September 22, 2018

Tagged Under: , , ,

Vinu Udani Siriwardhana marriage wedding

By: Blog Poster On: 5:11 PM

මංගල යෝජනා බාර ගැනීම අවසන් – විනූට මොකද වුණේ ?

Vinu Udani Siriwardhana marriage wedding
ඔබ වෙදනටත් වඩා කාර්යබහුලයි කියන්නෙ ඇත්තද?
ඔව්. වෙනදාටත් වඩා ගොඩක් කාර්යබහුල වෙලා තියෙනවා.
ළඟදි චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ආරාධනා කිහිපයක්ම ලැබුණා. භාරගත්ත වැඩවල තවම ෂූටින් ඉවර නැහැ. ළමා චිත්‍රපටයකට රංගනයෙන් දායක වුණා. ඒ වැඩ ඉවර වුණා.
වසර කීයක් වෙනවද ක්ෂේත්‍රයට එකතුවෙලා?
මේ වෙද්දි වසර හයක් ගතවෙලා තියෙනවා.
විනූ වැඩි දායකත්වයක් ලබාදෙන්නේ පුංචි තිරයටද? රිදී තිරයටද?
මට සමානවම අවස්ථා ලැබුණා පුංචි තිරයටත් රිදී තිරයටත් සම්බන්ධ වෙන්න. ඒ අවස්ථාව හැමෝටම ලැබෙන්නෙ නැහැ. ගොඩක් අය පුංචි තිරයෙන් ජනප්‍රිය වුණාම රිදී තිරයට තිබෙන අවස්ථාව අඩුයි කියලා මතයක් තිබ්බා. මම ක්ෂේත්‍රයට ආපු මුල් භාගයේම මට දෙකටම සමානව දායක වෙන්න ලැබිම වාසනාවක් කියලයි මම හිතන්නේ.

චරිත තෝරාබේරා ගැනීමේදී වැඩි අවධානයක් දෙන්නේ තිර පිටපතටද අධ්‍යක්ෂවරයාටද?
තිර පිටපත ගැන තමයි මුලින්ම බලන්නේ. මේ චරිතයට කොපමණ සාධාරණයක් කරන්න පුළුවන්ද කියන දේ මම මුලින්ම බලන්නේ. මට හොඳ අධ්‍යක්ෂවරුන් එක්ක වැඩ කරන්න ලැබුණු නිසා මම රංගනයෙන් දායක වුණු නිර්මාණවලට හොඳ ප්‍රතිචාර ලැබුණා.
මෙගා ටෙලි නාට්‍යවල රංගනයෙන් දායක වීම වෙහෙසකර නැද්ද?
ඒක වෙහෙසකර දෙයක් වුණත් ආශ්වාදයක්.
විනූ වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක්ද?
මම වැඩි කාලයක් දෙන්නේ රංගනයට. ඊට අමතරව ක්ෂේත්‍ර කිහිපයක්ම නියෝජනය කරනවා. මම රූප රාජිනියක් ලෙසයි ක්ෂේත්‍රයට ආවේ. ඒ නිසා නිරූපණ කටයුතුවලටත් දායක වෙනවා. ව්‍යාපාරික පැත්තට යොමුවෙන්නත් අදහසක් තියෙනවා.
ඉදිරියේදී වැඩි කාලයක් ව්‍යාපාර පැත්තට යොදවනවාද?
එහෙමත් නැහැ. විනෝදාංශයක් විදිහටයි කරන්නේ. මගේ විලාසිතා එක්ක ලංකාවේ විලාසිතාවලට වෙනසක් කරන්න පුළුවන් කියලා.
නිවේදනයෙන් ඈත්වෙලාද?
මේ දවස්වල නම් නිවේදනයට දායක වුණේ නැහැ. අවුරුදු තුනක් නිවේදනයට සම්බන්ධ වුණා. ගොඩක් ආරාධනා ලැබුණා. තවම හොඳ වැඩසටහනකට ආරාධනා ලැබුණේ නැහැ.
ඔබ සැබෑ ජීවිතයේ මොන වගේ චරිතයක්ද?
අහිංසක සහ සංවේදී චරිතයක්. මම නිතරම හිනාවෙලා ඉන්න කෙනෙක්. සංවේදී නිසා ඉක්මනටම හිත රිදෙනවා.
කලා ක්ෂේත්‍රයේ වැඩවලට වැඩි කාලයක් යොදවන නිසා පුද්ගලික ජීවිතය මගහැරිලාද?
එහෙම මගහැරිලා නැහැ. හැමදාම දෙමව්පියන්ගෙන් සහාය ලැබෙනවා. ගෙදරට මගේ යුතුකම්වලින් අඩුවක් කරන්නේ නැහැ.
තවමත් විවාහ යෝජනා එනවද?
දැන් විවාහ යෝජනා භාර ගැනීම අවසන් කරලා තියෙන්නේ.
ඒ කියන්නේ විනූ පෙම්වතියක්?
ඔව්. මම දැන් ආදරය විඳිනවා.
ළඟදිම විවාහ වෙන්න අදහසක් තියෙනවාද?
ළඟදිම ‍නෙවෙයි. තව අවුරුදු දෙකකින් වගේ මම විවාහ වේවි.
විනූගේ පෙම්වතා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ද?
නැහැ. එයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් ‍නෙවෙයි. එයා විදේශගත වෙලා වැඩිදුර අධ්‍යාපනය ලබන කෙනෙක්.
ඔහුව මුණගැහෙන්නේ විවාහ යෝජනාවකින්ද?
විවාහ යෝජනාවක් කියන්නත් පුළුවන්, ආදර සම්බන්ධයක් කියන්නත් පුළුවන්. මගේ පියාත්, ඔහුගේ පියාත් හොඳ යාළුවෝ. ඒ නිසයි අපිට හඳුන ගන්න ලැබෙන්නේ. අපේ අදහස් ගැළපෙන නිසා ඔහුට කැමති වුණා.
විවාහයෙන් පස්සෙ විදේශගත වෙනවාද?
එහෙම නැහැ. අපි දෙන්නම කැමති ලංකාවේ ජීවත් වෙන්න.
තිළිණි කරුණාරත්න

Vinu Udani Siriwardhana marriage wedding 
Vinu Udani, Actress, Gossip, Sinhala
Description: Vinu Udani Siriwardhana marriage wedding Vinu Udani, Actress, Gossip, Sinhala
Loading...