Amazone

May 8, 2017

Tagged Under: , , , , ,

GMOA's inconsistent statements on Dr. Anuruddha Padeniya's actions

By: Blog Poster On: 5:51 AM

රන්ජන්ට උත්තර දෙන්න ගිහින් GMOA ලේකම් සොයිසා සභාපති පාදෙණියගේ ජොබ් එක පටලවලා - පොදු වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යායතන කියයි

(ලංකා ඊ නිව්ස් -2017.මැයි.07, ප.ව‍.6.35) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා  එම සංගමයේ සභාපති ළමා ස්නායු රෝග විශේෂඥ අනුරුද්ධ පාදෙනිය , ළමා මානසික රෝග විශේෂඥවරයෙකු ලෙස මාධ්‍ය හමුවක දී හඳුන්වාදීම මගින් මෙරට සාමාන්‍ය ජනතාව තුළ විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍රයන් පිළිබඳ වැරදි අවබෝධයක් ඇතිවිය හැකි යැයි පොදු වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යායතන (CGPSL - College of General Practitioners of Sri Lanka ) ප්‍රකාශකයෙක් පැවසීය. 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනය පැවැති පසුගිය මැයි 05 වන දා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක  කොළඹ නවලෝක රෝහලේ දී ළමා ස්නායු වෛද්‍ය විශේෂඥ අනුරුද්ධ පාදෙනිය මහතා හමුවීම පිණිස මුදල් ගෙවා වේලාවක් වෙන්කර ගැනීම සම්බන්ධ ලියවිලි රාමනායක මහතා විසින් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීම මුල්කොට ඊට පසුව පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා ප්‍රකාශ කොට ඇත්තේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ළමා මානසික රෝගවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු බැවින් රාමනායක මහතා යා යුතුව තිබුණේ වැඩිහිටියන්ගේ මානසික රෝග සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙකු වෙත බව ය.
එහෙත් පොදු වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ ප්‍රකාශකයා පවසනුයේ විශේෂඥ ළමා මනෝ වෛද්‍යවරයා (Consultant pediatric psychiatrist)  සහ විශේෂඥ ළමා ස්නායු රෝග වෛද්‍යවරයා (Consultant pediatric neurologist) එකිනෙකට වෙනස් වෘත්තිකයන් වන බැවින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම්වරයා එහි සභාපතිවරයා ළමා මානසික වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වාදීම සපුරාම වැරදි සහගත බව ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොදු වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යායතන ප්‍රකාශකයා කියා සිටියේ ළමා ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සේවය කරන කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියන් දෙදෙනෙකුම සේවය කරන බැවින් ඉහත සඳහන් වෛද්‍ය ක්ෂේත්‍ර දෙක පටලවා ඉදිරිපත් කිරීම සාමාන්‍ය ජනතාවට වඩාත් අහිතකර ලෙස බල පෑ හැකි බවයි.
සයිටම් ආයතන වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය පිළිබඳව බරපතල විවේචන එල්ල කරන වෛද්‍ය නවීන් ද සොයිසා තමන් විසින් කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් මීට වඩා දැනුවත් සහ වගකීම් සහගත විය යුතු බව ද එම ප්‍රකාශකයා කීය.

- දමයන්ති ගමගේ -

Description: Health News, Funny, Crime, Local News, Gossip, Politics, sinhala news & gosssips
Loading...