July 3, 2017

Tagged Under: , , ,

Nayanathara Wickramarachchi - Most Populer Actress of the Year 2017

By: Blog Poster On: 10:35 PM

නයනතාරා ශනුද්‍රිව පරද්දන්න ලොකු කැම්පේන් එකක්‌ කළේ නැතිලු...ඊළඟ අරමුණ හොඳම නිළිය



නයනතාරා වික්‍රමාරච්චි. අවුරුදු 19 දී ඔබ ජනප්‍රියම නිළිය සම්මානයට හිමිකම් කියනවා?

ඇත්තටම හුඟක්‌ සතුටුයි. මගේ ආදරය ප්‍රේක්‍ෂකයන්ට තමයි. ඒ සතුට වෙනුවෙන් මම ස්‌තුතිය පළකරන්න ඕනේ. ඒ වගේම දෙරණ නාලිකාවට, දෙවැනි ඉනිම අධ්‍යක්‍ෂකවරයාට සහ දෙවැනි ඉනිම නාට්‍ය කණ්‌ඩායමට මම විශේෂයෙන්ම ස්‌තුතිය පළකරන්න ඕන. රයිගම් ආයතනයටත් මේ වෙනකම් මට උදව් කළ හැම කෙනකුටමත් මම ස්‌තුති කරනවා.


අම්මයි තාත්තයි මොකද කිව්වේ?

ඒ දෙන්නටම ගොඩක්‌ සතුටුයි.

සම්මානේ ගන්නකොට අම්මත් ඔබ ළඟ හිටියා නේද?

ඔව්. ඒ වෙලාවෙත් අම්මා මගේ ළඟ හිටියා. තාත්තට නම් එන්න බැරිවුණා. අම්මා තමයි මගේ පස්‌සෙන්ම ඉන්නේ. ඇය සමන්ති චන්දනායක. මගේ තාත්තා නිමල් වික්‍රමාරච්චි. තාත්තා ආරක්‍ෂක නිලධාරීන් සම්බන්ධ ආයතනයක්‌ පවත්වාගෙන යනවා. අපේ පවුලේ මං විතරයි.

මේ සම්මානය "දෙව්මි" නිසා ඔබට ලැබෙන්නේ. කවුද ඔබව "දෙව්මි" ට යෝජනා කරන්නේ?

අධ්‍යක්‍ෂවරයාට මාව යෝජනා කළේ මං කලින් කරපු ටෙලි නාට්‍යයක ප්‍රභාත් චතුරංග අයියා. ඊට පස්‌සේ අධ්‍යක්‍ෂවරයා මාර්ගයෙන් තමයි දෙරණ ආයතනය අඳුනා ගන්නේ. ඒගොල්ලෝ තමයි එකතුවෙලා මේ චරිතයට මාව තෝරා ගත්තේ.

මේ නයනතාරා ගේ පළමු සම්මානය නේද?

ඔව්... මේ මගේ පළමු සම්මානය සහ සම්මාන උළෙලක පළමු සහභාගිත්වය.

ජනප්‍රියම නිළිය සම්මානය හිමි කරගන්න ඔබත් campaign කළ කෙනෙක්‌ද?

දෙව්මි කියන චරිතය ප්‍රේක්‍ෂකයෝ හැමෝම ආදරෙන් වැළඳ ගත්ත එක තමයි ජ්පච්සටබ එක කියල මං හිතන්නේ. ඇත්තටම ඒගොල්ලන්ගේ ආදරය. එහෙම නැතුව මං වෙන කිසිම දෙයක්‌ කළේ නැහැ. ඇත්තටම රයිගම් එකෙන් කිව්වා මෙච්චර කාලෙකට මේ තරම් ලිපි ප්‍රමාණයක්‌ ලැබුණු පළමු වතාව මේක කියලා. ජනප්‍රිය category එකට. campaign කළේ නං නෑ.

පවුලේ අයවත් campaign එකක්‌ කරන්න උනන්දු කළේ නැද්ද?

කොහෙත්ම නෑ... මං නං හිතන්නේ ජනප්‍රිය කියන එක තෝරනවා නං හරියටම එක phone එකකින් එක වතාවක්‌ vote කරන්නයි ඕන. මම මේ ඇත්තටම කියන්නේ campaign කරන්න තියා එහෙම දෙයක්‌ ගැන මම හිතුවෙවත් නැහැ.

කොහොමද සහෝදර නළු නිළියන්ගෙන් ලැබුණු ප්‍රතිචාර?

සහෝදර නළු නිළියන්ගෙන් හුඟක්‌ හොඳ ප්‍රතිචාර ලැබුණා. හැමෝම සුබ පැතුවා ගොඩාක්‌. එයාලාටත් හුඟක්‌ සතුටුයි.

