ඔබගේ පවුල් ජීවිතය ගෘහස්ත පරිසරය සහ තැන්පත් ධනය ආශ්‍රිතව යම් යම් අවහිරවීම් හටගනී. හදිසි අනතුරු සහ රෝගාබාධ පිළිබඳව සැලකිලිමත්වන්න. එමෙන්ම අයමාර්ග ආශ්‍රිතව ද අවාසිදායක තත්ත්වයන් හටගැනීමට ඉඩ තිබේ.
රාහු ගමන

ඔබේ ලග්නයෙන් 10 වැන්නේ ගමන් කළ රාහු ලබන අගෝස්තු 17 දා ඔබේ ලග්නයෙන් 09 වැන්නට පැමිණීම ඔබේ රැකියාව සම්බන්ධයෙන් හිතකර නොවේ. ස්ථාන මාරු - තත්ත්වයෙන් පහත වැටීම - රැකියා ස්ථානයේ අසහනකාරී අත්දැකීම් යනාදියට ගොදුරු විය හැකිය. එහෙත් දුර බැහැර ගමන් හෝ විදේශ සංචාර සඳහා හොඳ අවස්ථා උදාවෙයි.ග
ගුරු ගමන

ගුරු ලබන සැප්තැම්බර් 12 දා ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ ඔබට සතුරු වායු බලැති තුලාවට පැමිණීම ද ඔබට හිතකර නොවේ.
යුරේනස් ගමන

යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ඔබට සතුරු ගිනි බලැති මේෂ රාශියේ ගමන් ගැනීම ඔබේ සෞඛ්‍යයට බලවත් තර්ජනයකි.


කුම්භ ලග්නය

2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [11A ( a+sat +f 11 ) ( a-ra-w6) ( ei+ju+a3) ( a+ur+f3)]
සෙනසුරු ගමන

මෙතැන් සිට සෙනසුරු ගමන් ගන්නේ ඔබේ ලග්නයෙන් 11 වැන්න වූ අති මිතුරු ධනු ගිනි රාශියේය. මේ ඔබේ ජීවිතයේ ස්වර්ණමය කාල පරිච්ඡේදයක ආරම්භයයි. රැකියාව - අයමාර්ග - උසස්වීම් - ලාබ ප්‍රයෝජන ආදී සෑම අංශයකින්ම ඔබට විශිෂ්ට ජයග්‍රහණයන් හිමිවෙයි. අලුත් ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉතා සුදුසු කාලයකි.
රාහු ගමන

ලබන අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්නට පැමිණීම ද අති විශිෂ්ට ග්‍රහමාරුවකි. එයින් ඔබ තවදුරටත් බලයෙන් සහ යසසින් පොහොසත්වන අතර ඔබට එරෙහි සියලු බාධාවන් ඉවත්ව ගොස් ජීවිතයේ ක්ෂණික ප්‍රගතියක් අත්කර ගනී.
ගුරු ගමන

මෙතෙක් ඔබේ ලග්නයෙන් 08 වැන්නේ පීඩිතව ගමන් කළ ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්නට පිවිසීම නිසා ඔබ අද්වීතීය ජයග්‍රහණයන් සහ සමාජයේ ගෞරවය දිනාගනී.
යුරේනස් ගමන

යුරේනස් ඔබේ ලග්නයෙන් තුන්වැන්න වූ ඔබට පරම මිතුරු 03 වැන්න වූ මේෂ රාශියේ ගමන් ගැනීම ද අතිශය ප්‍රබල තත්ත්වයකි.


මිථුන ලග්නය

2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [3A ( a+sat +f 7 ) ( a-ra-w2) ( ei+ju+a5) ( a+ur+f 11)]
සෙනසුරු ගමන

ඔබේ ලග්නයෙන් 06 වැන්නේ වෘශ්චික ජල රාශියේ සතුරුව ගමන් කළ සෙනසුරු ඔබට තනතුරු ලාබ ඇතුළු ජයග්‍රහණයන් මෙන් ම කරදර සහ රෝගාබාධයන් ද උරුම කර දුන්නේය. එකී සෙනසුරු මෙතැන් සිට ගමන් කරන්නේ ඔබට අති මිතුරු 07 වැන්න වූ ගිනි බලැති ධනු රාශියේය. ඒ සමඟ ම මෙතෙක් පැවති බොහෝ පීඩාවන් දුරුවී යයි. ඔබේ ජීවිතයට ආත්මීය සහකරු හෝ සහකාරිය සමීපවන කාලයකි.
රාහු ගමන

