May 21, 2017

Tagged Under: , , , ,

Meliza Leitch : Sri Lankan sexy lawyer

By: Blog Poster On: 9:33 AM

නාන ඇදුමින් ෆොටෝස් දැම්ම කියල මට බනිනව : Meliza Leitch 

මම දේශපාලනයට එනවා

බුකිය කැළබූ සරාගීම නීතිවේදනිය කියන කතාව
මට ලස්සන ඇගක් තියනව


ඒ මම නිකම් යට ඇදුම ඇදල ගත්ත ෆොටෝස් නෙමෙයි

ඇය අවන්ති මෙලිසා ලීච්. තවමත් 23 හැවිරිදි වියේ පසුවන මෙලිසා එක පාර ආන්දෝලනයට ලක් වෙන්නේ නීතිවේදී උපාධියට සල්ලි හොයන්න ඇයට බාර් එකක වැඩ කරන්න වුණා කියලා ඇය සබිඒටර්පවල සටහනක් තියපු නිසා.  නමුත් කාටවත් බරක් නොවී අධ්‍යාපනයට සල්ලි හොයන්න ගිය මෙලිසාව අපේ රටේ මිනිසුන් නානාප්‍රකාර කතා කියලා එක රැයින් පහතට ඇද දැම්මා.

ඒ බහුතර කතාවලට අත්තිවාරම වෙලා තිබුණේ, නීතිවේදිනියක් වෙන්න කෙල්ලෙක් විදිහට ඇය බාර් එකක වැඩ කරපු එකයි ඇයගේ ඇඳුම් විලාසිතායි. අපේ මිනිසුන්ට රිදුනේ එතනයි.
මෙතෙක් මකුළු දැල් බැදෙමින් තිබුණ සමාජ සදාචාරය ගැන සිහිපත් වුණේ ඒ මොහොතේයි.

මෙතුවක් කාලේට නීති පට්ටමත් අරගෙන සියලු සටකපටකම් ප්‍රසිද්ධ වේදිකාවේ කරන පිරිස් පසෙකින් ඉද්දි සෝෂල් මීඩියා පිටෝන් රූම් කරගෙන ඉන්න මහා දෙගොඩ ජාමේ සමාජ ශාලාවල වැටි වැටී ඇවිදින ප්‍රසිද්ධ පුද්ගල චරිත හිඳිද්දී අපේ මිනිසුන්ගේ ඇස්වලට ඇඟිල්ලෙන් අනින්නට මෙලිසාට පුළුවන් වුණේ ඇය කෙල්ලෙක් විදිහට ඇයගේ ජීවිතය නිවැරදිව ජයගෙන පෙන්නපු නිසයි.

සීනිබෝල චරිතයක් නොවී දුක් මහන්සියෙන් බුද්ධිමත් ව තමන්ගේ අරමුණ කරා ගිය ඇය අපට වටින්නේ සැබෑවටම ඇය එඩිතර, ආදර්ශමත් කෙල්ලක් නිසයි.

මෙලිසා ඇත්තටම මොකද වුණේ?

මම පාසල් ගියේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට. සාමාන්‍ය පෙළ අධ්‍යාපනය හැදෑරුවට පස්සේ Aභක‍ කියන කොලේජ් එකට සම්බන්ධ වෙලා එක අවුරුද්දක් ඉගෙනගෙන, ඉවර වෙලා මම මගේ නීති උපාධියට ඉගෙන ගන්න පටන් ගත්තා. අවුරුදු 3ක් ඒ උපාධිය. මම උපාධිය පටන් අරගෙන කරද්දී මගේ මුල් අවුරුදු 2දීම සල්ලි ගෙව්වේ මගේ තාත්තා. මගේ දෙමව්පියන්ට සල්ලි තියෙනවා. නැතිව නෙවෙයි. නමුත් මට ඕනි වුණේ නැහැ ගෙදරට කරදර කරන්න.. මම පුංචි කාලේ ඉඳන්ම මගේ වියදම් මම ම හොයා ගන්න කැමති කෙනෙක්. මගේ උපාධියේ තුන් වෙනි අවුරුද්දට තමා ගොඩක් ම සල්ලි ඕනි වෙන්නේ. ඉතින් මම තීරණය කරා මම ම සල්ලි හොයන්න.

ඒ නිසා මම අවුරුද්දක් කැම්පස් එකෙන් නිවාඩු අරගෙන එක එක මාකටින් ජොබ් කරලා, ඉගෙන ගන්න සල්ලි හෙව්වා. ඒ අතරේ මට එක්සටෙල් කියන ඔස්ට්‍රේලියන් කම්පැනි එකේ රස්සාවක් ලැබුණා. ඒ රස්සාව ලැබුණ නිසා මම බැංකු ණයක් අරගෙන ආයෙත් ඉගෙනගන්න පටන් ගත්තා.

