Amazone

November 14, 2017

Tagged Under: , ,

Mr.Bean becomes a father

By: Blog Poster On: 4:34 PM

62 වියේ පසුවන Mr.Bean ඔහුගේ දෙවැනි බිරිඳ සමඟ දරු සුරතල් බැලීමට සුදානම් වෙයි

Mr.Bean කියන්නේ ලොව ප්‍රකට චරිතයක්. Mr.Bean හෙවත් Rowan Atkinson පිළිබඳ අපුරු පුවතක් අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර යමින් පවතිනවා.

ඒ තමයි ඔහු තුන්වැනි වරටත් පිය පදවිය ලැබීමට සුදානම් වීම. අන්තර්ජාලය පුරා මේ පිළිබඳව දැඩිව කතාබහට ලක්ව තිබෙන්නේ, මෙසේ තුන්වැනි දරුවා බලාපොරොත්තු වන ඔහු මේ වන විටත් අවුරුදු 23ක පුතෙකුගේ හා අවුරුදු 21ක දුවෙකුගේ පියෙක් හා ඔහු 62 වියේ පසුවීමයි. අවුරුදු 25ක් පමණ එකට දිවිගෙවු පළමු බිරිදගෙන් තත්පර 65ක පමණ උසාවි නඩු විභාගයකින් දික්කසාද වී වසරකට පසු ඔහුගේ නව බිරිඳ සමඟ ඔහුට අයත් උතුරු ලන්ඩනයේ පිහිටි පවුම් මිලියන 4.65ක පමණ වටිනාකමින් යුක්ත නිවසට ගොස් ඇති බවට සඳහන් වේ.


Louise Ford නම් ඔහුගේ දෙවැනි බිරිඳ රූපවාහිනි වැඩසටහනක් මෙහෙයවු නම් 33 හැවිරිදි කාන්තාවක් වන අතර මේ ඔවුන් දෙපළ බලාපොරොත්තුවන පළමු දරුවා බවටද වාර්තා කර ඇත.

ඡායාරූප පහතින්.



Mr.Bean හෙවත් Rowan Atkinson ඔහුගේ පළමු බිරිඳ හා දියණිය සමඟ

Description: Actors, Gossip, World News,
Loading...