Amazone

April 22, 2017

Tagged Under: , , ,

Sri Lankan Actress's view about Living Together

By: Blog Poster On: 12:43 PM

Living Together ගැන අපේ නිළියන්ගේ අදහස්


කසාද බඳින්නේ නැතුව එක වහලක් යට ජීවත්වීම ගැන කවුරු මොනවා කිව්වත් එය මේ සමාජයේ නැති දෙයක් නෙමෙයි. ඒ ගැන ඇත්තටම හිතන දේ දැන ගන්න අපි කලා ලෝකේ කිහිප දෙනකුට කතා කළා.

එකට ජීවත් වෙන්න බඳින්නම ඕන නෑ – ලක්ෂිකා ජයවර්ධන
Living together සංකල්පය පිළිබඳව තියෙන්නේ මොන වගේ අදහසක්ද?
එකට ජීවත් වෙනවා කියන එකනේ මේ කියන්නේ. මෙහෙමයි අපි ආදරය කරනවා නම් එය විවාහයෙන්ම කෙලවර විය යුතු නෑ. එ් නිසා එකට ජීවත් වෙන්න විවාහ විය යුතුම නෑ මම දකින විදිහට නම්. මම නම් මේ සංකල්පයට එකඟයි.

එතකොට විවාහය කියන සංකල්පය වැදගත්ම නැද්ද?
එයත් අවශ්‍යයි. මොකද අපේ ඇතැම් දේවල් රැුඳිලා තියෙන්නනේ මේ නිසා. පවුල කියන පදනම ඇතිවෙන්නේ මේ නිසා. නමුත් Living together කියන සංකල්පයේද ගත යුතු දේවල් තියෙනවා.
මේ දෙක අතරින් වඩා හොඳ කුමක්ද?
විවාහ වූ දෙදෙනකුට වුණත් තේරුම් ගැනීම වැදගත් එකට ජීවත් වෙන්න. ඉතිං විවාහ නොවී වුණත් නිවැරදි අවබෝධයෙන් යුතුව ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. මොකද විවාහය කියන්නේ අත්සනක් පමණයි. මේ ලියන බැඳීමට වඩා හදවතේ බැඳීම බලවත් දෙයක්. එ් බැ`දීම බිඳ දැමීම අපහසු දෙයක්.
මම නං ඒකට ආසයි – ඕෂධි හිමේෂා
Living together සංකල්පය ගැන මොකක්ද අදහස?
මට ඇත්තටම කියන්න තියෙන්නේ මෙය හොඳ දෙයක් කියලයි. මොකද දෙන්නෙක්ට අවබෝධ කරගන්න තියෙන ඉඩ වැඩියි එකට ජීවත් වුණහම.
විවාහ වෙලා එකට ජීවත් වෙන විට තේරුම් ගන්න බැරිද?
මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙමෙයි ලොව පුරා දික්කසාදය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම එහෙම විවාහ වෙලා පස්සේ ගැළපෙන්නේ නෑ කියලා දික්කසාද වෙනවට වඩා එකට ජීවත් වෙලා නොගැළපෙන බව තේරුම් අරගෙන වෙන් වෙන එක හොඳයි.
මේ කාරණය අපේ රටේ සංස්කෘතියට ගැළපෙන්නේ නෑ කියන අදහස බරපතළ විදිහට තියෙනවා නේද?
මම නම් මේ සංකල්පයට කැමැතියි සහ ආසයි. අපේ රටේ සංස්කෘතිය අතින් අරගෙන බලද්දී මේක නොගැළපෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නේ එ් දිහා බලලා නෙමෙයි. දෙන්නෙක් අතර අවබෝධයක් ඇති කර ගන්න එකට ජීවත් වෙන්න හැකිද කියන දේ තේරුම් ගන්න ලිවිංග් ටුගෙදර් ඉතාම හොඳ අවස්ථාවක්.
ඊට පස්සෙ බඳින්න බැරි වුණොත් …? – ටීනා ෂනෙලි
Living together සංකල්පය පිළිබඳව දරන්නේ මොනවගේ අදහසක් ද?
මට හිතෙන්නේ මෙය එ් තරම් හොඳ දෙයක් නෙමෙයි කියන අදහස. මොකද අද කාලේ ඉන්න තරුණ අය අතරේ ස්ථිර ආදර සම්බන්ධතා අපට දකින්නට ලැබෙනවා අඩුයි.
දෙන්නෙක් තේරුම් ගන්න මෙම ක‍්‍රමය පහසුයි කියනවා නේද?
මම නම් හිතන්නේ හැම වෙලාවෙම එකට ඉන්න විට වැරදි අඩු පාඩු පෙනෙනවා වැඩියි. අපට ඉස්සෙල්ලම කෙනෙක් හමු වුණාම තියෙන වටිනාකම කල් යනවිට අඩු වෙනවා. එය මේ ක‍්‍රමය නිසා වැඩි වෙන්න තියෙන ඉඩ වැඩියි.
එ් කියන්නේ මෙම සංකල්පය මොන අතකින්වත් අපට ගැළපෙන්නේ නෑ කියලද?
ඇත්තටම ඔව්. ඉස්සර විවාහ සිද්ධ වුණේ හරි පිළිවෙළට හිමිං. අද සියල්ල අධිවේගි වෙලා. එ් වගේම මේ විදිහට එකට ඉඳලා විවාහ වුණොත් හොඳයි. බැරිවෙලා හරි එහෙම නොවුණොත් ඉන් වැඩි හානිය සිද්ධ වෙන්නේ කාන්තාවට. මේ සියල්ලම එක්ක මම නම් මෙයට එකඟ වෙන්නේ නෑ.
නයනකේෂී විජේකෝන්
Description: Few Sri Lankan Actress's express their view about Living Together
Loading...