හිතුවද ෂනුද්‍රි එහෙමත් නැත්නම් "සමල්කා" අභිබවා ජනප්‍රිය නිළිය සම්මානයට හිමිකම් කියන්න පුළුවන් වෙයි කියලා?

අනේ.... අපි එහෙම හිතුවෙවත් නෑ. ඇත්තටම අපි හම්බුණත් ඔය වගේ දේවල් කතා කරන්නේවත් නෑ. අපි අතරේ එහෙම තරගයක්‌ තිබුණේම නෑ. මොකක්‌ වුණත් ප්‍රේක්‍ෂක තීරණයක්‌නේ. ඒකට ගරු කරනවා.

කෙනෙක්‌ චෝදනා කළොත් ඔබගේ දක්‍ෂතාවයටත් වඩා දෙවැනි ඉනිම නාට්‍යයේ ජනප්‍රියත්වය නිසා මේ නයනතාරාට හිමිවූ සම්මානයක්‌ කියලා ?

දෙවැනි ඉනිම ජනප්‍රියයි. ඒත් චරිතයක්‌ ජනප්‍රිය වෙන්නේ රංගන ශිල්පියා හෝ ශිල්පිනිය සහ ප්‍රේක්‍ෂකයා ඒ දිහා බලන විදිහත් එක්‌ක කියලා මං හිතනවා. හැබැයි මං මෙහෙම කිව්වත් ප්‍රේක්‍ෂකයාට, ඕනෙම කෙනකුට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒ සම්බන්ධයෙන් ඕනෙම දෙයක්‌ තීරණය කරන්න. මං වචනයක්‌වත් කියන්නේ නෑ එහෙම කිව්වා කියලා. ඒක ඒ අයගේ අයිතියක්‌. එක්‌ එක්‌කෙනාගේ සිතුවිලි.

දෙවැනි ඉනිම ඔබේ කීවෙනි ටෙලි නාට්‍යද?

පස්‌ වෙනි ටෙලි නාට්‍ය

මේ වෙද්දී නයනතාරා ක්‌ෂේත්‍රයට ඇවිල්ලා වසර කීයද?

දෙකයි....

චිත්‍රපට වලට ඔබේ දායකත්වය?

ඇත්තටම චිත්‍රපට වලට තමයි වැඩි දායකත්වයක්‌ ලබා දීලා තියෙන්නේ.

නයනතාරා වෘත්තියෙන් රංගන ශිල්පිනියක්‌ද?

ඉතින් හොඳ නිර්මාණ වලට දායකවෙලා වෘත්තීය මට්‌ටමින් කරන්න බලාපොරොත්තු වෙනවා.

ජනප්‍රිය නිළිය සම්මානය හිමිවුණ වෙලාවේ boy friend මොකද කිව්වේ?

එහෙම කෙනෙක්‌ නෑ අයියෝ......

හොඳටම විශ්වාසද?

ඇත්තමයි......

එතකොට හිටපු කෙනා? ඉස්‌සර ආදරේ කරපු කෙනා?

හිටපු කෙනා? අයියෝ දැන් ඉතින් මේක විශ්වාස කරන්නේ නෑනේ කිව්වට. හිටපු කෙනා කියන්නේ එහෙම කෙනෙක්‌ නෙමෙයි. මම ළඟින් ආශ්‍රය කරන යාළුවො නං ඉන්නවා. මට ඇත්තටම පිරිමි යාලුවෝ නං ගොඩක්‌ ඉන්නවා. ඉතිං මගේ යාලුවන්ගේ ප්‍රේක්‍ෂකයින්ගේ ආදරය ඇති මට. විශේෂ ආදරයක්‌ ඕනේ නෑ වගේ.

මේ වෙලාවේ "ජනප්‍රියම නිළියට" හොඳ විවාහ යෝජනාවක්‌ ආවොත් මොකක්‌ද ගන්න තීරණය?

අනේ අම්මෝ එපා. මට ටික කාලයක්‌ මෙහෙම ඉන්න ඕන. ඔය දේවල් දැන්ම ඔළුවට දාගන්න බැහැ.

මෙච්චර කාලෙකට පෙම්වතෙක්‌ ඉඳලාම නැද්ද?

පෙම්වතෙක්‌ ඉඳලා නෑ. ළඟින් ඇසුරු කරන යාළුවො නං ඉඳලා තියෙනවා

ඊළඟ ඉලක්‌කය මොකක්‌ද?

හොඳම නිළිය වෙන එක


(දිවයින පුවත්පත ඇසුරෙනි)
Description: Nayanathara Wickramarachchi, Actress, Sri Lankan Actress, Gossip,
Loading...