Amazone

July 1, 2017

Tagged Under: , , ,

Sandani Madubashini Pathirana's boyfriend

By: Blog Poster On: 4:21 PM

සඳනිට ඉංජිනේරුවරයකුගේ.. හිත ගිහින්. බැන්දට පස්‌සේ රඟපාන්නෑ

මේ දවස්‌වල මගේ ටෙලිනාට්‍ය දෙකක්‌ ස්‌වර්ණවාහිනියේ විකාශය වෙනවා. ඒ "තව දුරයි ජීවිතේ"සහ "දෙව්ලියේ" ටෙලි නාට්‍ය දෙක. ඉතිං ඒ නාට්‍ය දෙක

ටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.මොනවද මේ දවස්‌වල කරන්නේ? මූලිකම දේ මගේ අධ්‍යාපන කටයුතු. ඒ අතරේ කලා කටයුතු ටිකත් කරගෙන ඉන්නවා. තව ටෙලි නාට්‍ය කිහිපයක්‌ එන්න තියෙනවා.
* මේ දවස්‌වල විකාශය වෙන්නේ සඳනි රඟපෑ කීවැනි ටෙලි නාට්‍යයද? මට මතක විදිහට ඒ මගේ දහ අටවැනි ටෙලිනාට්‍ය.
* පළමුවැනි ටෙලිනාට්‍ය මතකද? අපොයි ඔව්... මං නවය වසරේදී ඒ නිර්මාණයට සම්බන්ධ වුණේ. රූපවාහිනියේ විකාශය වුණු "සරතැස නිමවී" ටෙලි නාට්‍ය.
* කවුද ක්‌ෂේත්‍රයට එන්න මග කිව්වේ? මං පුංචිම කාලේ ඒ කියන්නේ මොන්ටිසෝරි යන කාලේ පත්තරවල කවර් පේජස්‌ කළා. පොඩි අයගේ පත්තරවල එහෙම පෙනී සිටින්න මට අවස්‌ථාව ලැබුණා. ඉතිං ඒවා දැකලා තමයි පසුකාලේ මට නිර්මාණවලට කතා කළේ. එහෙමයි ඒ අවස්‌ථාව ලැබුණේ.
* මේ ක්‌ෂේත්‍රයේ ඉන්න සඳනි ගේ පවුලේ අය කවුද? ඇත්තටම මගේ පවුලේ කවුරුත් මේ ක්‌ෂේත්‍රයේ නෑ.
* සඳනි සම්බන්ධ වුණු චිත්‍රපට මොනවාද? චිත්‍රපට කළාට මම ලොකු චරිත නම් කරලා නැහැ. ඒකට මට අවස්‌ථාවක්‌ ලැබුණේ නෑ. රන් කෙවිට චිත්‍රපටයේ මට රඟපාන්න අවස්‌ථාව ලැබුණා. ඒ වගේම තවත් චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වෙන්න මට අවස්‌ථාව ලැබුණා.
* වේදිකා නාට්‍ය? වේදිකා නාට්‍ය මම තවම කරලා නෑ. ඇත්තටම කරන්න ආසයි. නමුත් ඒ සඳහා ආරාධනාවක්‌ තවම ලැබුණේ නෑනේ.
* රංගනයට සම්මාන හිමිවෙලා තියේද? අනේ තාම නෑ අනේ.. මං එච්චර දක්‌ෂ කෙනෙක්‌ නෙමෙයි.....
* එතකොට සඳනිට නිර්මාණ සඳහා ආරාධනා ලැබෙන්නේ ලස්‌සනට ද? දක්‍ෂතාවටද? පුද්ගලිකව මං විශ්වාස කරන්නේ රංගන ශිල්පියකුට ශිල්පිනියකට වැදගත් වෙන්නේ ලස්‌සන නෙමෙයි දක්‌ෂතාව කියලා. මං ගැන හිතද්දී අනේ මන්දා මට හිතෙනවා දක්‌ෂතාවට වෙන්න ඇති කියලා. මොකද මට වඩා ලස්‌සන අය ඕන තරම් ඉන්නවා සහ එයාලට හොයා ගන්නත් පුළුවන්නේ.
* දැන් වයස කීයද? මේ මාසෙ 24 වැනිදාට විසිතුනයි. ඒ හින්දා 24 යි කියලම දාන්නකෝ.
