August 1, 2017

Tagged Under: ,

Rathnapura Wealthy gem businessman's wife kidnapping

By: Blog Poster On: 12:24 PM

ඉතා සැකසේ කාන්තාවක් නිවසින් පැහැරගන්නා ආකාරය සීසීටීවියේ සටහන් වෙයි. 

තාප්පෙන් පැනලා ඇවිත් මණික් මුදලාලිගේ ගෙට රිංගා බිරිය පැහැරගෙන ගිහින්.
පැහැරගෙන යන අයුරු නිවසේ තිබූ සීසීටීවී කැමරාවේ සටහන් වෙලා.
රත්නපුරයේ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු සොයා මෙහෙයුම්. නිවසේ සිටි තම බිරිඳ කිසියම් පුද්ගලයෙකු විසින් පැහැරගත් බව රත්නපුර ප්රදේශයේ මැණික් ව්යාපාරිකයෙකු පවසනවා. අදාළ පැහැරගැනීමට මේ වනවිට දින 3ක් ගත වී ඇතැත් මෙතෙක් ඇය පිළිබඳව කිසිඳු තොරතුරක් ලැබී නැහැ. මෙම පැහැරගැනීම සිදුව ඇත්තේ පසුගිය 27 වෙනිදා පෙරවරු 7.30ට පමණ රත්නපුර නව නගරයේ පිහිටි ඇගේ නිවස තුලදීයි විශාඛා සුදර්ශනී අබේරත්න නම් 34 හැවිරිදි තිදරු මවක් මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇති අතර ඇයගේ ස්වාමි පුරුෂයා මැණික් ව්යාපාරිකයෙක්.
අදාල කාන්තාව සහ දරුවන් දෙදෙනෙකු පමණක් එම අවස්ථාවේ නිවස තුල සිට ඇත්තේ සැමියා සිය දියණියක් සමඟ ව්යාපාරික කටයුත්තකට රත්නපුර නගරයට යාම හේතුවෙන්.

නිවසට ඇතුළු වන පුද්ගලයෙකු කාන්තාව පැහැරගෙන යන ආකාරය නිවසේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා.

කුඩා පිරිමි දරුවා මේ සම්බන්ධයෙන් අසල්වාසීන් දැනුවත් කළද ඔවුන් පැමිŒමට පෙර අදාල පුද්ගලයා කාන්තාව ත්රීරෝද රථයකින් පැහැරගෙන ගොස් තිඛෙනවා.

පිරිමි දරුවා විසින් ලබා දුන් අදාල ත්‍රීරෝද රථයේ අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා ත්‍රීරෝද රථය සහ එහි රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

කෙසේවෙතත් පැහැරගැනීමට ලක් වු කාන්තාව පිළිබඳ තොරතුරක් මෙතෙක් ලැබී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රඩෙශයෙ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු සොයා පොලිස් මෙහෙයුම් ක්රියාත්මකයි.
Description: Crime, Local News, Rathnapura women kidnapping. A mom of three kids was kidnapped in Ratnapura
Loading...