Amazone

July 21, 2017

Tagged Under: , ,

A rape case happened 11 years ago in galle

By: Blog Poster On: 6:49 AM

පොලිස්පති වරයකු විසින් කරන ලද ස්ත්‍රී දූෂණයක් වසර 11 කට පසු ලීක් වේ


ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් විශ්රාමික නියොජ්‍ය පොලිස්පතිවරයෙකුට චෝදනා.


වසර 11 කට පමණ පෙර සිදුවූ බව කියන ස්ත්රී දූෂණයක් සම්බන්ධයෙන් විශ්‍රාමික නියෝජ්ය පොලිස්පතිවරයෙකුට එරෙහිව ගාල්ල ප්රදේශයේ පදිංචි කාන්තාවක් පොලිසියට පැමි‚ල්ලක් ඉදිරිපත් කර තිඛෙනවා.පොලිසිය පැවසුවේ අදාළ පැමි‚ල්ල සම්බන්ධයෙන් විමර්ශණ සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගන්නා බවයි.ගාල්ල” ගෝනපීනුවල ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවක් මෙම පැමි‚ල්ල ඉදිරිපත් කර ඇත්තේ මීට වසර 11කට පෙර” එවකට ගාල්ල කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ නිලධාරියා විසින් තමන් අපහරණය කළ බවට චෝදනා කරමින්.


ඇය පවසන්නේ සිය මව සහ පියා අදාළ පොලිස් නිලධාරියාගේ නිල නිවසේදී ඔහුට දේව කන්නලව්වක් සිදුකරන අතරවාරයේ එම නිවසේ උඩුමහලේදී තමන් මෙම සිදුවීමට මුහුණ දුන් බවයි’

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳ ක්රියාමාර්ග නොගන්නා ලෙස ඉල්ලමින් එවක අදාළ නිලධාරියා විසින් වන්දි මුදලක් සහ නිවසක් ලබාදීමට එකඟ වූ බව ඔවුන් පවසනවා’
අපහරණයට ලක් වූ බව කියන කාන්තාව පැවසුදේ පහතින්’

    ˜‍මම එදා දැනගෙන හිටියේ නැහැ යනකොට ඒ විශ්රාමලත් ”””””’ ඩී’අයි’ජී’ කෑම බීම එහෙම ලෑස්ති කරලා ඔක්කොම තිබුණේ’ ඉතින් කෑම කෑවට පස්සේ මට තද නිදිමත ගතියක් දැනුණා’ ඊට පස්සේ සිද්ධ වුණ දේවල් ගැන මට එච්චර මතකයක් නැහැ’ මට මතක අම්මා උදේ ඇවිල්ලා පෙන්නපු දේවලූ‍යි” දැකපු දේවලූ‍යි විතරයි’ එයාගේ නෝනයි ඒ හැමෝම එකතුවෙලා මට කිව්වා මේ සිද්ධිය කාටවත් කියන්න එපා’ කිව්වොත් මරනවා කියලා’

අනිත් එක නියෝජ්ය පොලිස්පතිකෙනෙක් වෙන්න ඕනේ නිසා මේක රටට හෙළි කළොත් ලැජ්ජායි’ කෝටි 2 ක් විතර සල්ලි දෙන්නම් කියලා තමයි රැවට්ටුවේ’ ඊට පස්සේ රිටාය වෙන්න ලෑස්ති වෙලා තමයි මට ලක්ෂ 18 ක් දුන්නේ’ ඒකත් වංචාවෙන් එයාගෙම ලෝයර්ට කියලා නම දාගෙන’ අපි දන්නේ නැහැ ලයිට් ගන්නකම් මේ ගෙදරට ඒක වුණේ කොහොමද කියලා’ එහෙම තමයි වංචා කළේ’ එයා හැම මාසෙකම මට සල්ලි දාලා එව්වා’ 2016-06- 01 වැනිදා වෙනකම්ම සල්ලි දාලා තියෙනවා’ මේ බැංකු පොත්වල’ ඊට පස්සේ එතන ඉදන් මට ගෙවීම් කළේ නැහැ’ මම ඉල්ලන්නේ අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා’ අපි ගේන් එළියට ඇදලා දාන්න තමයි දැන් එයාගේ කල්පනාව’ අපිට අපේ ගෙදර අයිතියයි” ඉඩමේ අයිතියයි ඔක්කොම ලබාදීලා අපිට අපේ පාඩුවේ ඉන්න සලස්වන්න කියලා තමයි මම ඉල්ලීම කරන්නේ˜‍’
අදාළ කාන්තාවගේ මව පැවසූ දේ පහතින්

වන්දි මුදලක් දෙනවා කිව්වා’ හැමදාම පොලිස් ක්වාර්ටස්වලට අම්පාරේ එහෙම ඉන්න ඩී’අයි’ජී’ ක්වාටස්වලට එක්කගෙන ගියා සල්ලි දෙනවා කියලා අරගෙන එනවා පොඩි පොඩි ගණන්’ ඊට පස්සේ 25000 ගාණේ මාසෙකට දෙමින් පැවතුණා’ ඒකත් දැන් නතර වුණා’ අපිට එකතපාර දෙනවා කිව්වා ලකෂ”’ කෝටි ගාණක් දෙනවා කියලා ලක්ෂ 20 ක් දෙනවා කියලා ඒකත් 18 ට බැස්සුවා’ බස්සලා අපි ඒකෙන් ඉඩමක් ගත්තා’ විදුලි බල මණ්ඩලයට ගියාට පස්සේ තමයි මොවුන්ගේ නමට ඔප්පුව තියෙන බව දැනගත්තේ’ විදුලි බල මණ්ඩලයෙන් දැන් ඇවිල්ලා ලයිට් කපලා අපි ගෙදර නැති වෙලාවක’ විසන්ධි කරලා මට දැන් තර්ජන තියෙනවා’ මමයි දූයි මරනවා කියනවා˜‍

මෙම චෝදනාව සම්බන්ධයෙන් අප ගාල්ල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ලබාගන්නා බවයි’

කෙසේ වෙතත් එල්ලවන චෝදනා පිළිබඳව අප චෝදනාවට ලක්වන විශ්රාමික නියෝජ්ය පොලිස්පතිවරයාගෙන්ද විමසීමක් කළා’

ඔහු අවධාරණය කළේ තමන්ට එල්ලවන මෙම චෝදනා දැඩිව ප්රතික්ෂේප කරන බවයි’
Description: Crime, Local News, Gossip, A rape case happened 11 years ago in galle
Loading...