May 13, 2018

Tagged Under:

The top 10 most strongest alcoholic drinks in the world

By: Blog Poster On: 6:23 AM

ලොව වැඩිම ඇල්කොහොල් ප්‍රමානයක් ඇති අරක්කු වර්ග 10 මෙන්න




10. Absinthe ඇබ්සින්ත් (ඇල්කොහොල් ප්‍රමාණය 45%- 72% )


මෙය ඉතා සුලු ප්‍රමාණයක් භාවිතයන් විවිධ දේවල් සිතින් මවා ගනීම, සිහි මද ගතිය වැනි ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවෙයි. මෙය වෙළෙඳපොලේ ඉතා පහසුවෙන් ලබා ගත හැකි ඉතාමත් සැර ඇල්කොහොල් පානයක් වේ.
මෙය නිෂ්පාදනය කරන්නේ වර්ම්වුඩ් බාර්ක් (wormwood bark) නැතහොත් artemisia absenthium නැමැති ශාකයෙන්ය. මෙම මත් පැන් වර්ගය 45% ඇල්කොහොල් ප්‍රමාණයේ සිට 85% දක්වා වෙළෙඳපොලේ ඇති අතර මෙය භාවිතා කරන්නන් 72% පසු නොකරන බව සඳහන්. 85% ඇල්කොහොල් ප්‍රමාණය සහිත බෝතලයක් ගැහුවොත් මොකද වෙන්නෙ කියලා හිතා ගන්න පුලුවන් නෙ.

9. Bacardi 151 බකාඩි 151 (ඇල්කොහොල් ප්‍රමාණය 75.5% )


75.5%ක් පමණ වූ සැරක් සහිත මෙම බකාඩි බෝතලය වෙළෙඳපොලට පැමිණෙනනේ එහි සැර රඳවා තබා ගැනීමට ඇති, මළනොබැඳෙන වානේ ගිනි පාලකයක් (fire arrestor) සහිත මූඩියක් සමඟයි. රම් සහිත කොක්ටේල් පාන වන daiquiris සහ Cuba Libre සඳහා මෙම මත්පැන් වර්ගයෙන් ඉතාමත් සුළු ප්‍රමාණයක් භාවිතා කරයි.

8. Devil Springs Vodka ඩෙවිල් ස්ප්‍රින් වොඩ්කා (ඇල්කොහොල් ප්‍රමාණය 80% )


80%ක ඇල්කොහොල් ප්‍රමාණයක් පමණයි සහිත මෙම වොඩ්කා වර්ගය ලෝකයේ ජනප්‍රිය බවින් අඩුම වොඩ්කා වර්ගයයි. මෙම වොඩ්කා වර්ගය බොහෝ විට පාවිච්චි කරනුයේ ෆ්ලේමින් ෂොට්ස් (flaming shots) සහ ඉඟුරු සාරය මිශ්‍ර කොක්ටේල් පාන සඳහා වේ.( ෆ්ලේමින් ෂොට්ස් යනු වොඩ්කා, දෙහි යුෂ සහ grenadine බාර් සිරප් එක වීදුරුවකට දමා ඊට ගින්දරා දල්වා පානය කරන දෙයක්)

7. Sunset Rum සන්සෙට් රම් (ඇල්කොහොල් ප්‍රමාණය 84%)


මෙය දැනට ලෝකයේ ඇති ඉතාමත් සැර රම් වර්ගයක් වේ.
84.5% ඇල්කොහොල් ප්‍රමාණයක් ඇති මෙම රම් වර්ගය වැඩි පුර පානය කලහොත් පුද්ගලයෙකුගේ දැනීම් නැති වී ස්නායු අඩපණ වීමට ඉඩ ඇත.මෙය එකවර වැඩි ප්‍රමාණයක් පානය කලහිත් ඔබගේ උගුර තුවාල වීමට ඉඩ ඇත.

6. Good ol’ Sailor Vodka ගුඩ් සෙයිලර් වොඩ්කා (ඇල්කොහොල් ප්‍රමාණය 85%)


මෙය වැඩිපුර භාවිත වන්නේ ස්විඩනයේ වන අතර ලෝකයේ අනෙක් රටවල ඉතාමත් අඩුවෙන් පාවිච්චි වේ. 85%ක ඇල්කොහොල් ප්‍රමාණයක් ඇති මෙම වොඩ්කා වර්ගය පානය අක්මාවට නම් කොහෙත්ම දරා ගන්න බැරි බවයි සඳහන් වන්නේ.

