November 11, 2017

Tagged Under: ,

Sri Lankan origin man in Canberra raped underage girls in Australia

By: Blog Poster On: 6:58 PM

ළාබාල ඕස්ටේ්‍රලියානු දැරියන් හතර දෙනෙකු දූෂණය කළ 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයා රිමාන්ඩ්

ඕස්ටේ්‍රලියාවේ කැන්බරා නුවර වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කිරීම නිසා පසුගිය සතියේ එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.සුනිල් බටගොඩ නමැති ඔහු මීට වසරකට පමණ පෙර කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් යන වයසේ වයස 14 -15 වන ළාබාල දැරියන් මිතුරු කරගෙන තිඛෙන අතර පසුව ඔවුන්ට මුදල් හා තෑගි දෙමින් ඔවුන් වරින්වර සිය නිවසට ගෙන්වා ගැනීමට පුරුදුවී තිඛෙන බව මේ පිළිබඳ සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.


මේ දැරියන් සුනිල්ගේ නිවසට ගෙන්වාගැනීමෙන් පසු ඔවුන්ට ඇල්කොහොල්, මර්ජුවානා ආදිය ඔහු විසින් ලබාදී මත්වූ පසුව ඔවුන් දූෂණය කිරීමට ඔහු කටයුතු කර තිබේ. මොහු විසින් කලක් තිස්සේ මෙම ක්‍රියාව සිදු කර ඇත.

වරින්වර ඔවුන් දූෂණය කිරීමත් ඒ සෑම අවස්ථාවකම මුදල් ලබාදීමත් නිසා මෙම සිද්ධිදාමය පිටතට අනාවරණයවී නැත.

දැරියන් දූෂණය කරන අවස්ථා වීඩියෝවට නගා ගැනීමටද මොහු කටයුතු කර තිබේ.පසුගිය දිනෙක මෙම අතවර විඳින එක් දැරියකගේ පියෙකු ෆෙස්බුක් ඔස්සේ හුවමාරුවූ ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කණ්ඩයක් දැක එහි සිටින්නේ තම දිය‚ය හා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිඛෙන අතර ඒ පිළිබඳව දිය‚යගෙන් විමසීමක් කර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් පසු මොහු අත්අඩංගුවට පත්ව තිබේ.

සුනිල් බටගොඩගේ නිවස පරීක්ෂා කිරීමේදී ළාබාල තරු‚යන් 4 දෙනෙකු අවස්ථා ගණනාවකදී ඔහු අතින් දූෂණය වන ආකාරය අඩංගු වීඩියෝ සාක්ෂි සොයාගත හැකිවූ බව කැන්බරා පොලිසිය වාර්තා කර තිබේ.

මෙම දැරියන් සියල්ලන් වයස 14-15 අතර ඕස්ටේ්‍රලියානු ජාතික අයවූ බවද අනාවරණය වී තිබේ.ඕස්ටේ්‍රලියානු අධිකරණයට ඉදිරිපත් කරන ලදුව සුනිල් බටගොඩ ලබන වසරේ පෙබරවාරි 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛෙන අතර ඔහුට ලැඛෙන දඩුවම එදින තීරණය කරනු ඇත.

මෙම සිද්ධිය ඕස්ටේ්‍රලියාවේ ඒබීසී,ඩේලි මේල් ඇතුළු සියලූ‍ම ප්‍රධාන මාධ්‍ය වල විස්තර හා නම්ගම් සහිතව පළකර තිඛෙන අතර එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට අපකීර්තිය අත්කරදී ඇත.







Description: Man, 62, admits plying girls with booze and drugs before raping them while filming the sexual assaults
Loading...