January 18, 2018

Tagged Under: , , , ,

Samanalee and beer

By: Blog Poster On: 10:08 PM

සමනලී ෆොන්සේකා යහපාලනයට විරුද්දව උසාව යන්න හේතුව - මත්පැන් අයිතිය ඉල්ලයි


සමනළි ෆොන්සේකා කියන්නේ ජනප්රිය නිළියක්. ඇය නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. පසුගියදා රට තුළ කතාබහක් ඇති කරමින් මුදල් ඇමති මංගල සමරවීරගේ අනුදැනුම ඇතිව කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. නමුත් එම ගැසට් නිවේදනය ජනපතිවරයා අවලංගු කිරීමට කටයුතු කළා. එම ගැසට් පත්රය අවලංගු කිරීම අසාධාරණ බව කියමින් නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් 11දෙනෙකු අද නීතිය හමුවට ගොස් තිඛෙනවා.

කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට පවතින අයිතිය අවලංගු කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්රේෂ්ඨාධිකරණයට ඔවුන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් පෙන්වා දෙන්නේ අදාළ ගැසට් නිවේදනය කාන්තාවන්ට සමාන ලෙස සැලකීමට ගත් පියවරක් බවයි. එය අවලංගු කිරීමෙන් තමන්ගේ මූලික අයිතීන්ට පහර වැදුණ බවත් පෙන්වා දී තිඛෙනවා.

නිසි වයස සම්පූර්ණ කළ කාන්තාවන්ටද නිදහසේ තම වෘත්තීය සිදු කර ගැනීමේ අයිතිවාසිකම හිමි කළ යුතු යයිද පෙත්සමේ සඳහන් කර තිඛෙනවා.

මුදල් අමාත්යවරයා නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ගොනු කර තිඛෙන පෙත්සමේ කැබිනට් මණ්ඩලය ගත් බව කියන තීරණයකට අනුව එම ගැසට් නිවේදන අවලංගු කිරීම වරදක් බව පෙන්වාදී තිඛෙන බවත් සදහන්.

කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම උල්ලංඝණය නොකර නැවත එම ගැසට් පත්රය වලංගු කරවන මෙන් ඔවුන් ඉල්ලා තිඛෙනවා
Description: Samanali Fonseka, Actress, Sri Lankan Actress, Funny, Politics,
Loading...