May 4, 2017

Tagged Under: , , , , ,

Shiroshi Romeshika and Amal Perera's relationship ?

By: Blog Poster On: 10:26 PM

ශිරෝෂිගේ විවාහය අමල් පෙරේරා සමගද ?

නැසීගිය ගායක මර්වින් පෙරේරා පුතු අමල් පෙරේරා විවාහකයකු වන අතර ඔහුට වැඩිමහලූ‍ දරුවන්ද සිටී. ගායක අමල් පෙරේරාගේ දරුවකුට ලියුකේමියා රෝගයද වැලදී ඇති බව මීට පෙර වාර්තා විය. කෙසේ වුවත් අමල් සහ ඩාන්සිං ස්ටාර් චිත්‍රපටිය හරහා ජනප්‍රිය වූ ශිරෝෂි අතර කාලයකට පෙර සිටම කිට්ටු සම්බන්ධතාවක් තිබූ බව විවිධ මාධ්‍ය වලින් වාර්තා විය. ශිරෝෂි රොමේෂිකා සිරස මගින් නිෂ්පාදනය කළ ඩාන්සින් ස්ටාර් සිනමා නිර්මාණයේ ප‍්‍රධාන භූමිකාවට පණ පොවා සිනමාවෙන් සහ රංගන ක්ෂේත්‍රයෙන් තාවකාලිකව සමුගෙන මේ වනවිට ටෙලි නාට්‍ය වලට සිය දායකත්වය සපයන යොවුන් රංගන ශිල්පි‚යකි. ශිරෝෂි රොමේෂිකා දිගු කාලයකට පසු නැවතත් රංගනයට අවතීර්ණ වී තිබේ. ඒ පිනි වැස්සක් ටෙලි සිතුවම සමඟිනි. එහි ගායනයෙන් අමල් පෙරේරා දායක වෙයි.
ඇය ලඟදීම සංගීතයට සම්බන්ධ කෙනෙක් සමඟ යුගිදිවියට එළඹීමට සූදානම්වන බව ඇය පුවත්පතකට පවසා තිබේ.

එම පුවත්පතට දුන් සාකච්ජාව පහලින්

මගේ පෙම්වතා ජනප්‍රිය ගායකයෙක් - ශිරෝෂි රොමේෂිකා

• ශිරෝෂි රොමේෂිකා කියන්නේ රංගන ශිල්පිනියක්ද , නර්තන ශිල්පිනියක්ද?
ඒක දන්නේ ප්‍රේක්‍ෂකයො තමයි.

• ශිරෝෂි කියන නර්තන ශිල්පිනියට මොකද වුණේ...?
මුකුත් වෙලා නෑ.

• දැන් නටන්නෙ නැද්ද? අවස්ථාවක් ලැබුණොත් නටනවා.

• ඩාන්සින් ස්ටාර් නිසා ඔබට හරිගියාද වැරදුණාද?
හරි ගියා. නොහිතපු අවස්ථා පවා ලැබුණා.

• ඩාන්සින් ස්ටාර් නිසා ඔබ ස්ටාර් කෙනෙක් වුණා කියලා හිතෙනවාද?
ස්ටාර් කෙනෙක් නිසා තමයි මට ඒ තරගයට කතා කළේ. හැබැයි තරගය නිසා තරු ගුණය තව දීප්තිමත් වුණා කිව්වොත් වැරැදි නැහැ.

• ඔය විදියට බිහිවෙන තරු කාලයකදී උල්කාපාත වෙනවා කියන්නේ ඇත්තද?
තරු ගුණය රැකගන්න තමන් දැන ගන්න ඕනෑ. එතකොට උල්කාපාත වෙන්නෙ නෑ.

• ඔබත් ඔය කියන තරු ගුණය රැකගත්තාද?
තමන්ගේ පෞද්ගලික හේතු නිසා ඕක වෙනස් වෙන්න පුළුවන්. මටත් එහෙම දේවල් සිද්ධ වුණා.

• රංගන ශිල්පිනියකට පෙනුම කොයිතරම් වැදගත්ද?
නිර්මාණය අනුව ඒක වෙනස් වෙනවා.

• ඔබේ පෙනුමෙන්, උසෙන් පුංචි තිරයට, රිදී තිරයට වැඩක් ගත්තා කියලා හිතෙනවාද?
තවම කවුරුත් ඒ සුදුසුකම්වලින් වැඩක් ගත්තෙ නෑ.

• ඩාන්සින් ස්ටාර් චිත්‍රපටයෙන් පසු ශිරෝෂි නිහ~ වුණේ ඔබේ වුවමනාවටද? කාගෙ හරි බලපෑමකටද?
මගේ වුවමනාවට.

