June 24, 2017

Tagged Under: ,

Murder of girl in Kottawa

By: Blog Poster On: 6:22 AM

නිදන ඇඳමත ලේ විලක් මැද ඇගේ යොවුන් දිවිය නිමවේ - කොට්ටාවේ සුවිසල් නිවසේ ඝාතනයක් (PHOTO)

ගෙල ප්‍රදේශයේ ඉදිරිපසට හා පසුපසට පිහි පහර 20කට වැඩිය එල්ලකරලා....
සැකකරු විදේශ වන්දනා ගමන් සංවිධානය කරන්නෙක්...
කොට්ටාව සිය නිවස තුළ කාමරයේ දී අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ තරින්දි ආලෝකා 26 හැවිරිදි තරුණියගේ මරණය ගැන පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේ දී අද(23) පැවැත්වුනා.එහිදී අනාවරණය වූයේ තරුණියගේ ගෙල ප්‍රදේශයේ ඉදිරිපසට හා පසුපසට පිහි පහර 20කට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි.එමගින් අධික ලෙස ලේ වහනය වීම නිසා මරණය සිදු වී ඇති බවයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.


සැකකරු මාතර පදිංචිකරුවකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීමට කොට්ටාව පොලිසියේ විශේෂ කණ්ඩායමක් මාතර බලා පිටත්ව ගොස් තිබෙනවා.

අදාළ නිවසේ CCTV කැමරා සවිකර ඇති අතර එම දර්ශන ඔස්සේ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

සැකකරු විදේශ වන්දනා ගමන් සංවිධානය කරන්නෙකු වන අතර දැනට වසර 2කට ආසන්න කාලයක සිට මෙම නිවසට යන එන පුද්ගලයෙකු බවද සඳහන්.

මෙම පුද්ගලයා තරුණිය හා ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වීමට උත්සාහ කර ඇති අතර තරුණිය ඊට අකැමැත්තෙන් සිට ඇති බවද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

සිද්ධිය වන දිනට පෙර රාත්‍රියේ ඔහු මෙම නිවසේ නැවතී සිට ඇති බව සඳහන්.






Description: Mysterious death of Kottawa girl
Loading...