Amazone

May 3, 2017

Tagged Under: ,

Harin Fernando & Bandula gunawardena in Wadapitiya

By: Blog Poster On: 10:15 PM

ලක්ෂ 20 ක සෙනඟක් ගෝල් ෆේස් ආවා යැයි කියපු බන්ධුලටව හරීන් පතුරු අරී (VIDEO)

ලක්ෂ 20ක් ගොල්ෆේස් ආවා කී මන්ත‍්‍රී බන්දුලට වාදපිටියේදී ඇමති හරීන් උඩ පැන පැන තලයි.
ඒකාබද්ද විපක්‍ෂය විසින් ගාළු මුවදොර පැවත්වූ මැයි රැළියට විසි ලක්‍ෂයක ජනතාවක් සහභාගී වූයේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනේදී කියා සිටියේය.
ඊට ප‍්‍රබල ප‍්‍රහාරයක් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් සහභාගී වූ ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් ඉල්ල විය.ඔහු කියා සිටියේ කොලඹ දිස්ත‍්‍රික්කයේම සිටින්නේ ලක්‍ෂ 23ක ජනගහනයක් බවයි. එමෙන්ම ලක්‍ෂ 20ක ජනතාවග් ගෙන ඒමට බස් රථ 33,000ක් උවමනා බවද කී ඇමති හරීන් ලංකාවේ පුද්ගලික බස් රථ ඇත්තේ 19,000ක් බවද කියා සිටියේය.

පිරිසක් පයින් බයිසිකල්වලින් ආවේ යයි බන්දුල ගුණවර්ධන මහතා ඊට දුන් පිලිතුරද දැඩිව විවේචනයයට ලක් විය.
ලක්‍ෂ 20ක් යනු ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 10%කට ඉතා ආසන්න අගයක් වන අතර ගිය මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතාට ලූබුණු ඡන්ද සංඛ්‍යවෙන් 40%කට ආසන්න අගයකි.
එම අවස්ථාවේදී ඇතිවූ සංවාදයේ වීඩියෝව පහතින් බලන්න.

Description: Harin Fernando & Bandula gunawardena debate in Wadapitiya about may day
Loading...