June 14, 2017

Tagged Under: , , , , ,

Sandani Tharuka Wanniarachchi - Gossip Chat

By: Blog Poster On: 2:57 PM

‘‘නිළියක් වුණත් මමත් මනුස්සයෙක්.. ආදරය වගේම විරහවත් විඳිමින් ජිවත් වෙන කාල තියෙනවා“ - තාරුකා වන්නිආරච්චි - Exclusive - Photos

- ‘‘නිළියක් වුණත් මමත් මනුස්සයෙක්.. ආදරය වගේම විරහවත් විඳිමින් ජිවත් වෙන කාල තියෙනවා“ - තාරුකා වන්නිආරච්චි - Exclusive - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka


"පත්තිනි විකාශයටත් කලින්ම ප්‍රතිචාර ලැබෙනවා..."

'මම ඒ පැත්තෙන් වාසනාවන්තයි.."

තාරුකා වන්නිආරච්චි කියන්නේ රංගනය ඇවිත් කෙටි කාලයක් වුණත් කලාත්මක නිර්මාණවලින් වැඩි වශයෙන් දකින්න ලැබෙන නිළියක්. අද සිට හිරු රූපවාහිණියේ විකාශය ආරම්භ වන පත්තිනි ටෙලි නාට්‍යටත් ඇය ප්‍රධාන චරිතයකින් සිය රංගන දායකත්වය ලබා දෙනවා. දීර්ඝ නාට්‍ය වලින් වගේම කලාත්මක නිර්මාණ වලින් දකින්න ලැබෙන ඇය ගැන හිරු ගොසිප් කතා කරන්න අපි කල්පනා කළා. මේ ඇය ගැන තොරතුරුයි.



ඔබ රංගනයට අවතීර්ණ වෙලා කෙටි කාලයක් වුණත් කලාත්මක නිර්මාණවලින් ඔබේ රංගන හැකියාව පෙන්වන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙම නේද..?
ඔව්. ඇත්තටම මම ඒ පැත්තෙන් නම් හරිම වාසනාවන්තයි. මට දීර්ඝ නාට්‍ය විතරක් නෙමෙයි ඓතිහාසික වගේම කලාත්මක නිර්මාණවලට හරියට ආරාධනා ලැබෙනවා. මගේ රංගනය කොටුවිමකට ලක් වෙලා නැත්තේ ඒ නිසා වෙන්න ඇති. ඒකට මගේ රංගන දක්ෂතා බලපාන්න ඇති. ඒ විතරක් නෙමෙයි වාසනාවත් තියෙන්න ඕන. මගේ රංගන පරාසය තේරුම් අරගෙන මාව නිර්මාණවලට ගන්න නිර්මාණකරුවන්ට මම ස්තුති වෙන්න ඕන.

ඔබව අද සිට පත්තිනි නම් වූ ඓතිහාසික කතා පුවතින් දැකගන්න ලැබෙනවා. ප්‍රධාන චරිතයකින්. ඒ ගැන කිව්වොත්..?
පත්තිනි කියන්නේ බොහෝ අය ආදරේ කරන කතාවක්. ඒ නිසා පත්තිනි විකාශය වෙන්නත් කලින්ම මට ප්‍රතිචාර ලැබෙනවා. පත්තිනි නාට්‍යයේ කන්නගිගේ චරිතයට මාව අධ්‍යක්ෂකවරයා තෝරා ගත්තේ මම චරිතය හොදින් කරයි කියලා වෙන්න ඇති. මම එතුමාගේ අධීක්ෂණය යටතේ චරිතයට සාධාරණයක් කළා කියලා හිතනවා. උපරිම උත්සාහයෙන් හරිම රංගනය ලබා දෙන්න මම වගබලා ගන්නවා.

පත්තිනි සිනමාපටයකුත් බිහි වුණා. ඓතිහාසික කතාවක් නිසා චරිතයට අනුසාරය ගත්තේ කොහොමද..?
මම සුනිල් ආරියරත්න මහත්මයාගේ පත්තිනි චිත්‍රපටයත් බලලා තියෙනවා. මම උසස්පෙළට නර්තනය කළේ. නර්තන විෂයට පත්තිනි හෑල්ල ඉගෙන ගන්නවා පුළුල්ව. ඒකත් මම පුංචි කාලේ අහලා තියෙන කතා මේ හැමදෙයක් එක්කම මට ලැබුණු පිටපත කියවාගෙන යද්දී මගේ හිතේ චිත්‍රයක් මැවුණා. මම මගේ හිතේ හිටපු කන්නගිව ඒ විදිහට තමයි කැමරාව ඉදිරියට ගෙනාවේ.

තාරුකා වන්නිආරච්චි කියන නිළියගේ හැරවුම් ලක්ෂය කන්නගී කිව්වොත්..?
ඔව්. මම වාසනාවන්තයි හොදම චරිත වලින් ප්‍රේක්ෂකයි අතරට මට යන්න ලැබෙන එකට. මේ චරිතය මිට කලින් මම කළ චරිතවලට වඩා හාත්පසින්ම වෙනස්. මේ වෙනස මගේ රංගන ජීවිතය වෙනස් කරාවි.