* සඳනි ගේ වෘත්තිය රංගනයද? නැහැ... රංගනය කියන්නේ මගේ වෘත්තිය නෙමෙයි. මම ගුරුවරියක්‌ වීම සඳහා මගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරමින් ඉන්නවා. අධ්‍යාපන කටයුතු ඉවර කරපු ගමන් ගුරුවරියක්‌ විදිහට වැඩකරන්නයි සූදානම. මගේ දක්‌ෂතාවයි, ආසාවයි ගෞරවයයි නිසා තමයි කරන්නේ.
* ගුරුවරියක්‌ විදිහට කටයුතු කරන්න හිතුවේ පුද්ගලික පාසලකද? තාම ඒ ගැන හිතලා නැහැ... බොහෝ විට පෞද්ගලික පාසලක වේවි.
* බොහෝ නිළියන් දැන් රූප රැජන තරගවලට යනවා. සඳනිට හිතුණේ නැද්ද එහෙම දෙයක්‌? එහෙම දේකට යන්න තරම් රූපයක්‌ මට නැහැනේ. ඉතිං ඒ පැත්තෙන් ගිහිං වැඩකුත් නැහැ. අනික මම කොටයිනේ.
* රියෑලිටි ෂෝ වලට ආරාධනා ලැබුණේ නැද්ද? ආරාධනා නම් ලැබුණා. ඒත් මං කරන්න හිතං ඉන්න වෘත්තියත් එක්‌ක මං හිතන්නේ නෑ ඒක මට ගැළපෙනවා කියලා. ඉතිං ඒ නිසා තමයි මම ඒ ආරාධනා ප්‍රතික්‌ෂේප කළා.
* ක්‌ෂේත්‍රයේ කට කතා හැදිලා නැද්ද? දැනට නම් නෑ. ඉස්‌සරහට බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මොකද මම එහෙම කට කතා හැදෙන විදිහට ඉන්නෙත් නෑ. හැබැයි දැන් නම් ඉතින් කට කතා හැදෙන්න මුකුත් කරන්න ඕනත් නෑ. නරක විදිහේ කටකතාවලට මං බයයි. සමහරු නම් ජනප්‍රිය වෙන්න කට කතා හදා ගන්නවා. මට ඉතිං එහෙම වුවමනාවක්‌ නෑ.
* ආදරවන්තයා ගැන කියන්නේ නැද්ද? ම්... එයාගේ නම නම් දැන්ම කියන්න බෑ. වෘත්තියෙන් නම් ආතර් සී ක්‌ලාක්‌ මධ්‍යස්‌ථනයේ ඉංජිනේරුවරයෙක්‌ ලෙස සේවය කරනවා. ඒ ඇති දැනට...
* කොහොමද මුණගැහුනේ? ඒ ඔක්‌කොම දැන්ම කියන්න බෑ.. මං පස්‌සේ කියන්නම්..
* කවදද වෙඩින් එක? ඒ ගැන තාම හිතුවේ නෑ... හැබැයි තව අවුරුදු පහක්‌වත් ඉන්න වෙයි. මොකද අපි දෙන්නම තවම ස්‌ථාවර මදිනේ.
* මේ ආදර කතාවට කොච්චර කල්ද ? අවුරුද්දක්‌ විතර..
* බැන්දට පස්‌සේ රඟපාන්න බැරි වෙයි නේද? එයා නම් එහෙම කිසිම දෙයක්‌ කියලා නැහැ. එයා එහෙම නීති දාන කෙනෙක්‌ නෙමයි. මොකද එයා මං කවුද කියලා දන්නවා. හැබැයි බැන්දට පස්‌සේ මම රඟපාන්නේ නෑ කියන තීරණයේ ඉන්නේ. බැන්දට පස්‌සේ මම රඟපෑමෙන් අයින් වෙනවා.
* ඔහු ඔබට ආදරේ කරන්න පටන් ගත්තේ ජනප්‍රිය නිළියක්‌ නිසාද? අනේ නැහැ... මං රඟපානවා කියලා එයා එතකොට දන්නේ නෑ. මොකද ඒ කාලේ එයා ලංකාවේ හිටියෙත් නෑ. හැබැයි මං කොහොම කෙනෙක්‌ද කියලා නම් යාළුවන්ගෙන් එහෙම අහලා හොයලා තිබුණා. නමුත් නිළියක්‌ නිසා නම් නෙවෙයි. මොකද නිළියක්‌ නිසා කියලා එයාට මට ආදරේ වෙන්න හේතුවක්‌ නෑ.
යුගන්ති යශෝදරා
Description: sandani madubashini pathirana dewliye actress Actress, Models, Sri Lankan Actress, Gossip,
Loading...