5.  Balkan බල්කන් (ඇල්කොහොල් ප්‍රමාණය 176-88% )


ස්කැන්ඩිනේවියාවේ ඇති සැරම මත්පැන් වරගය ලෙස මෙය හදුන්වන්න පුලුවන්. 88%ක් ඇල්කොහොල් ප්‍රමාණයක් ඇති මෙම බල්කන් මත්පැන් වර්ගය ඉතාමත් සැර, වර්ණයක් රහිත, ගන්ධයක් රහිත සහ රසක් රහිත මත්පැන් වර්ගයක් ලෙස හදුන්වන්න පුලුවන්. මෙය පමණට වඩා වැඩි ප්‍රමාණ පානයෙන් ඇල්කොහොල් විසවීමෙන් මිනිසුන් මරණයට පත් වූ අවස්ථා වාර්තා වේ.

4. Pincer Vodka පින්සර් වොඩ්කා (ඇල්කොහොල් ප්‍රමාණය 88.8%)


88.8%ක ඇල්කොහොල් ප්‍රමාණයක් ඇති මෙම වොඩ්කා වර්ගය දැනට ඇති සැරම වොඩ්කා වර්ගය වේ. මෙය නිපදවනේ ස්කොට්ලන්තයේය.

3. Bruichladdich X4+1 Quadrupled whisky බෘයික්ලඩික් X4+1ක්වාඩ්රුප්ලඩ් විස්කි (ඇල්කොහොල් ප්‍රමාණය 92%)


92%ක ඇල්කොහොල් ප්‍රමාණයක් ඇති මෙම විස්කි වර්ගය,වැඩිම ඇල්කොහොල් ප්‍රමාණයක් ඇති තනි මෝල්ට් විස්කි පානය වේ. ඉතාමත් අසීරු,මිල අධික වෑස්සුම් ක්‍රියාවලික් ඇති නිසා මෙම විස්කි වර්ගය සැරෙන් අධික සහ ඉතාමත් පවිත්‍ර විස්කි වරගයකි.

2. Everclear එවර්ක්ලියර් (ඇල්කොහොල් ප්‍රමාණය 95% )


සමහර අය එවර්ක්ලියර් මත්පැන් වරගය ලොව සැරෙන් අධිකම මත්පැන් වරගය ලෙසද හැදින්වුවද මෙය ලොව දෙවෙනියට සැරෙන් අධික මත්පැන් පානය ලෙස හැදින්විය හැක. ධාන්‍ය ස්ප්‍රීතු වලින් යුත් මෙය 95%ක මාරාන්තික ඇල්කොහොල් ප්‍රමාණයකින් යුක්‍ත වේ. මෙම මත්පැන් වර්ගය ඉතාමත් සැර, වර්ණයක් රහිත, ගන්ධයක් රහිත සහ රසක් රහිත මත්පැන් වර්ගයකි. මෙය වැඩි පුර රස බලන්න ගියොත් ඊළඟ පාර රස බලන්න දිවක් නැති වෙන බවයි පාවිච්චි කල අය පවසන්නේ. මෙය ඇමරිකාවේ ලක්ස්කෝ ස්ප්‍රීතු ආයතනයෙන් නිපදවයි.

1. Spirytus Rektyfikowany ස්පයිරිටස්  රෙක්ටිෆිකොවනි (ඇල්කොහොල් ප්‍රමාණය 96%)


මෙම පවිත්‍ර කවලම් නැති ස්ප්‍රීතු වර්ගයේ ඇල්කොහොල් ප්‍රමාණය 95.6%ක් පමණ වේ. කීමට මදක් අපහසු මෙම වොඩ්කා වර්ගය මාරාන්තික ඇල්කොහොල් ප්‍රමාණයක් සහිත මත්පැන් වර්ගයකි. ඉතාමත් පොඩි ෂොට් එකක් නැත්නම් අවශ්‍ය පමණය වඩා මෙය පානය කලහොත් පානය කරන්නා එලොව යවන්න මෙයට හැකියාවක් තියෙනවා. බොහෝ දෙනා දන්න එවර්ක්ලියර් පානයටත් වඩා සැර මෙම පානය ලොවසැරෙන් අධිකම මත්පන් පානය ලෙස හදුන්වන්න පුලුවන්.
Description: Ranking of the strongest alcoholic drinks available in the market
Loading...