Amazone

November 30, 2017

Tagged Under: , , ,

A kid murdered by unidentified group in Kataragama

By: Blog Poster On: 6:15 AM

මව දූෂනය කිරීමේ චේතනාවෙන් දැරියක් දියේ ගිල්වා ඝාතනය කල අති සංවේදී කතාව "මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා"


නිවසකට කඩා පැන මවට පහරදී බිලිඳු දැරියක උදුරාගෙන ගොස් මිදුලේ තිබූ වතුර බැරලයකට දමා ඝාතනය කළ සිද්ධියක් පසුගියදා වාර්තා වුණේ කතරගම මැ‚ක්පුරගම ප්රදේශයෙන්.මේ වන විට එම සිද්ධියේ අගමුල හෙළිව තිඛෙනවා.කතරගම” මැ‚ක්පුරගම ප්රදේශයේ නිවෙසකට පෙරේදා (26) පස්වරු 6’50 ට පමණ ඇතුළුවූ දෙදෙනෙකු නිවසේ සිටි 19 හැවිරිදි මවට අතවර කිරීමට දැරූ උත්සාහය වැරදී ගිය විට ඇගේ උකුලේ සිටි බිලිඳු දැරිය උදුරාගෙන නිවසේ මිදුලේ තිබූ වතුර බැරලයකට දමා ඝාතනය කර පලාගොස් ඇති බවයි කතරගම පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.
මෙම අපරාධයෙන් කතරගම ප්රදේශයම කම්පාව වූ අතර ඝාතනයට ලක්වී තිබුණේ කතරගම” වල්ලිමාතාගම” මැ‚ක්පුරගම පදිංචි චාරුක සනිල් සහ ජයනි සඳරේඛා යන තරුණ යුවළගේ කුළුඳුල් දිය‚ය වන සියුමි සාදනා නමැති මාස 2 දින 21 ක් වයසැතිබිලිඳියක්.

තරුණ යුවළගේ නිවෙසට කඩාවැදුණු සාහසිකයන් දෙදෙනාගෙන් එක් අයකු මව වඩාගෙන සිටි බිලිඳිය උදුරාගෙන ඇති බවත් අනෙකා 19 හැවිරිදි වියේ පසුවන මවට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවත් මේ වන විට හෙළිව තිඛෙනවා’

ඒ අවස්ථාවේ ඇය එම පුද්ගලයා සමග පොර බදා ඔහුගෙන් බේරී පලාගොස් සිද්ධිය අසල්වාසීන්ට පවසා ඔවුන්ද සමග පැමිණ සෝදිසි කර බැලීමේ දී සිඟිත්තාගේ සිරුර ගෙවත්තේ තිබූ වතුර පුරවන ලද බැරලයක තිබී හමුවී තිඛෙනවා’ සිද්ධිය වන අවස්ථාවේ කාන්තාවගේ සැමියා ගමේ විහාරස්ථානයට ගොස් සිට ඇති බවයි දැනගන්නට ලැඛෙන්නේ’

මෙම අපරාධය සිදු කළ පුද්ගලයන් දෙදෙනා ත්රිරෝද රථයකින් පලා ගොස් තිබුණා’

බිලිඳු දරුවාගේ මව වන ජයනි සඳරේඛා නමැත්තිය පානදුර ප්රදේශයේ පදිංචිකාරියක බවත් ඇය තම සැමියාද සමග කතරගම පදිංචියට පැමිණ ගතවී ඇත්තේ මාස 15 කටත් අඩු කාලයක් බවත් දැනගන්නට ලැඛෙනවා’

කතරගම පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක උපාලි කාරියවසම් මහතා ප්රධාන පොලිස් කණ්ඩායමක් සිද්ධිය සැලවූ මොහොතේම අපරාධය සිදුවූ නිවසට ගොස්පරීක්ෂණ ආරම්භ කර තිබුණා’

සිද්ධියට මුහුණ පෑ කාන්තාව වන විෙජ්සූරිය ආරච්චිගේ දොන් ජයනි සඳරේඛා (19) මහත්මිය පොලිස් නිලධාරීන් හමුවේ ප්රකාශයක් කරමින් මෙසේ පවසා තිබුණේ මෙවැන්නක්’

    —මගේ සැමියා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යනවා’ මරා දමා ඇත්තේ අපට සිටි එකම දරුපැටියායි’ සැමියා හැමදාම වගේ සවසට ගමේ පන්සලට යාම පුරුද්දක් කර ගෙන තිබුණා’ මේ සිද්ධිය වෙන වෙලාවේත් සැමියා ගමේ පන්සලට ගොස් සිටියේ’ සවස 6’50 ට විතර දෙන්නෙක් ගෙදරට ආවා’ මාමා කෝ කියා ඇසුවා’ අපේ මාමා මාළු විකුණනවා’ ඒ වෙලාවේ ඔහු ගෙදර හිටියේ නැහැ’

