May 30, 2018

Tagged Under: , , , ,

An interview with sri lankan hot actress anoma janadari

By: Blog Poster On: 9:54 AM

අනෝමා ජනාදරී විකිනුනු හැටි හෙලි කරයි

අනෝමා ජනාදරී නිරන්තරයෙන්ම ලිංගිකත්වය නිරුවත කතා කරන සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක් බවට පත් වෙලා. ඇය පුවත්පතක් සමග කළ කතාබහක් මේ.

අනෝමා සිනමාවේ දැන් ඉන්නේ කොතැනද?

ඇත්තටම දැන් මම සිනමාවේ ඉන්නේ කොතැනද? ඒක දීර්ඝව කතා කළ යුතු විස්තීර්ණ මාතෘකාවක්. මම කතා කළේ සිනමාව ගැන කාන්තාව ගැන. චිත්රපට හදපු බොහෝ අධ්යක්ෂවරු තමන්ගේ නිර්මාණය වෙනුවෙන් පෙනී හිටි කාන්තාවගේ කරපිටින් නැග්ගා. ඔවුන් ඒ කාන්තාවන් අපහරණයට ලක් කළා. මම මේ කියන්නේ මා ඇතුළු සියලූ‍ම කාන්තාවන් ගැන. අපි ගත්තොත් එහෙම දම්මි ෆොන්සේකා, චන්දි රසිකා, අනූෂා සොනාලි, සුමනා ගෝමස්, ගයේෂා පෙරේරා. මේ අතර මම ඉන්නේ වා.
ඔබ ඒ තුළ කලකිරීමට පත් වෙලාද ?
මම කිසිසේත්ම කලකිරිලා නෑ. මේක හරි තැනට ගන්න ඕන කියන දැඩි අධිෂ්ඨානයක මම ඉන්නවා.
මේ වෙනකොට මම ලබපු අත්දැකීම් මේකට මට පන්නරයක්. මට මේ අත්දැකීම පළමුවෙන් ලැඛෙන්නේ ‘තනි තටුවත්’ සමඟ. ඒ චිත්රපටයේ මට කිව්වේ නොතිබූ ගිවිසුමකට ගෙවිය නොහැකියි කියලයි. ගිවිසුමක් නොතිබුණාට මට ගෙවන්න. වික්කේ මගේ ඇඟ. ඒකයි මගේ අදහස වුණේ. ඊට පස්සේ 2013 අලූ‍ත් තරුණයකු අලූ‍ත් පිටපතක් අරගෙන එනවා. ඔහු මට කියනවා මේක අක්කා නිසා මම ලිව්වේ.
අක්කාට විතරයි මේක කරන්න ඉන්නේ. මේක මට කරලා දෙන්න කියලා. ඒ අතරතුර කතාබහ වර්ධනය වෙලා 2015 රූගත වෙනවා. ඉදිරිපත් කළා පිටපතක්. ඒකේ තියෙන්නේ 88 ජ් 89 කාලයේ සැමියා මියගිය බිරිඳක් දරුවෝ 08 දෙනකුත් සමඟ ජීවිතයට මුහුණ දෙන ගැහැනියක්. මේ පිටපතට අනුව මම කැමැති වෙනවා මේ පිටපතට අනුව ඇය විඳින අනේක විධ දුක් කම්කටොලූ‍වලට. ඒක ලොකු වපසරියක් තිබුණ චරිතයක්. ඒ අනුව ඒක කරනවා.

ඊට පස්සේ සිද්ධ වෙන්නේ මේකට fund කරලා තියෙන්නේ පිටරටින් ඔහුට. ඔහු මේක විදේශ සම්මාන උලෙළවලට ගෙනි යනවා. රූගත කළේ පිටපත තමයි. එක දර්ශනයක් මම කරන්නේ නෑ. ඒක අනවශ්ය දර්ශනයක් නිසා. මෙතැන්දී මේ පිටපතට අනුව රූගත කරපු චිත්රපටය අරගෙන මේ පුද්ගලයා විදේශ සම්මානවලට යනවා. මේ වන විට කොරියාව, ජපානය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, ඉතාලිය, ජර්මනිය යනාදී රටවල සම්මාන උලෙළවල ප්රදර්ශනය කරලා තියෙනවා. ඔහු ඒ චිත්රපටය ඉදිරිපත් කරලා විදේශ සම්මාන, කීර්තිය, මිල මුදල් සියළු දේවල් උපයාගෙන තිඛෙනවා.

