May 28, 2017

Tagged Under: , , , ,

Nayomi Thakshila gossip

By: Blog Poster On: 7:00 AM

මම ගුරුවරියක් වෙන්න තීරණය කළා – නයෝමි තක්ෂිලා


ඇය රංගනයට අත්‍පොත් තබන්නේ වේදිකාවෙන්. වේදිකාවේ නාට්‍යය කිහිපයකට රංගනයට දායක වූ ඇය 2015 වර්ෂයේ යෞවන සම්මාන උළෙ‍ලේ හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවාය. අද වන විට ඇයට ඉහළ ප්‍රතිචාරයක් ලැබෙන්නේ පුංචි තිරයේ නිර්මාණ තුළිනි. ඇය නමින් නයෝමි තක්ෂිලා. මේ ඇය සමග කළ සුහද කතාබහයි.

* අලුත් ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණද?
ආරාධනා නම් ලැබෙනවා. තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ.
* ගීත රූප රචනාවල නිතරම පෙනී ඉන්න විශේෂ හේතුවක් තියෙනවද?
එහෙම විශේෂ හේතුවක් නෑ. ඉස්සරට වඩා දැන් රූප රචනාවලට සම්බන්ධ වීම අඩුවෙලා තියෙන්නේ. හොඳයි කියලා හිතුණ නිසා රූප රචනාවලට එකතු වෙන්නේ.

* නයෝමිට සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැත්ද?
ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒ වගේ වැඩ ඉදිරියට පටන්ගනීවි.

* ලැබෙන ප්‍රතිචාර කොහොමද?
හොඳයි. හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

* දිනෙන් දින නවකයෝ එකතුවෙන නිසා ලැබෙන අවස්ථාව අඩුවෙලාද තියෙන්නේ?
එහෙම නෑ. දක්ෂතාව තියෙනවා නම් අවස්ථාව ලැබෙනවා. අද ගොඩක් රංගනයට එකතුවෙන අය නිතරම දක්නට ලැබෙන්නෙත් නෑ.

* රංගනයට දක්ෂතාව පමණක් ප්‍රමාණවත් කියලද ඔබ හිතන්නේ?
එහෙම නෑ. දක්ෂතාව ඕන ඉස්සරහට යන්න නම්. ඒ වගේම කැපවීම උත්සාහය වගේම රංගනයට තිබෙන කැමැත්තත් බලපානවා මේ ක්‍ෂේත්‍රයේ ගමනක් යන්න.

* වේදිකාවෙන් තමයි ඔබට පුංචි තිරයට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ළඟදී වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණේ නැද්ද?
ආරාධනාවක් නම් ලැබිලා තියෙනවා. ඒ වේදිකා නාට්‍යයේ වැඩ ළඟදි පටන් ගනීවි. රංගනයට එන්න මට අඩිතාලම වැටෙන්නේ වේදිකාවෙන්. ඒ නිසා කවදාවත් මට වේදිකාව අමතක වෙන්නෙ නම් නෑ.

* නයෝමිට වේදිකාවෙන් ලැබුණු පන්නරය අද රංගනයට රුකුලක් වෙලා නේද?
ඔව්. නමුත් වේදිකාවයි ටෙලි නාට්‍යයයි කියන්නේ ගොඩක් වෙනස්. ඇතැම් වෙලාවට හිතෙනවා වේදිකාව පහසුයි කියලා කැමරාව ඉස්සරහ කරන රංගනයට වඩා. මේ දෙකම පහසු නෑ. රංගනය කියන්නේ කැපවීමෙන් කළ යුතු කාර්යයක් කියලයි මම හිතන්නේ.

* ලැබෙන හැම නිර්මාණයක්ම නයෝමි භාරගන්නවද?
එහෙම භාරගන්නේ නෑ. තෝරා බේරාගෙන තමයි මම නිර්මාණවලට සහභාගි වෙන්නේ. අධ්‍යාපන කටයුතුවලටත් කාලය වෙන්කරලා ඉඩ ලැබෙන අවස්ථාවල පමණයි මම නිර්මාණවලට දායක වෙන්නේ.

* තවම අධ්‍යාපන කටයුතු අවසන් වෙලා නැද්ද?
ඒ දේ අවසන් වුණාම මම ගුරු වෘත්තියට ළඟදිම එකතු වේවි.

* නයෝමි කැමැති වෘත්තියෙන් ගුරුවරියක් වෙන්නද?
ඔව්. මම කැමැතියි ගුරුවරියක් ලෙස මගේ දැනුම බෙදාගන්න. ඒ නිසයි වෘත්තියෙන් ගුරුවරයෙක් වෙන්න තීරණය කළේ.

* වෘත්තීයමය ගුරුවරයෙක් වෙන නිසා රංගනයෙන් ඈත් වෙනවද?
නෑ. එහෙම නෑ. මම ඉගෙන ගත්තේ නාට්‍යය හා රංග කලාව. ඒ නිසා ලැබෙන කාල වේලාව අනුව ටෙලි නාට්‍යය, වේදිකාවට රංගනයෙනුත් දායක වෙනවා.

* නයෝමි පෙම්වතියක් නේද?
ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා.

* ඔහුගෙන් නයෝමිට මොනවගේ සහායක්ද ලැබෙන්නේ?
හැමදේටම මගේ ළඟින් ඉන්නේ ඔහු. නිර්මාණ තෝරා බේරාගැනීමටත් ඔහු ලොකු සහායක් දෙනවා. ඔහුට මම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද මම නිතරම කරන්නේ හරි දේ කියලා ඔහු දන්නවා.

තිළිණි කරුණාරත්න
ඡුායාරූප: මයන්ත පෙරේරා




Description: Nayomi Thakshila, Actress, Sri Lankan Actress, Models, Gossip,
Loading...