ඒ වෙද්දි මම ඒ ආයතනයේ ස්ථීර සේවිකාවකුත් නෙවෙයි. ඉතින් මට බැංකු ණයකුත් තියෙන නිසා බයක් තිබුණා. ඒ නිසා මං පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට කරන්න පුළුවන් මාකටින් වැඩ හෙව්වා. එතකොට තමා මට දැනගන්න ලැබුණෙ, හෙනසී කියන ඩ්‍රින්ක් එකට මාකටින් වැඩ තියෙනවා කියලා. ඒ නිසයි මම බාර්වල වැඩ කරන්න පටන් ගත්තේ. නමුත් මම ෆුල් ටයිම් එක්සටෙල් කම්පැනි එකෙත් වැඩ කරලා පාර්ට් ටයිම් බාර්වලත් වැඩ කරලා මගේ අධ්‍යාපන කටයුතුත් මම හරියට කරලා උපාධියත් ගත්තා. ඒ වගේ ම මම හැමදාම මගේ ඇඟ හදාගන්න ජිම් එකටත් ගියා.

ගෑනු ළමයෙක් විදිහට රාත්‍රී කාලයේ දී බාර් එකක් ඇතුළෙ වැඩ කරන එක ලේසි වුණාද ?

මට තිබුණේ බාර් එක ඇතුළෙ හැම සති අන්තයේ ම හෙනසී කොක්ටේල් එක ප්‍රමෝට් කරන්න. එක දවසකට පැය තුනක් වැඩ කරන්න තිබුණා. රෑ වෙලා බාර් එකේ වැඩ ඉවර වුණාට පස්සේ දවසේ ගිණුම් වාර්තා ලියලා ඉවර කරලයි අපිට ගෙදර එන්න පුළුවන්. ඒක ආවට ගියාට කරපු ජොබ් එකක් නෙවෙයි. ඒ වගේ ම අපි කරන රැකියාවට අපිට එයාලා හොඳට ගෙව්වා. එතැනට ආව පිරිමි අයගෙන් බලපෑම් ආවේ නැතිව නෙවෙයි. ගොඩක් බලපෑම් තිබුණා. නමුත් මම ගෑනු ළමයෙක් විදිහට දැන ගන්න ඕනි, මොළේ පාචිච්චි කරලා ඒ දේවල්වලින් බේරිලා ඉන්න.

අපි බය වෙන්න හොඳ නැහැ ඒවාට. කවුරුත් අපි ළගට වැරදියට එනවා නම් තදින් කියලා දීලා එතනින් යන්න අපිට පුළුවන් වෙන්න ඕනි. ඒවා හොටෙල්ස්වල තියෙන බාර්. කාටවත් අපිව බලෙන් උස්සන් යන්න බැහැනේ. අනික බාර් එක ඇතුළේ අපිට ආරක්ෂාවක් තිබුණා. බාර් එකේ වැඩ කරන අය වුණත් අපිට එයාලගේ සහෝදරියන්ට වගේ සැලකුවේ.

මෙලිසාගේ දෙමව්පියෝ දැනගෙන හිටියා ද මෙලිසා මේ විදිහේ රැකියාවක් කරනවා කියලා ?

ඔව්, මම කිසි දෙයක් දෙමව්පියන්ගෙන් හංගන්නේ නැහැ. මගේ දෙමව්පියෝ වගේ ම මගේ යාළුවොත් දැනගෙන හිටියා, මම මොකක්ද කරන්නේ කියලා. අනික මාව එක්සටෙල් එකේ ස්ථීර සේවිකාවක් කළාම මම හෙනසී එකෙන් අයින් වුණා. මගේ දෙමව්පියෝ දන්නවා මම කරන වැඩේ හරියට, නිවැරදිව කැපවීමෙන් කරනවා කියලා.

මගේ දෙමව්පියෝ වුණත් මට කියන්නේ මම කරන දේ නිවැරදි නම්, ඒ ගැන විශ්වාස නම් මිනිසුන්ගේ කතාවලට බය නොවී ඉදිරියට යන්න කියලා. මගේ දෙමව්පියොයි යාළුවොයි නිසයි මම ශක්තිමත් වුණේ. මේ කටකතාවල දී වුණත් මගේ දෙමව්පියෝ මට මොකුත් කිව්වේ නැහැ, මොකද එයාලා දන්නවා මම කවුද කියලා.

මේ වෙද්දී මෙලිසා ගැන සෑහෙන සමාජ කතිකාවතක් ඇති වෙලා තියෙනවා නේද ?