ලබන අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 02 වැන්නට යෑම ඔබට අවාසිදායක වෙයි. මෙයින් හටගන්නා පීඩාවන් දුරුකිරීමට අභිසම්භිධාන පිරිත ඉතා යෝග්‍ය වේ.
ගුරු ගමන

මෙතෙක් ඔබේ ලග්නයෙන් 04 වැන්නේ ගමන් කළ ගුරු ග්‍රහයා ලබන සැප්තැම්බර් 12 දා සිට ඔබට පරම මිතුරු වායු බලැති ත්‍රිකෝණස්ථානය වූ තුලාවට පිවිසීම ඔබට ඉතා යහපත් වෙයි. එයින් බාධක මැද ජීවිතයේ සුවිසල් ජයග්‍රහණයෙන් සහ උසස්ම දේවල් අත්පත් කර ගැනීමේ භාග්‍යය හිමිවෙයි. සමස්ථ කේන්දරය පුරා වායූ බලය උත්තේජනය වීම නිසා ඔබේ පෞරුෂය ක්‍රියාශූරත්වය සහ බලය ඔප් නැංවෙයි. අභියෝග බහුල කාලයකි.
යුරේනස් ගමන

යුරේනස් ග්‍රහයා ද ඔබට පරම මිතුරු 11 වැන්න වූ ගිනි බලැති මේෂ රාශියේ ගමන් කිරීම නිසා ඔබේ අයමාර්ග සහ ක්‍රියාශූරත්වය යහපත් ලෙස වර්ධනය වෙයි. සමස්තයක් වශයෙන් ගත්කළ මිථුනයෙන් උපන් ඔබට 2017 සාර්ථක කාල පරිච්ඡේදයකි.
කන්‍යා ලග්නය

2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [6E ( a+sat +f 4 ) ( a-ra-w11) ( ei+ju+a2) ( a+ur+f8)]
සෙනසුරු ගමන

ඔබේ ලග්නයෙන් 04 වැන්න වූ ඔබට සතුරු ගිනි රාශියක් වූ ධනුවේ ගමන් කරන සෙනසුරු නිසා සුබාසුබ මිශ්‍ර අත්දැකීම්වලට මුහුණ දෙමින් සිටී. මනසේ සංසුන්බව හෝ ගෘහ ජීවිතයේ සාමය රැක ගැනීම හෝ අසීරු වෙයි. එකී තත්ත්වයම රැකියාව හෝ ව්‍යාපාරික ස්ථානයට ද එල්ල වෙයි. චිත්ත පීඩා ඉහළ යන කාලයකි.
රාහු ගමන

ලබන අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 11 වැන්නට පැමිණීමත් සමඟම ඔබේ රැකියාව ව්‍යාපාරය සහ අයමාර්ග ආශ්‍රිත ක්ෂණික සහ වේගවත් ප්‍රගතියක් හට ගනී. මේ ඔබට ඉතා වාසිදායක ග්‍රහමාරුවකි. මෙතෙක් ඔබෙන් ගිලිහී ගොස් තිබූ දේ පමණක් නොව අලුත් ලාබ ප්‍රයෝජනද භුක්ති විඳීමේ අවස්ථාව උදාවෙයි. ඔබට අති මිතුරු ප්‍රතිපෝෂක ත්‍රිකෝණයේ 11 වැන්න උත්තේජනයවීම සෑම සියලු අංශයකින් ම යහපත් පරිවර්තනයකි.
ගුරු ගමන

ලබන සැප්තැම්බර් 12 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් දෙවැන්නට පැමිණිම ද ඔබට ඉතා යහපත් ය. මෙතෙක් පැවති බලවත් පීඩාවක් ඉවත්ව යන අතර ම ඔබේ ධනය සහ වත්පොහොසත් බවද ඉහළ යයි.
යුරේනස් ගමන

යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්නට පැමිණීම යහපත් නොවේ. අනපේක්ෂිත කඩා වැටීම් මෙන්ම හදිසි අනතුරු ආදියත් එමඟින් පෙන්නුම් කරයි.