ඔබව දකින්න ලැබෙන අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු..?
සුනිල් ආරියරත්න මහත්මයාගේ අලි කතාව චිත්‍රපටියේ රජ බිසව විදිහට මේ දවස්වල මාව දකින්න ලැබෙනවා. ඒ වගේම හිරු නාලිකාවේ විකාශය වෙන කවුරුන්ද නුබ මගේ කියන මෙගා නාට්‍යයෙනුත් මාව දකින්න ලැබෙනවා. ඒ චරිතයටත් මට බොහෝ අය ආදරේ කරනවා. කතා කරනවා ඒ ගැන. තව අලුත් චිත්‍රපටි දෙකකටත් ආරාධනා ලැබුණා.මම හිතනවා මට විවිධ චරිත පරාසයන්ට යන්න පුළුවන් වුණේ මගේ කැප කිරීම මත කියලා. රංගනය ඇවිත් අවුරුදු හයක් ඇති. මේ කාලේට මම රංගනයෙන් ගොඩක් දුර ගියා.

තනිකඩ ජිවිතේට තිත තියලා ප්‍රේමවන්තිය වුණොත් හොදයි කියලා හිතෙන්නේ නැද්ද..?
මම ආදරේ විදිනවා. ආදරේ විදවලා තියෙනවා.නිළියක් වුණත් මමත් මනුස්සයෙක්..ආදරය වගේම විරහවත් විදිමින් ජිවත් වෙන කාල තියෙනවා. නමුත් දැන් නම් මම තනිකඩයි. විවාහයට මට සුදුසු කෙනෙක් මැවිලා ඇති. එයා කොයි වෙලාවේ හරි ඇවිත් මගේ අත ගයිනේ. එතකල් ඉන්නවා.

ප්‍රේමයට ඇරයුම් ලැබෙන්නේ නැහැ කිව්වොත් ඒක බොරුවක්..?
ඕන තරම් ප්‍රේමයට නම් ඇරයුම් ලැබෙනවා. ඒත් ඒ ඇරයුම් තිරයේ දකින නිලියට මිසක් සාමාන්‍ය ජිවිතේ ඉන්න තාරුකාට නෙමෙයි කියලා මම දන්නවා. මම ඒ ඇරයුම් හිත් නොරිදෙන විදිහට ප්‍රතික්ෂේප කරනවා.

කලා ක්ෂේත්‍රය කියන්නේ කට කතා පිරුණු තැනක්. මේ ගමන් මගදී ඔබට විවිධ සිදුවීම් වලට මුහුණ දෙන්න සිදු වෙන්න ඇති. දෙමාපියන් කියන්නෙ නැද්ද ඒ නිසා කලාවෙන් ඉවත් වෙන්න කියලා...?
ඕන තරම් කතා හදන්න පුළුවන්. කියන අයත් ඉන්නවා හදන අයත් ඉන්නවා. නමුත් මම අද මෙතන ඉන්නවා නම් ඉන්නේ මගේ අම්මාගෙයි තත්තාගෙයි වුවමනාව මත. ඒ අයගේ මග පෙන්වීම තමයි මම මේ තරම් දුරක් ආවේ. මම කව්ද කියන එක ඒ අය දන්නවා නම් මට කවුරු මොනවා කිව්වත් අදාළ නැහැ. මම දන්නවා මම කවුද කියලා.

තාරුකා ජනප්‍රිය නිළියක් නිසාද මේ තරම් ආඩම්බර කියලා සමහරුන් කියනවත් ඇති..?
මම ගැන දන්න අය දන්නවා මම ආඩම්බර නැහැ කියලා. හැමෝටම කට ඇරලා හිනා වෙන පුරුද්දක් මට තියෙන්නේ. සමහර වෙලාවට හිතෙනවා මම ශෝෂල් වැඩිද කියලා.

තරුකාගේ විලාසිතා තෝරන්නේ කව්ද..?
ගොඩක් වෙලාවට මට ගැළපෙන ඇදුම් තෝරලා දෙන්නේ අම්මා. මම කොටට ඇදලා තියෙනවා. ඒත් හරිම අපහසුවෙන්. ඒ නිසා දැන් දිගට සැහැල්ලුවට අදින්න පුරුදු වුණා. මම කොහොමත් විලාසිතා කරන කෙනෙක්.

ලස්සන වෙන්න කීයක් වියදම් කරනවද..?
මම නිතරම හිතන්නේ ස්භාවික විදිහට ඉන්න. එළියට ගියොත් ලිප්ස්ටික් විතරයි පාවිච්චි කරන්නේ. කොන්ඩේ විලාසිතාව විතරයි මම සැලෝන් එකෙන් කරගන්නේ. මගේ මේකප් එක මමම දාගන්නවා. ඒ නිසා ලොකු වියදමක් යන්නේ නැහැ.




Description: Tharuka Wanniarachchi, Sri Lankan Actress, Sri Lankan Acress, Actress, Models, Gossip,
Loading...