මම ඇහැව්වා මාමා හොයන්නේ ඇයි කියලා’ අද උදේ මාමාගෙන් මාළු වගයක් ණයට ගත්තා ඒකේ සල්ලි දෙන්නයි ආවේ කියා ඔවුන් කීවා’ මාමා නොමැති නිසා ඔවුන් දෙන්නා යන්න ගියා’ මම පොඩි එකා වඩාගෙන සිටියදී කලින් ආ දෙදෙනාම 7’00 ට විතර ඇවිත් ගෙට ඇතුළු වුණා’ එක් කෙනෙක් මම කෑගහද්දිම මගේ අතේ සිටි දරුවා උදුරාගත්තා’ අනෙක් එකා මාව අල්ලාගෙන මට අතවර කරන්න හැදුවා’

මම ඌත් එක්ක පොර බදා කොහොම හරි උගෙන් බේරී පස්සා දොරෙන් එළියට පැන ගත්තා’ ඒත් එක්කම මට ත්රිරෝද රථයක් වේගයෙන් යන හ~ ඇසුණා’ මම කෑ ගසා මෙම සිද්ධිය කීවාම අහළ පහළ අය දුවගෙන ආවා’ දරු පැටියා පේන්න හිටියේ නැහැ’ කට්ටියම එකතුවෙලා සොයා බලද්දී මගේ දරු පැටියා ගෙවත්තේ වතුර බැරල් එකඇතුළේ සිටියා’ ගොඩට අරගෙන බලනකොටත් දරු පැටියා මියගිහින්’ මේ අපරාධය කළ දෙන්නා නැවත දැක්කොත් මට හඳුනාගන්න පුළුවනි

ඝාතනයට ලක්වූ බිලිඳියගේ පියා වන චාරුක සුනිල් මහතා සිද්ධිය විස්තර කර තිබුණේ මෙසේයි’

මගේ පියා ජංගම මාළු වෙළඳාමේ නිරතව සිටිනවා’ මා යාල සෆාරි ජීප් රියදුරෙකු ලෙස කටයුතු කරනවා’ මගේ පියාත් මවත් සමග අපි පස් දෙනාම මෙම නිවසේ පදිංචි වී සිටිනවා’ මම පෙරේදා (26දා) හැන්දෑවේ කිසියම් අවශ්යතාවයකට පිටවී ගියා’ පියා මාළු වෙළඳාමේ ගිහින්’ මවත් නිවසේ හිටියේ නැහැ’ ජයනියි දරුවයි දෙදෙනා පමණයි නිවසේ ඉඳලා තියෙන්නේ’

මේ අවස්ථාවේ ජයනි හඳුනන්නේ නැති අවුරුදු 30 ක පමණ පුද්ගලයකු පැමිණ ගෙදර කවුද ඉන්නෙ මාළු සල්ලි වගයක් දෙන්න තියෙනවා චාරුකත් මගදි හමුවුණා යැයි කියා ආපසු ගොස් තිඛෙනවා’ වැඩි දුරක් නොගොස් ආපසු පැමිණ ඇති ඒ දෙදෙනා නිවසට ඇතුළු වී තිඛෙනවා’ එක් අයෙකු ජයනිගේ උකුලේ සිටි දරුවා උදුරාගෙන තිඛෙනවා’ අනෙක් පුද්ගලයා ජයනිට අතවර කරන්න හදන විට ජයනි ඉන් බේරී කෑ මොරදෙමින් යාබද නැන්දලාගේ ගෙදරට දුවලා තියෙනවා’ අවට ගෙවල්වල අයද සමගින් සොයා බැලුවත් පැමිණ දෙදෙනා දුවලා’ අතේ සිටි දරුවා උදුරාගෙන ගියා කියලා ජයනිගෙන් මට කෝල් එකක් ආව නිසා මා ක්ෂ‚කව පැමිණ දරුවා ගැන සොයා බැලුවා’ අලුත හදන ගේ ඇතුළෙත් බැලුවා’ පසුව අලුත හදන නිවස ඉදිරිපිට තිබූ වතුර බැරල් එකට එබී බලන විට දරුවා උඩ පාවෙමින් සිටියා’ මම හනිකට දරුවා අරගෙන ගසලා කතරගම රෝහලට රැගෙන ගියා

තංගල්ල මූලස්ථාන පොලිසියේ නිල සුනඛ පබ්ලෝද ඊයේ අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන විත් අපරාධකරුවන් ගැන කිසියම් හෝඩුවාවක් ලබා ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බවයි පොලිසිය පවසන්නේ
Description: Crime, Gossip, Local News, A kid murdered by unidentified group in Kataragama They had allegedly assaulted the mother and had killed the child by drowning her in a barrel of water.
Loading...