ධනු ලග්නය


2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [9F ( a+sat +f 1) ( a-ra-w8) ( ei+ju+a11) ( a+ur+f5)]
සෙනසුරු ගමන

ඔබේ ලග්න ශීර්ෂය මතින් ගමන් ගන්නා සෙනසුරු විසින් ඔබට බොහෝ සුබපල ප්‍රදානය කරනු ලැබේ. සෙනසුරුට ධනුව ද ධනුවට සෙනසුරු ද ප්‍රියමනාප වන්නේ ගිනි බලැති රාශියක දී වායුකාරක සෙනසුරු ඉතා යහපත් ලෙස ක්‍රියාකරන හෙයිනි.එහෙයින් ලග්න ඒරාෂ්ටක භීතිය ඔබට අදාළ නොවේ.
රාහු ගමන

ලබන අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් අටවැන්නට ගමන් කිරීම සුබදායක නැතත් මෙතෙක් ඔබේ රැකියාව සම්බන්ධයෙන් පැවති පීඩාවන් දුරුවී යයි.එමෙන්ම රැකියාව සහ ව්‍යාපාරය ආශ්‍රිත ක්ෂණික වෙනස්වීම් ද හටගනී. කෙසේ නමුත් ඔබේ ලග්නයෙන් අටවැන්න වූ ජල බලැති කටක රාශියේ රාහු වැනි වායුකාරක ග්‍රහයකු ගමන් ගැනීම නිසා අනපේක්ෂිත අනතුරු සහ පීඩාවන් මතුවිය හැක.
ගුරු ගමන

මෙතෙක් ඔබේ ලග්නයෙන් 10 වැන්න වූ පඨවි කන්‍යාවේ ගමන් ගන්නා ගුරු ලබන සැප්තැම්බර් 12 දා සිට ඔබට අති මිතුරු 11 වැන්න වූ තුලාවේ ගමන් ගැනීම සුබදායකය.
යුරේනස් ගමන

යුරේනස් ඔබේ ලග්නයෙන් පස්වැන්න වූ මිතුරු ගිනි බලැති මේෂයේ ගමන් ගැනීම මිශ්‍රපලදායක වෙයි. එහෙත් ප්‍රේම සබඳතාවලට එතරම් සුබ නැත.


මීන ලග්නය

2017 - 2018 වර්ෂය සඳහා ඔබට හිමිවන ටොලමියානු සූත්‍රය මෙසේය. [12W ( a+sat +f 10 ) ( a-ra-w5) ( ei+ju+a8) ( a+ur+f2)]
සෙනසුරු ගමන

2017 ඉතාම අභියෝගාත්මක වර්ෂයකි. සෙනසුරු ඔබේ ලග්නයෙන් 10 වැන්නේ ගමන් ගැනීම යහපත් නොවේ. ඔබේ රැකියාව ආශ්‍රිත ගැටලු මතුවිය හැක.
රාහු ගමන

ලබන අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්නට පැමිණීමත් සමඟම ඉහත කී පීඩාව තව දුරටත් තීව්‍ර වෙයි. ඔබ සතු බොහෝ දේ අහිමි විය හැකි අවදානමක් ඉස්මතුවන හෙයින් කල්පනාකාරීවන්න.
ගුරු ගමන

සැප්තැම්බර් 12 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්නට පැමිණීම ද අභාග්‍යසම්පන්න සිදුවීමකි.
යුරේනස් ගමන

යුරේනස් ඔබේ ලග්නයෙන් දෙවැන්නේ ගමන් ගැනීම ද පීඩාදායක වෙයි. සමස්තයක් වශයෙන් ගත්කළ 2017 වර්ෂය තුළ ඇති ග්‍රහ චලන සියල්ලක්ම ඔබට අවාසිදායකය. එහෙත් ඔබේ උත්සාහය සහ අවධානය මගින් එකී පීඩාවන් බොහෝ දුරට අවම කරගත හැකිය.
Description: Astrology, Explore, Life, Ptolemy astrology predictions 2017
Loading...