මම මේ ගැන පොස්ට් එක සබිඒටර්ප එකේ දැම්මේ පසුගිය නොවැම්බරයෙදී. නමුත් මේ ඊයේ පෙරේදා තමයි කවුරු හරි ඕක දැකලා ලොකු දෙයක් කියලා ගොසිප් සයිට්වලට දීලා තිබුණේ. ඊට පස්සේ ඒක ලැව් ගින්නක් වගේ වුණා. හැමෝම හිතනවා ඇති මම මේ ගොසිප් ගැන හිතනවා, වද වෙනවා කියලා. නමුත් මං කියන්න ඕනි, මට පොඩිම හරි ගානක්වත් නැහැ. මේක දැක්කම මගේ පවුලේ අය, මගේ බෝයි ෆ්‍රෙන්ඩ්, යාළුවො හැමෝම හොඳට ම හිනා වුණා. ඇත්තටම මේක පළවෙනි වතාව නෙවෙයි.

පුංචි කාලේ ඉඳන් ම මිනිස්සු මට ගොඩක් කතා කියලා තියෙනවා. මුල්ම කාලයේ දී නම් මං ඒවාට සැලිලා ගොඩක් ඇඬුවා. නමුත් ඒ අත්දැකීම් එක්ක මම ටික ටික ශක්තිමත් වුණා. දැන් මට මිනිස්සු මොන දේවල් කිව්වත් මම ගණන් ගන්නේ නැහැ. මොකද මම දන්නවා මම වැරදි දේවල් කරන කෙනෙක් නෙවෙයි කියලා. අනික මේ වෙද්දී මට බනිනවා, මං යට ඇඳුම් ඇඳගෙන ෆොටෝ දැම්මා කියලා. මම කල්බ් හවුස් ඉවෝල්ඩ් කියන බ්‍රෑන්ඩ් එකේ මොඩ්ල් කෙනෙක් විදිහට වැඩ කරා. ඒකට ගත්තු ෆොටෝස් මිසක් ඒ මම නිකම් යට ඇදුම් ඇඳලා ගත්තු ෆොටෝ නෙවෙයි ඒ.

ඉතින් මට එක එක දේවල් කියලා මඩ ගහන මිනිසුන්ට මට කරන දේවල්වලට, මට තවම බනින මිනිසුන්ට මං සමාව දෙනවා. ඒ වගේම කියන්න ඕනි සමාජ ජාලා ඇතුළේ මං වෙනුවෙන් කතා කරන, පෙනී සිටින හැමෝම මං ආදරයෙන් සිහිපත් කරනවා. මම එයාලට ගොඩාක් ගරු කරනවා.

මෙලිසාට හිතෙන විදිහට මෙලිසා නීතිවේදිනියක වීම නිසාද මිනිස්සු මෙච්චර චෝදනා කරන්නේ ?

ලංකාවේ මිනිස්සු සමාජ මතයක් හදාගෙන තියෙනවා. නීතිඥවරියෙක් නම් මෙහෙම වෙන්න ඕනි. ගෑනු ළමයෙක් නම් මෙහෙම වෙන්න ඕනි කියලා. ඒත් මේක මුළු ලෝකය ම වෙනස් වෙන කාලයක්. අපි දැනගන්න ඕනි, අපි අතීතයේ කරපු කියපු දේවල් නෙවෙයි අපි හැසිරෙන විදිහයි අපි ගැන තීරණය කරන්නේ කියලා. මම නීතිවේදිනියක් හැටියට මගේ හැකියාවයි මගේ පෞද්ගලික ජීවිතය මම ගත කරන විදිහයි හරිම වෙනස්.

මම නීති වේදිනියක් විදිහට වැඩ කරද්දී මට පුළුවන් උපරිමයෙන් කැප වෙලා මගේ වෘත්තිය මම කරනවා. මට ලස්සන ඇඟක් තියාගෙන මගේ පෞද්ගලික ජිවිතේ මම කොහොම ගත කරත් මට ඒ වගේ ම පෙන්නන්න පුළුවන් මම නීති වෘත්තීය පැත්තෙනුත් හැකියාවක් තියෙන කෙනෙක් කියලා.

මම මගේ වෘත්තියයි මගේ ජීවිතයයි පටලවා ගන්න කෙනෙක් නෙවෙයි. මට ඇත්තටම ඕනි වුණේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න. ෂොට්ස් ඇඳන් ජිම් එකේ ඉඳන් පෝස් කරා කියන එක වැරදි දෙයක් නෙවෙයි.