දැන් ඒ චිත්රපටය මේ රටේ ප්රදර්ශනය කළ අවස්ථාවේ මම අහම්ඛෙන් දැනගෙන බලන්න ගියා. කොළඹ ඉඳන් තනිවම යාපනයට ගියා. ඒක බලත්දි සම්පූර්ණයෙන්ම මේක ඛ්භබ කරලා ඛ්ඩධන කරලා මොකක්දෝ මසල වඩයක් මෙහේ පෙන්වන්නේ. ඒකේ අසාධාරණය වෙන්නේ රඟපාපු මට සහ මේ රටේ ප්රේක්ෂකයාට. අධ්යක්ෂවරයාටත් ඒකෙන් හානියක්. මේ සිනමාකරු හරිම වංචනික. මේ වංචනිකයා මුලින්ම කළේ ඔහුගේ මුල් චිත්රපට නිළියට. ඇය සියලූ‍ දේ දරාගෙන නිහ~ වුණා. මට එහෙම ඉන්න බෑ.මම ඒ වෙනුවෙන් සටන් කරනවා.මම බඩගෝස්තරවාදයට රඟපාන්නේ නෑ. මම රඟපානවා නම් ඒ වෙනුවෙන් කැප වෙනවා. මට තිඛෙනවා මටම බැඳුණු ගිවිසුමක්. කලාව අපහරණය කරන්න බෑ. කලාව මම කරන්නේ ප්රේක්ෂකයන් ‘ ‘ ‘ ‘ ‘ ‘ වෙනුවෙන් තමයි මම කලාව භාවිත කරන්නේ.ඒ ඇගේ දැක්ම.

සිනමා ජීවිතය එසේ වුව ද දැන් ඇගේ පෞද්ගලික ජීවිතය තුළ ජීවත්වන ගැහැනිය කෙබඳු විය හැකි ද?

ඇත්තටම මට විශාල සමාජ, දේශපාලන දැක්මක් තියෙනවා. ඒ තුළ පිහිටා විශේෂයෙන්ම කාන්තාව පිළිබඳ මම මැදිහත් වෙලා වැඩ කරනවා.

කාන්තාව පීඩනයට පත්වීම පිළිබඳ නැඟී සිටීමේ අවශ්යතාවය මට දැඩිව තිඛෙනවා.. ඒක යුගයේ අවශ්යතාවය. අනෙක් පැත්තෙන් මම අම්මා කෙනෙක්. මට දරුවෝ කියන්නේ දරුවෝ. දරුවෝ ඇෙඟ් එල්ලගෙන වන්දි මුදල් අරගෙන ජීවත් වෙන්න මට උවමනාවක් නැහැ. මේ සමාජ දේ්ශපාලන දැක්මත් එක්ක අපි විවාහ වෙන්නේ. ඒ සමාජ මූලාශ්රයන් බිඳ වැටෙන කොට මට එතැන රැඳීමේ උවමනාවක් නෑ.

අම්මා කියන තැන බලනකොට මම විශ්වාස කරනවා මම හොඳ අම්මා කෙනෙක් කියලා. ඔවුන් නිසි පරිදි නිසි මාර්ගයට යොමු කරලා තියෙනවා. හොඳ අධ්යාපන පසුබිමක් ලබා දීලා තියෙනවා. කුඩා කාලයේ ඉඳලා ඔවුන් දෙන්නව ඉතාම හොඳින් ස්ථානගත කරලා තියෙනවා. ඒ නිසා මට ඒ ගැන පසුතැවිලි වෙන්න කාරණයක් නෑ. මම පසුතැවිලි වෙන එකම කාරණය තමයි මං වගේ ගැහැනු දරුවෝ දෙන්නෙක් හදන්න වෙච්ච එක. ඒක මට දැඩි පසුතැවිල්ලට කාරණයක්. මම හිතුවේම මම පිරිමි දරුවෝ හදන්නේ කියලා. නමුත් මට සිද්ධ වුණේ ගැහැනු දරුවෝ දෙන්නෙක් හදන්න.


 


Description: Anoma Janadari, Sri Lankan Actress, Funny, Cinema, Gossip, interview with sri lankan hot actress anoma janadari
Loading...