• ශිරෝෂිට නිර්මාණ අඩුද, නිර්මාණ දෙන්නෙ නැද්ද, නැත්නම් රඟපාන්න දෙන්නෙ නැද්ද?
මම රඟපාන්නෙ නෑ කියලා හිතාගෙන බොහෝ දෙනෙක් නිර්මාණවලට කතා කරන්නෙ නෑ.

• ඒ කියන්නේ අවස්ථාවක් ලැබුණොත් රඟපානවා?
මට ගැළපෙනවා නම් බාර ගන්නවා.

• රංගනයේ සීමා මායිම් තියෙනවද?
ඔව්... අ~ගහන ඕනෑම එකකට යන්නෙ නෑ. ගැළපෙනවානම්, මටත් කරන්න දෙයක් තියෙනවානම් කරනවා.

• zපි‚ වැස්සක්z නාට්‍යයේ ඔබේ රංගනයට ලැඛෙන ප්‍රතිචාර කොහොමද?
හුඟාක් හොඳයි.

• ඔබේ උසට ගැළපෙන නළුවන් ලංකාවෙ ඉන්නවාද?
ඔව්. කීප දෙනෙක්. රොෂාන් රණවන, අකංලක, හේමාල් වගේ අය. සම උස තියෙන අමිල, සාරංග වගේ අයත් ඉන්නවා.

• ප්‍රථම ප්‍රේමය හිතේ ඇතිවෙනකොට වයස කීයද?
මම හිතන්නේ අවුරුදු 17ක් 18ක් ඇති.

• ආදරය ගැන ඒ දවස්වල මොකද හිතුවේ?
සුන්දරයි කියලා.

• අද මොකද හිතෙන්නේ?
හුඟාක් ගැඹුරු දෙයක් කියලා.

• ආදරය වෙනුවෙන් කැප කිරීම් කරන්න පුළුවන්ද?
ඔව්.

• රංගනය, නර්තනය නිසා ආදරය කැප කළාද?
නැහැ.

• ආදරයකින් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
අවංකකම.

• ඔබේ ආදරය නිසා තව කෙනකුගේ හිත රිදුණොත්?
මගේ වැරැද්දකින් එහෙම දෙයක් වෙන්න ඉඩ දෙන්නෙ නෑ.

• දැන් ඔබ පෙම්වතියක්නේ?
ඔව්.

• ජනප්‍රිය ගායකයෙක් ඔබේ පෙම්වතා කියන්නේ ඇත්තද?
ඔව්. ඒක ඇත්තක්.

• ආදරය විවාහයකින්ම කෙළවර වෙන්න ඕනද?
ආදරය කියන්නේ කොළයක අස්සන් කරන දෙයක් නෙමෙයි. කොළ කෑලි ගැන මගේ විශ්වාසයක් නෑ.

• ඔබ බිරියක් මවක් වෙන්නේ කවදාද?
ඉදිරියේදී වෙයි.

• දැන් ගම අමතක කරලාද?
අපෝ නැහැ. හැදුණු වැඩුණු ගම කොහොම අමතක කරන්නද?

• මුල මතකද?
නැත්නම්. මම මුල අමතක කරන ජාතියෙ කෙනෙක් නෙමෙයි.

• නයිට් ක්ලබ් යනවාද?
පුරුද්දකට නම් යන්නෙ නෑ. නටන්න ආස හිතුණොත් යනවා. ඒත් ඉඳලා හිටලා.

• නිළියක් නම් නයිට් ක්ලබ් යන්නම ඕනද?
එහෙම දෙයක් නෑ. ඒක එයාගෙ කැමැත්ත.

• විලාසිතා ගැන මොකද හිතෙන්නේ?
විලාසිතා කරන්න ඕනෑ. හැබැයි ගැළපෙනවා නම් විතරයි.

• ඉස්සර කොටට ඇඳලා දැන් අඳින්නේ නැත්තේ ඇයි?
නොතේරෙන කාලෙ කරපු දේවල් දැන් තේරෙන කොට කරන්න ඕනෙ නෑ කියලා හිතෙනවා.

• ජීවිතයේ කරපු ලොකුම මෝඩකම මොකක්ද?
මං දන්න තරමින් එහෙම මෝඩ වැඩ කරලා නැහැ.

• කරපු වැරැද්දක් හදාගන්න අවස්ථාවක් ලැබුණොත් හදාගන්න වැරැද්ද මොකක්ද?
අපි කවුරුත් මිනිසුනේ. පුංචි පුංචි වැරැදි සිද්ධ වෙනවා. අවස්ථාව ලැබුණොත් ඒ වගේ වෙච්ච වැරැද්දක් හදාගන්නවා.

• අදහන ආගම මොකක්ද?
කතෝලික.

• දෙවියන් විශ්වාස කරනවාද?
හුඟාක්.
Description: Actress, Models, Musician, Shiroshi Romeshika, Gossip, Funny,
Loading...