ඒක එහෙනම් පිරිමි ළමයිනුත් කරනවා. ගෑනු ළමයෙක් කොටට අඳින එක වැරදි දෙයක් නෙවෙයි. මට කියන්න ඕනි ඔයාලට ඕනි විදිහට ඔයාලා ජිවිතේ ගෙවන්න. ඔයාලා කාටවත් හිංසාවක් කරන්නේ නැති නම් ඔයා වැරදිකාරයෙකු නෙවෙයි. ඔයා ඔයාම වෙන්න. ඔයාට ආදරේ කරන අයට ඔයත් ආදරේ කරන්න. තමන් ආස දේ කරලා ඉස්සරහට යන්න කියලා මම කැමතියි හැමෝටම කියන්න.

පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන තියෙන චෝදනාවලට මේ වෙද්දී මෙලිසාවත් ගෑවිලා තියෙනවා?

අපි ඔක්කොම එක වගේ මිනිස්සු අපි පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ගියත් සාමන්‍ය නිදහස් අධ්‍යාපනය තියෙන විශ්ව විද්‍යාලයකට ගියත් අපේ ජීවිතේ වෙනස් වෙන්නේ ඒ හින්දා නෙවෙයි. අපේ ජිවිතේ වෙනස් වෙන්නේ අපි කරන වැඩේ මොකක් වුණත් කැපවීමෙන් කරොත් විතරයි. මට සල්ලි තිබුණේ නැහැ කියලා මම ඒක අතහැරලා දැම්මේ නැහැ. මමත් වැඩ කරා. නිදහස් අධ්‍යාපනය ලබන කැම්පස් වල ළමයිනුත් වැඩ කරනවා. අපි ඔක්කොම එක වගේ. අපි හිතන්න ඕනි බුද්ධිමත්ව හරියට හිතලා, මහන්සි වෙලා වැඩ කරලා ජීවිතය දිනන්න මිසක්, ඒ දේ කරන්න ඔයාගේ ඉස්කොලේ මොකක්ද? ඔයාගේ විශ්ව විද්‍යාලය මොකක්ද කියන එක වැදගත් දෙයක් නෙවෙයි.

ලංකාවේ නීතිඥ වෘත්තීය ඇතුළේ තියෙන අසාධාරණකම් ගැන මෙලිසාගේ මතය මොකක්ද ?

මම තවම නීතිඥවරියක් නෙවෙයි. මොකද මම ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා මම නීතිඥවරයෙක් විදිහට දිවුරුම් දීලා නැහැ..මම තවම ඛඛඊ උපාධිය ගත්තු නිතිවේදිනියක් පමණයි. මට ලංකාවේ අනාගතයේ එහෙම උසාවිවල වැඩ කරන්න අවශ්‍යතාවයක්, සිතුවිල්ලක් තිබුණ් නැති නිසයි.

මං එයට පෙනී නොසිටියේ. මට ඊළගට මගේ මාස්ටර්ස් කරන්නයි හිතාගෙන ඉන්නේ. ඒත් මම දන්නා ගොඩක් නීතිඥවරුන් ඉන්නවා. ඔවුන් කියලා තියෙනවා මට නීතිඥ වෘත්තියේ යෙදන අය අතින් මේ වගේ අකටයුතුකම් සිද්ධ වෙනවා කියලා. මම මගේ මාස්ටර්ස්වලට ලංකාවෙන් යනවා. මම මගේ මාස්ටර්ස් ඉවර වෙලා කවදාහරි ලංකාවට ආවොත් මම අනිවාර්යෙන්ම ඒ අකටයුතුකම්වලට විරුද්ධව සටන් කරනවා. මම අවුරුදු 13දී පටන් ගත්තු අසාධාරණකම්වලට විරුද්ධ මගේ සටන, උසාවියේ තියෙන අසාධාරණකම්වලට විරුද්ධවත් ගෙනියනවා.

ලංකාවේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරලා නමක් හදාගන්න බහුතරය පසුකාලින දේශපාලනයටත් එනවනේ.. මෙලිසාත් දවසක දේශපාලනයට එනවාද ?

මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දේශපාලනයට ආසයි. අපි දෙයක් කරනවා නම් මේ ලෝකේ වෙනසක් කරන්න ඕනි නම් අපි අපිට ස්ථාවරයක් හදාගන්න ඕනි. එතකොට තමා කවුරු වුණත් අපිට ඇහුම්කම් දෙන්නේ. ඉතින් මම දවසක දේශපාලනයට එන්නත් ඉඩ තියෙනවා. තව අවුරුදු 5, 6ක් ගියාම මට ඒ දේ කරන්නත් පුළුවන් වෙයි.



Description: Meliza Leitch is the Sri Lanka's Attractive Young Attorney
Loading...