May 21, 2017

Tagged Under: , , , ,

Kavindya adikari in a shock

By: Blog Poster On: 5:55 PM

මේ දවස්වල මම ඉන්නේ ලොකු චකිතයකින් – කවින්ද්‍යා අධිකාරි


තම මව්පියන්ගේ අඩිපාරේ යමින් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසි කවින්ද්‍යා අධිකාරි කියන්නේ ජනප්‍රිය තරුවක්. ඇයට රංගනයට ආරාධනා ලැබිලා කියලා ආරංචි වුණ නිසා ඒ ගැන අහන්න කවින්ද්‍යාට  කතා කළා.
* කොහොමද රංගනයට අවස්ථාව ලැබෙන්නේ?
ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා තමයි අපේ අම්මගෙන් මේ ගැන අහලා තිබුණේ. මාව රංගනයට එකතු කරගන්න කැමැතියි කියලා.

* ඔබ කැමැති වුණාද?
මුලින්ම රංගනයට මගේ ආසාවක් තිබුණේ නෑ. අම්මි කීවා ඒ වගේ දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් යටතේ වැඩ කිරීමම ලොකු දෙයක්, ජයන්ත මහත්මයත් කීවේ අපි මේක කරලා බලමු කියලා. ඒ නිසා මම කැමැති වුණා රංගනයෙන් දායක වෙන්න.
* කවදද චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ?
ජුනි මාසයේ තමයි චිත්‍රපටයේ වැඩ පටන් ගන්නේ.
* අම්මා කැමැතිද ඔබ රංගනයට එකතු වෙනවට?
ඔව්. අම්මි තමයි කීවේ මේ දේ කරන්න කියලා. ඒ නිසයි මාත් කැමැති වුණේ.
* දිගටම කාවින්ද්‍යා රංගනයෙන් දකින්න ලැබේවිද?
එහෙම රංගනයේ දිගටම ඉන්න අදහසක් නෑ. මේක මගේ පළවෙනි අත්දැකීම. මේක කළාට පස්සේ බලමු.
* කවින්ද්‍යාට කැමරාව නුහුරු දෙයක් නොවන නිසා රංගනය අපහසුවක් වෙන එකක් නෑ නේද?
නිවේදිකාවක් වගේම ගායිකාවක් ලෙස වැඩ කරන නිසා කැමරාව නුහුරු දෙයක් ‍නෙවෙයි. ඒත් රංගනය කියන්නේ වෙනස් දෙයක්. ඒ දේට මම තාම අලුත් ඒ නිසා රංගන හැකියාවක් තියෙනවද කියලා මමවත් දන්නේ නෑ. ලොකු චකිතයක් තියෙන්නේ. පාසලෙදීවත් රංගනයට සහභාගි වෙලා නෑ. ඒ නිසා මම ටිකක් බයෙන් ඉන්නේ.
* ඔබේ දෙමව්පියනුත් අතීතයේ රංගනයට එකතු වුණා. ඔබටත් ඒ ආභාෂය ලැබිලා ඇති කියලා හිතෙන්නේ නැද්ද?
අම්මයි තාත්තයි දෙන්නම රඟපෑවා. ඒ අයගේ ආභාෂය ලැබිලා ඇති කියලා මම විශ්වාස කරනවා.
* ගායනය, නිවේදනය, රංගනය යන තුනම නියෝජනය කරන කෙනෙක් ලෙස කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද?
රංගනයට ලොකු ඇල්මක් නෑ. ගායනයට වගේම නිවේදනයට මම ගොඩක් කැමැතියි වගේම ආදරෙයි. ඒ දෙකටම කොහොම හරි වෙලාව කළමණාකරනය කරගන්නවා.
* කැමැත්තක් නැද්ද තාත්තා, අම්මා එක්ක යුග ගායනයක් ඉදිරිපත් කරන්න?
අම්මා නම් කතා කළා යුග ගායනයකට. ඒ දේ ළඟදිම කරන්න බලා‍පොරොත්තු වෙනවා. තාත්තාගෙන් තමයි ඒ දේ අහන්න වෙන්නේ.
* මොනවද අලුත් වැඩකටයුතු?
ඉදිරියට වැඩ කිහිපයක් කරන්න ඉන්නේ. ඒක ඉස්සරහට බලමු.
* අධ්‍යාපන කටයුතු අවසන් වෙලාද?
තවම නෑ. මම උසස් අධ්‍යාපනය හදාරනවා. එන්.එස්.බි.ඒම්. ආයතනයේ වෙළෙඳ කළමනාකරණයෙන් තමයි උපාධිය  හදාරන්නේ.
* යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ඔව්. හැමවෙ‍ලේම එයාලා මට ප්‍රතිචාර දක්වනවා. පළමු වසරේ ඉඳන් හිටපු යාළුවෝ එදා වගේම අදටත් මාත් එක්ක ඉන්නවා. එයාලා මම ගැන ලොකු ආඩම්බරයකින් ඉන්නේ. ඒ ගැන සතුටක් තියෙන්නේ.
* ක්‍ෂේත්‍රයේ කාවද කවින්ද්‍යා අනුකරණය කරන්නේ?
කාවවත් මම අනුකරණය කරන්නේ නෑ. මම නිතරම උත්සාහ කරන්නේ කාවින්ද්‍යා අධිකාරි වෙන්නයි.
* කවින්ද්‍යා සංගීත ක්‍ෂේත්‍රයේ වැඩියෙන්ම කැමැති කාටද?
භාතිය සන්තුෂ් ටීම් එකට තමයි මම ගොඩක් කැමැති.
තිලිණි කරුණාරත්න
Description: Kavindya Adikari's boyfriedn, Musician, Sri Lankan Acress, Actress, Gossip,
Loading...